X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බ්රිය අනියම් රංගනයට ගිය සැමියා ගෙදරින් පන්නලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නීත්‍යනුකූල බිරිය අනියම් ප්‍රේම රංගනයක යෙදුණු සිය සැමියා  ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට අනියම් බිරිය බාර ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය.


විවාහක නීත්‍යනුකූල සැමියාට හා බිරියට දරුවන් තිදෙනෙකි.


එම දරුවන් තිදෙනාමත් විවාහ වී ඔවුනට ද දරු මල්ලෝ සිටිති.


විවාහක සැමියා පෞද්ගලික රැකියාවක නිරතව සිටිය දී  සිදු වූ අනතුරකින් පසුව පාදයේ කොටසක් කපා ඉවත් කිරීමට සිදු විය. එසේ වුවද සැමියාට අහිතක් නොකර ඔහු පණ මෙන් රැක ගත් බිරිය සමඟින් ඔවුහු සතුටින් වාසය කළහ.


ටික කලක් ගත වනවිට සැමියාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් දුටු බිරිය ඒ ගැන විමසිල්ලෙන් සිටියාය.


සිය සැමියා විවාහක තවත් කතක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ඇයට හැකි විය.


එය නවත්වන්නට කියා ඇය මෙන්ම ඔවුන්ගේ දරුවන්ද ආයාචනා කර ඇතත් එහි වර්ධනයක් මිස අත්හැරීමක් දක්නට නොලැබුණි.
 ඒ පිළිබදව උකුසු ඇසින් පසු වු බිරිය ඔහු අනියම් කත සමඟ වාසය කරන අතරේ ඇය වහාම පොලිසියට පැමිණ ඒ ගැන පැමිණිලි කළාය. ඒ අනුව එම සැමියා හා අනියම් කත පොලිසියට කැඳවන ලදි.


සිද්ධිය ගැන මුල සිට අග දක්වාම අදාල පැමිණිලි අංශය මගින් විභාග කෙරුණි.


සැමියා යළි එවැනි වරදක් නොකරන බවටත්, අනියම් කත එම සම්බන්ධය අත හරින බවටත් පොරොන්දු වූහ. පැමිණිල්ල කළ නීත්‍යනුකූල බිරිය කකුළක් නොමැතිව සිටියදී පවා රැක බලා ගත්  සැමියා ප්‍රතික්ෂේප කළාය. පොලිසිය සිද්ධිය සමථයකට පත් කිරීමට කොතෙක් උත්සාහ කළද සියල්ල නිශ්ඵල විය.


අවසානයේ හොර රහසේ ප්‍රේම රංගනයක යෙදුණු විවාහක කතට  අන් අයකුගේ සැමියෙකු බාර ගැනීමට ඇයට සිදු වූවාය.


ගිය මඟ වැරදුණු බව දත් 47 වැනි වියේ පසු වු  සිය සැමියා  තනි කකුලකට වාරු දිදී අනියම් කත සමඟ අමුතු බත් කෑම සඳහා නව නිවහනක් කරා නික්ම යන දෙස 17 වසරක් තිස්සේ ඔහු හා එකට විසූ බිරිය පොලිසියේ රැඳී බලා සිටි නමුත් ඒ දසුන් දැකීමට ඔවුන්ගේ දරු මුණුපුරන් පවා පොලිසියට පැමිණ සිටියේ නැතිලු.

 



අදහස් (4)

බ්රිය අනියම් රංගනයට ගිය සැමියා ගෙදරින් පන්නලා

himal Saturday, 03 July 2021 11:01 AM

මෙතන කියනවා ඔය විවාහක යුවලට ළමයි තිදෙනක් ඉන්නවා... එයලා බැඳලා කියලා. ඊට පස්සේ කියනවා බැඳලා වසර 17යි කියලා. එතකොට ඒවා බාල වයස්කාර විවාහද? අනෙක අනියම් සබඳතා තිබ්බා කියලා දඬුවම් දෙන්න පොලිසියට බෑ... කරන්න පුළුවන් එකම දේ දික්කසාදයට නිමිත්තක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ බිරිඳ පොලිසි ගිහින් සමථයට පත්වෙන්න කැමතිත් නැත්නම් දික්කසාද වෙනවා හැර වෙන වැඩක් නෑ.

:       2       24

දිමුත්Tuesday, 06 July 2021 01:44 PM

මටත් පේන්නේ පාඨකයින් පිනවන්න බොරුවට ගොතන කතා වගේ...

:       0       4

sampath Sunday, 04 July 2021 10:03 PM

අනාචාරය කියන විවාහක වරද යටතේ සාමාන්‍යයෙන් දික්කසාද නඩු පැවරීමක් කරන්න අපහසුයි... මේක ද්වේශ සහගත අත්හැර යාමක්... හෝ අනුමිත ද්වේෂ සහගත හැරයාමක් පේන්න නැහැ... ඒ නිසා දික්කසාදයක් ලබාගන්න පහසු නෑ... තියෙන කරුණු අනුව...

:       0       0

pakeer Tuesday, 06 July 2021 12:43 AM

මේවා බොරු කතා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site