X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බාගෙට ඇඳන් ගිය කලිසම දරුවකු එල්ලී බිම වැටිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
දැන් දැන් අලූත් විලාසිතාවක් ලෙස බොහෝ තරුණයන් තම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. මෙසේ කලිසම බාගෙට ඇඳ ගිය තරුණයකුගේ කලිසමේ කුඩා දරුවකු එල්ලීම නිසා දරුවායි කලිසමයි බිමට වැටුණු සිද්ධියක් මැදරට ප‍්‍රදේශයේ නගරයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.
තම අඳින පළදින ඇඳුම් අතරින් නිතරම ඩෙනිම් අඳින ඔහු තමන් එම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත.


ඩෙනිමට දමා ඇති දිග ලොකු පොකට් එකේ භාගයක් එළියට පේන අතර පොකට් එක ඇත්තේ කලිසම ඇන්ද පසු දණහිසට අඟල් 3ක් පමණ ඉහළින්ය.

දිනක් ඔහු බසයට නගින්නට යද්දී කුඩා දරුවකු සෙල්ලමට මෙන් පැමිණ පොකට් එක ගැනීමට කලිසමේ එල්ලී ඇත්තේ නොතේරුම් කම නිසාවෙනි. ඒ සමගම ඇඳ  සිටි කලිසම ගැලවී ඒත් එක්ක ළමයාද බිමට ඇද වැටී ඇත. සිද්ධ වූ ඇබැද්දිය නිසා දෙනෝ දාහක් සෙනඟ මැද කලිසම නැවත උඩට කර ගත් ඔහු එයද අල්ලා ගෙන දිව ගියේ ලැජ්ජාව දරා ගැනීමට නොහැකි නිසාවෙනි.



අදහස් (0)

බාගෙට ඇඳන් ගිය කලිසම දරුවකු එල්ලී බිම වැටිලා

සුරේන් Friday, 20 March 2015 11:36 AM

සමන්තලාල් කුමාරසිංහ ගේ අදහස නිවැරදියි. මෙම විලාසිතාවේ මූලාරම්භය ඇමෙරිකාවේ සිරගෙවල් තමයි. (හේ)

:       0       0

සිල්වියා Monday, 23 March 2015 09:14 PM

මම නම් අහලා තියෙන්නේ ඕක ආවේ අප්‍රිකාවෙන්. මොකද ඒ රටවල් දුප්පත්නේ! පොහොසත් රටවල මිනිස්සු අප්‍රිකානු රටවල් වලට තමන්ගේ පරණ ඇදුම් පරිත්‍යාග කරනවා. නිකම් හම්බවෙන දේ දිග පළල බලන්නේ නැහැනේ. දුප්පත් කෙට්ටු කොල්ලෝ ඇඳගෙන යනවා කඩා වැටි වැටී. මේක දකින අනිත් අය හිතන්නේ මේක තමා ලෝකේ අලුත්ම විලාසිතාව කියලා. (නි)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Monday, 23 March 2015 01:04 PM

කලිසම ඔය විදියට අදින්නේ දෙකටම නැති අය (නදී)

:       0       0

ධම්ම Monday, 23 March 2015 11:37 AM

මෙහෙම ඇන්දාම දැනෙන සතුට විදින්න කවුරු කවුරුත් ඇඳලා බලන්නකෝ. (අ)

:       0       0

රුවන් Sunday, 22 March 2015 09:30 PM

කටුස්සෝ රත්‍රන් නොබඳිති. ලෝකෙම තියන කුණු ගන්නේ හරියට විලාසිතාවක් කියලා.විලි වහගනිල්ලා මිනිසුනේ! (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 22 March 2015 01:28 PM

මගේ කලිසමත් නිතරම පහළට වැටෙන්න පටන් ගත්තා. ඒ පාර මම ඒකට සුදුසු ක්‍රමයක් අනුගමනය කරලා ඒක වළක්වා ගත්තා (නි)

:       0       0

ශාන්ත සෞදි Saturday, 21 March 2015 06:10 AM

ඕවා නුඹට හොඳ පාඩම් නුඹ නාඬන්, නුඹ නාඬන් කියලා මට කියන්න හිතෙනවා හොදම වැඩේ (නදී)

