සිය විවාහක බිරිඳගෙන් පොලු පහර කා අනියම් බිරිඳ ලවා තෙල්ගාවා ගත් පුද්ගලයකු සම්බන්ඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 44 හැවිරිදි දෙදරු පියෙක් සිටී. මොහු කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසර 12 ක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම දෙදරු පියා පෞද්ගලික ආයතනයේ සේවය කරන සැමියා හැර ගොස් සිටින එක් දරු මවක සමග වසර පහක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව ද වාර්තා වෙයි.
මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳ විවාහක බිරිඳ දැන ගෙන ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඒ දුරකථනයේ තිබූ කෙටි පණිවිඩ කිහිපයකිනි.
සිය සැමියා අනියම් සම්බන්ධයක් පවත්වනවා යැයි දැන ගත්ත ද බිරිඳ ඒ සම්බන්ධයෙන් සැමියාගෙන් විමසීමට ගියේ ද නැත. පසු ගිය දිනක වැඩට යනබව පවසා වෙනදාට වඩා ලක ලැහැස්ති වී ගිය සැමියා පිළිබඳ බිරිඳට සැකයක් ඇති විය.
පසුව ඇය දරුවන් දෙදෙනාත් රැගෙන දහවල් කෑගල්ල නගරයේ සිය සැමියා සේවය කරන පෞද්ගලික ආයතනයට ගොස් සැමියා පිළිබඳව විමසීමක් ද කළාය. එහිදී ආයතනයේ සේවය කරන සේවකයකු කාන්තාවට පවසා ඇත්තේ සැමියා එදින වැඩට පැමිණියේ නැති බවත් පෙර දින වැඩ ඇරී නිවසට යන අවස්ථාවේ දී පසුදා නොඑන බව පවසා ගිය බවත්ය.
පසුව කාන්තාව දරුවන් දෙදෙනා සමග නිවසට පැමිණ ඇති බව ද වාර්තා වෙයි. සැමියාද වෙනදා පැමිණෙන වේලාවට නිවසට පැමිණියේය. ඔහු ඇඳුම් ගලවා නා ගැනීමට නිවෙස පිටුපස තිබූ වතුර ටැංකියට ගිය වෙලාවේ දි බිරිඳ දුරකථනය පරීක්ෂා කළාය.
එහිදි ඇයට දැකගත හැකි වි ඇත්තේ අනියම් බිරිඳ සමග මහනුවර වැව අසලදී කරට උඩින් අත දමාගෙන හා හෝටලයකදී අනියම් කාන්තාව යම් කෑමක් සිය සැමියාට කවන අයුරු ගත් සෙල්පි ඡායාරූප කිහිපයකි.
පසුව කාන්තාව සිය සැමියා නාගෙන ගෙට පැමිණීමෙන් පසුව අද ඔයා වැඩට ගියේ නැද්ද? මම ගියා වැඩ කරන තැනට ඔයා සිටියේ නැහැ කොහේද අද හදීසියේම ගියේ යැයි ඇසුවාය. පසුව දෙදරු පියා පැටලි පැටලි බොරු ගොතනවිට කාන්තාව තරමක් ආවේගශීලි වූවාය. දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් වූ අවස්ථාවේ දෙදරු පියා බිරිඳට අතින් පහර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
පසුව දරුවන් දෙදෙනාගේ ද හඬා වැළපීම මධ්‍යයේ බිරිඳ කුස්සියේ තිබු පොල්ලකින් සිය සැමියාගේ පිට හරහා පහර කිහිපයක් එල්ල කළාය. පසුව දෙදරු පියා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී බසයෙන් අනියම් කාන්තාවගේ නිවසට රාත්‍රියේ ගොස් පොලු පහර වැදී ගෙඩි ගැසුණු තැන්වලට තෙල් ගල්වාගත් බවද වාර්තා වෙයි.
-කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින්
sampath Saturday, 19 September 2020 02:41 PM
මේ මනුස්සයා ගෙදරට සලකනවා නම් ආයේ මොන එහෙකටද පොලුවලින් ගහන්නේ..? මොකක්හරි අඩුවක් නිසා වෙන සම්බන්ධයක් ඇති. බටහිර රටවල නම් මරාගන්නේ නැහැ. එකට කාලා බීලා, කතාකරලා සුහදව ජීවත් වෙනවා.
Sampath Thursday, 24 September 2020 02:05 PM
සම්පත්, මමත් සම්පත් , ඔයාගේ බිරිඳ මේ වගේ වැඩක් කළොත් ඔයාට කොහොමද දැනෙන්නේ? දැන් බටහිර පන්නෙට පුරුදු වෙන්න කියලද ලාංකිකයින්ට කියන්න හදන්නේ? මේ ප්‍රශ්නය ඔයාට ඇතිවෙන දවස වැඩි ඈතක නෙවෙයි. මොකද ඔය කියන බටහිර පන්නයේ අය තමයි අද ලංකාවේ 99%ක් ඉන්නේ. ඉතින් කොහෙද සමාජය, දරුවෝ හදන්නේ? ඔයාට දරුවෝ හෙම ඇතිනේ. දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මේ ක්‍රමය. එයාලා ලොකු වුණාමත් ඒක අනුගමනය කරන්න කියන්න. ඔන්න සම්පත්ගේ මොලේ....