ඩොටී අක්කාගේ බැංකු පොත අස්ථානගත විය. ඇය මුළු ගෙදරම කනපිට හරවමින් එය සෙව්වාය. ඊට සහාය නොදුන් තම දියණියන් දෙදෙනාට බැණ වැදුණාය. ”එකෙක් නෑ මට මේක හොයා ගන්න උදව් කරන්නෙ. මම දහදුක් විඳ විඳ හම්බකරනවා. වරෙල්ලකො අරකටයි මේකටයි කිය කියා මගෙන් සල්ලි ඉල්ලන්න. අර මිනිහ හම්බකරන හැම සතේම ගිනි වතුරට වියදම් කරනවා. මම ඕන මැරි මැරි පවුලක් රකින්න.” ඕ කෝපයෙන් බෙරිහන් දුන්නාය. ”දිවුරුම් පෙත්සමක් ලියලා අත්සන් කරගෙන එන්න. අපි අලූත් පොතක් දෙන්නම්.” ඩොටී අක්කාට බැංකු කළමනාකරු කීවේය. ”බොලා දන්නවැයි දිවුරුම් පෙත්සමක් ලියන හැටි?” ගෙදර පැමිණි ඕ දියණියන්ගෙන් ඇසුවාය. ”අනේ අපි දන්නේ නෑ” ඔව්හු ගත් කටටම කීහ. උඹල දන්නෙ මිදුලෙ අඹ ගහ යටට ගිහින් අර හත් ඉලව්ව කනේ ගහගෙන කොල්ලොත් එක්ක මනමාලකම් කතා කරන්න විතරයි. හිතන්න එපා මම මුකුත් දන්නෙ නෑ කියලා.” එසේ බැණ වැදුණු ඕ තමා දන්නා ආකාරයට දිවුරුම් පෙත්සමක් ලීවාය. ”දෙවියන් පල්ලා බුදු හාමුදුරුවන් පල්ලා. බේබද්දා වුණත් මගේ මිනිහා පල්ලා මගේ ඇස්දෙක වගේ ඉන්න කෙල්ලො දෙන්න පල්ලා මගේ බැංකු පොත නැතිවී ඇත.” එසේ ලියා එහි අත්සන් කළ ඕ එය බැංකු කළමනාකරු වෙත රැගෙන ගියාය. බැංකු කළමනාකරු ආයාසයෙන් සිනා නොවී සිටියේය. ඔහු දිවුරුම් පෙත්සමක් ලියා ඇයට දුන්නේය. ”සාම විනිසුරු කෙනෙක් ළඟට ගිහින් මේක සහතික කරගෙන අරගෙන එන්න.” හේ කීවේය. මේ සිද්ධිය අසන්නට ලැබුණේ ගාලූ දිස්ති‍්‍රක්කයේ ගමකිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකු පොත නැතිවුණාට අපූරු දිවුරුම් සහතිකයක් දීලා
ෆාරා Tuesday, 08 May 2012 04:55 AM
ඇත්තටම හිනා යනවා. ඒත් ගොඩක් දුනයි
ප්‍රදීප් Monday, 06 October 2014 09:49 AM
හිනා වෙන්න එපා (නදී)
පාලිත - මාලදිවයින Wednesday, 09 May 2012 09:56 AM
ඇයි දරුවනේ අම්මට මෙහෙම කරන්නේ? ඔයාලව ඔය තත්ත්වෙට ගේන්න අම්ම කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙම කරන්න එපා දෙමාපියන්ට. හොඳට සලකන්න.
akila Tuesday, 08 May 2012 08:12 PM
බැංකු කලමනාකර තුමා බුද්දියෙන් කටයුතු කර ඇත
ඉෂන්ක Tuesday, 08 May 2012 02:24 PM
පවු.හැමෝම උගත් නෑනේ.මේ වගේ තව කොච්චර ඇද්ද?
හොරුහතලිහ Tuesday, 08 May 2012 02:02 PM
අල්බබා කියන්නෙ ඇත්තමයි.
ජයන්ත Tuesday, 08 May 2012 11:11 AM
හැමෝටම හොද උගත් දරුවෝ හදන්න පුළුවන් විදියේ සමාජීය සහ ආර්ථික පසුබිමක් අද ලංකාවේ නෑ
ෆාරු Tuesday, 08 May 2012 10:44 AM
ඩොටී අක්කා හරි
කුමාර Tuesday, 08 May 2012 09:02 AM
හොද බැංකු නිලධාරීයෙක්
ප්‍රියන්ත Monday, 07 May 2012 10:37 AM
කතාව ලස්සනට ලියල තියෙනව. කියවන්න ආස හිතෙන විදියට.
හසිත Monday, 07 May 2012 11:21 PM
ඉතින් හරිනේ දිව්රුම් පෙත්සමක්නේ ඉල්ලලා තියෙන්නේ
අසන්ක Monday, 07 May 2012 09:45 PM
පවු අහිංසක අම්මා.පොත හැබෑවටම නැතිවෙලා වෙන්න ඇති
indu Monday, 07 May 2012 06:23 PM
පව් නුගත් කම නිසානේ. බැංකු කලමනාකර තුමා බුද්දියෙන් කටයුතු කර ඇත
අලිබබා Monday, 07 May 2012 02:07 PM
ඩොටි අක්කාට කොහේ ගියත් යමක් කමක් කොරගන්න පුලුවන් කෙනෙක්බව නමි මෙම සිද්ධියෙන් පේනවා. අපේ සමහරක් තරුණ ගැටවු කටයුතු කොරන හැටි දැක්කාහම ඩොටි අක්කා ඉදිරියෙන්.
මංඡුල බිරුටි Monday, 07 May 2012 12:11 PM
කුමට හැදුවද මෙවන් දුවරු ?
බබා Monday, 07 May 2012 12:02 PM
පවු අසරණ අම්මා
දයා Monday, 07 May 2012 11:48 AM
අනේ පවු දෙයියනේ
අනුර Monday, 07 May 2012 10:43 AM
අනේ පවු.ඉගෙන ගෙන නැතුව ඇති.හිනා වෙන්න එපා