:       0       0

ජයන්ත Friday, 20 March 2015 11:50 PM

ඕක සැන් ප්‍රැන්සිස්කෝ වල නම් කොච්චරවත් දකින්න තිබෙන දෙයක්. අද මම ගිය බස් එකේ තුන්දෙනෙක්ම ගියා කලිසම හොඳටම පහළට දාගෙන. මම අද නිකමට හිතුවා අනාගතේ කාන්තාවොත් ඔහොම අඳින්න පටන් ගත්තොත් කොහොමට හිටීවිද කියලා. (නි)

:       0       0

හේමන්ත Friday, 20 March 2015 09:12 PM

කුමාර, කුඹුරේදී අමුඩ ඇන්දට, යට ඇඳුම ඇඳගෙන නෑවාට එම ඇඳුමින්ම පොදු ස්ථාන වල ගැවසෙන්නේ නැහැනේ.වර්තමානයේ ගොඩක් අය ඇඳුම් අඳින්නේ නොඇඳ බැරිකමටද කොහෙද? විලාසිතාව තම සිරුරට ගැළපෙන පිළිවෙළට කරනවා මිස කරන්නන් වාලේ කළවිට ලස්සන නැහැ. අපේ තරුණ පිරිස මෙය වටහා නොගැනීම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

පිටිගල Friday, 20 March 2015 05:14 PM

පිරිමි ළමයි විතරද, ඇයි ගැහැණු ළමයි? කලිසමට වැහෙන්න ඕනෑ හරියෙන් අඩක්ම එළියේනේ. එහෙමත් ඇඳගෙන යන උජාරුව එපායැ බලන්න වැඩේ. (නි)

:       0       0

නිරන්ජන් Friday, 20 March 2015 04:26 PM

සමන්ත ලාල් කුමාර, ඔයා බටහිර රටවල අත්දැකීම් තිබෙන කෙනෙක් නිසා වැඩේ ගැන හොඳට දන්නවා වගෙයි. බලාගෙන ගඟේ නාද්දී දිග කලිසමක් ඇඳගෙන නාන්න. (නි)

:       0       1

පසන් Friday, 20 March 2015 03:20 PM

හොද වැඩේ.(හේ)

:       0       1

සුජානි Friday, 20 March 2015 11:48 AM

හොද වැඩේ.දැන්වත් කලිසමක් අදින්න පුරුදු වෙයිනේ.(හේ)

:       0       0

සමන්ති Thursday, 19 March 2015 11:20 PM

මේ කලිසම නිර්මාණය කරලා තියෙන්නේ ඉනේ ආබාධයක් ඇති අයටය. එය විලාසිතාවක් කියලා දැන් ස්ත්‍රී පුරුෂ හැමෝම අඳිනවා .සාක්කු කීපයක් තිබෙන කලිසම නිර්මාණය කරලා තියෙන්නේ උඩ වැඩ කරන අයට අඬු,ආයුධ තියාගන්න. (නි)

:       0       0

දුම්මලසුරිය Friday, 20 March 2015 06:53 AM

මටත් පෙන්නන්නම බැරි විලාසිතාවක්....හොද පාඩමක් කාට උනත් සිදුවෙලා තියෙන්නේ..... සමන්තලාල් කුමාරසිංහ මේ ඉදිරිපත් කළ අදහස ඇත්තක් වේවා බොරුවක් වේවා මම ඒ අදහසට කැමති ..... මොකද ඒක දැකලවත් ඔය කැත විලාසිතාව අත්හැර දමාවිනේ... මමනම් මේ වෙනකම් හිතා හිටියේ ඕක පිරිමි යට ඇදුම් අලෙවි කරගැනීමේ වෙළද දැන්වීමක් කියල. මොකද යට ඇදුමින් බාගයක්ම ප්‍රදර්ශනය වෙනවනේ....(බ)

