ඔහු අනුරාධපුර නගරයේ පදිංචි රජයේ නිලධාරියෙකි. ඔහු පසුගියදා අසනීපයෙන් පසුවන සිය බිරිඳගේ මව බැලීමට අනුරාධපුරයේ සිට ගම්පහට ගියේ සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද සමගිනි. බිරියගේ මව අසනීපයෙන් නිසා ඇගේ උදව්වට සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද දින කිහිපයකට නවතා අනුරාධපුරයට එන අටියෙන් ඔහු රජරට රැජින දුම්රියට නැග අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී අටට පමණ බැසගත්තේය.
දුම්රිය ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ ඔහු ඒ ආසන්නයේ තිබූ සුපිරි හෝටලයකින් පැය භාගයකටත් අධික කාලයක් පෝලිමේ සිට රුපියල් 290ක් ගෙවා මස් මාළු සහිත කෑම පාර්සලයක් මිලදී ගත්තේ බිරියත් දරවනුත් නැති මොහොතේ පොඩි පහේ අඩියක් ගසා සුව නින්දකට වැටෙන්නටය.
හෝටලයෙන් මහමඟට පිවිසි ඔහු ත්‍රිරෝද රථයකට ගොඩවිය. “මල්ලි මට තුන්වැනි පියවරටයි යන්න ඔනේ. යන ගමන් ඔය වම් අත පැත්තේ තියෙන වයින් ස්ටෝර්ස් එක ගාව විනාඩියකට නතර කරන්න”. ත්‍රිරෝද රථ රියැදුරා වයින් ස්ටෝර්ස් එක ඉදිරියෙන් ත්‍රිරෝද රථය නතර කළේය. “මල්ලි මගේ කෑම පාර්සලය පිටිපස්සේ. පොඞ්ඩක් බලාගන්න” පැවසූ ඔහු කඩිනමින් ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ ඉස්තරම් වර්ගයෙන් භාගයකුත් රැගෙන නිවසට ගොස් ඉක්මනට නාලා අඩියක් ගැසීමේ චේතනාවෙනි.
කඩිමුඩියේ වයින් ස්ටෝර්ස් එකෙන් බාගයත් රැගෙන කලිසම් සාක්කුවේ දමාගෙන ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයට පැමිණ වටපිට බැලුවත් ඒ වන විටත් ත්‍රිරෝද රථ රියැදුරා කෑම පාර්සලයද රැගෙන පලාගොස් තිබුණි. නැවත වතාවක් හෝටලය වෙත ගිය ඔහු තවත් අඩ හෝරාවකට වැඩි කාලයක් පොලිමේ සිට නැවත රුපියල් 290 ක් ගෙවා කෑම පාර්සලයක් ගෙන වෙනත් ත්‍රිරෝද රථයකට නැග කෑම පාර්සලය අතේම තබාගැනීමට ඔහු වගබලා ගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්
පිරීස් Monday, 23 May 2016 09:08 AM
අර සුද්දෝ වගේ කෑම කාල ඉවරවෙලා අඩිය ගැහුවා නම් ඔහොම වෙන්නේ නැහැ.(හේ)
සදුන් Monday, 23 May 2016 09:10 AM
දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)
පිටබැද්දර ජයා Monday, 23 May 2016 09:51 AM
කමක් නැහැ මහත්තයෝ , දානේ වේලක් දුන්න කියල හිත හදාගෙන ගහන්නයි තිබුනේ බාගේ කන සාකුවට වැටෙන්න (අ)
අජිත් Monday, 23 May 2016 11:51 AM
එතකොට ඔන්න ඔහොමයි දැන් ලංකාවේ තත්වේ! ජීවන වියදම අහස උසට, ඉස්සරහට බත් පැකට් එකට මිනිමරයිද දන්නෙත් නැහැ. යහපාලනයට ජයවේවා.... කෝ මේ අර පරපුර..(බ)
ජයතිලක Monday, 23 May 2016 12:28 PM
මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. (ර)
බමුණු Monday, 23 May 2016 03:07 PM
අපිත් කන බොන මිනිස්සු ඔයවගේ අය ඉන්නව පරිස්සම් වෙන්න. කමක් නැහැ තව 290 දීල කෑම පැකට් එකක් ගන්න. ඕවත් වැඩද අපි විනෝද වෙන්න ඔයිට වඩා වියදම් කරනවා. (බ)
බමුණු Monday, 23 May 2016 03:10 PM
මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. නැතුව නැතුව වෙන මොන ඉටිගෙඩියක් කොරන්නද. අපිත් විනෝදයට ලියනවා.(බ)
ගුණවර්ධන Monday, 23 May 2016 06:36 PM
බමුණුගේ කතාව හරි. මමත් අනුරපුරයේ. රට හිටියත් මට මේවගේ කොච්චර දේවල් වෙලා තිබෙනවද? වැව් ගානේ විනෝද වෙනකොට කොච්චර වියදම් කරනවද, යාළුවන් එක්ක? කොච්චර දේවල් නැතිවුණාද? ඕවා ඔහොම තමයි (නි)
හිමාල් Tuesday, 24 May 2016 03:00 AM
ඔය හෝටලේ කෑම ටිකක් ගණන්. මේ රියදුරා යන්න ඇත්තේ කෑම පාර්සලේ උස්සන්න හිතාගෙනම නොවෙයි. මෙයා රටබීම හලේ ගොඩක් වෙලා ඉන්න ඇති. ඔය හරියේ ඉන්න ත්‍රීරෝද රථ රියදුරන්ට බත් පැකට් එකක් මහ ලොකු දෙයක් නොවෙයි. (නි)
සිසිර Wednesday, 25 May 2016 08:54 AM
අජිත්, ඔයා හරියට කියවන්න. සුපිරි හෝටල් වල ඊටවඩා වැඩි ගණන් වලට කෑම පාර්සල් තියනවා. අනිත් ඔක්කොටම මේක විනෝදයක්. ඔයාට විතරක් යහපාලනයක්. මොකද ලෙඩේ ? (නි)
චින්තක Wednesday, 25 May 2016 03:03 PM
බමුණු ජොලි කෙනෙක් වාගේ . හදුනාගන්න කැමතියි (බ)
අශෝක Thursday, 26 May 2016 10:30 AM
වයින් ස්ටෝර් වලට ගිහින් හොදට ලනු කාපු කෙනෙක්ද කියල අපි කොහොමද දන්නේ? බලන් ඉදල යන්න ඇති අදත් අතින් පාඩුයි කියල හිතාගෙන. (බ)