:       0       0

සමන්තලාල් කුමාරසිංහ Friday, 20 March 2015 06:10 AM

මේ විදියට කලිසම අඳින්නේ බටහිර රටවල හිර ගෙවල්වල හිර ගෙවල්වල ඉන්න සමලිංගිකයෝ සිර මැදිරි තුළ ලිංගික ක්‍රියාකාරකම් තහනම් නිසා ඒ අයව අනෙක් සමලිංගිකයන්ට හඳුනාගන්න තමයි උපක්‍රමයක් හැටියට මේක භාවිතා කරන්නේ. බලන්න මේ විදියට අැන්දම අපේ අයත් නිකන් නපුන්සක ගතියක් පේන්න තියෙනවා නේද කියලා (බ)

:       0       0

කුමාර Friday, 20 March 2015 05:51 AM

අය්යෝ ඕව මොනවද, ඉස්සර මිනි ගවුම් ඇන්දෙ කෙල්ලෝ. තරුණ තරුණියන් කාලයෙන් කාලයට වෙනස් මෝස්තර කරනවා. එතකොට පත්තරත් ඒවා හාස්‍යයට ලක් කරනවා. ජීවිතේ මෙහෙමයි. සතුටෙන් ඉන්න. අරක්කු සිගරට් නොබී, තමන්ගේ ආදරවන්තයා ආදරවන්තියට අවංකව හොද ජීවිතයක් ගෙවනවා නම්, මොන විලාසිතා කළත් මොකද? අමුඩෙ ගහං කුඹුරු කොටපු අපේ අයට ඕවා ලොකු දේවල් නෙමෙයිනේ. ජීවිතේ සරලයි. වෙනස භාර ගන්න. දුෂ්චරිතය නම් නොවෙයි, හොඳද? (බ)

:       0       0

වරුණ Friday, 20 March 2015 04:23 AM

කොල්ලෝ විතරක් නෙවෙයි අද කාලේ කෙල්ලොත් මෙහෙම අදිනවා (දිල්)

:       0       0

ආශා Friday, 20 March 2015 04:16 AM

අනේ පවු නේද ?(දිල්)

:       0       0

ලලිත් Friday, 20 March 2015 02:38 AM

තරුණ තරුණියන් දෙගොල්ලම මේ විදියට ඇඳුම් අදිනවා. එක දවසක් ඇඳන් ගිය කලිසම ලොකුයි. වැලි අහුරක් දැම්මා ඉනේ පිටුපසට (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 March 2015 02:23 AM

මම පදිංචිවෙලා ඉන්නේ වෙළඳ කලාපයක් ආසන්නයේ. මෙහි කර්මාන්ත ශාලාවල වැඩකරන කම්කරුවන්ට නිල ඇඳුම් රෙදි දෙනවා. ඔවුන් එම ඇඳුම් මහගන්නෙත් ඔය කියන මොස්තරේ කලිසම්. උඩට අඳින්නේ ටී ෂර්ට්. දැක්කම හිරිකිතයි. සමහර ඉලන්දාරින්ව පෙනෙන්නේ අහිකුණ්ඨික මිනිස්සු රිලා පැංචෙක් තුනටියට ලණුවක් දාලා මහමඟ අරගෙන යනවා වගේ. (නි)

:       0       0

බමුණු Friday, 20 March 2015 01:46 AM

මගේ කලිසමත් වෙලාවකට පහළට වැටෙනවා. හරියන්නේ නැහැ වැඩේ. දාගත්තා හොඳ කොහු ලනුවක් (නදී)

:       0       0

දුම්න්ද Friday, 20 March 2015 01:41 AM

විලාසිතා මන බඳිනා විලාසිතා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 March 2015 01:15 AM

මගේ කලිසමත් වෙලාවකට පහළට වැටෙනවා. හරියන්නේ නැහැ වැඩේ. දාගත්තා හොඳ පටියක්. දැන්නම් ඉතින් පොඩි එකෙක් නෙමෙයි මහ එකෙක් ඇද්දත් වැටෙනවා බොරු.මේ කොල්ලටත් තිබුනේ පටියක් දාගන්නනේ (නි)

:       0       0

චන්දිම Friday, 20 March 2015 12:07 AM

මේක නම් නියම පාඩමක් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 19 March 2015 11:46 PM

ඕවා නුඹට හොඳ පාඩම් නුඹ නාඬන්....නුඹ නාඬන්...කියලා මට කියන්න හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site