(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.
යුවතියක අසල්වැසි ගමේ තරුණයකු හා පෙමින් වෙලී සිටියාය. මේ හිතවත්කමට තරුණයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩු විය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආගියේ මංගල්ලයේ කටයුතු කතාබහ කරගන්නටය.
තරුණියගේ වැඩිහිටියන් ද කථිකා කිරීමෙන් පසු මංගල්ලයට දිනයක් ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවෙසට යන්නට එන්නට ද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇති කරගනිමිනි. මේ අතර කොරෝනා වසංගතය නිසා මංගල්ලය දිනෙන් දින කල් දමන්නට සිදු විය.
මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවෙසින් කිසියම් දෙයක් ගෙන යන්නට නිතරම කටයුතු කළේය. පැරැණි යතුරුපැදිය මනාලියගේ නිවෙසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරුපැදිය ගෙන ගියේ, පසුව ගෙනෙන බව කියමිනි. සතියක් දෙකක් ගත විය. යතුරුපැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන් ගත්තේය.
නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා, ඒවා ද අමතක කරන්නට ක්‍රියා කළේ කිසියම් සැලසුමක් මත බව මේ අතර මාමණ්ඩියට තේරුම් ගියේය. මේ අතර, වෙන්න යන බෑනා මාමාට යෝජනාවක් කළේය. ඒ, මංගල්ලයට පෙර ඔහුගේ නිවෙස අලුත්වැඩියා කර දෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවෙසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක් විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියට ද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියා කලාපය ගැන කියා දුන්නේය. මනාලයා තරුණියගේ අත තිබූ මුදල් හදල් ද වරින් වර ඉල්ලාගෙන ඇති බව මවුපියන්ට දැනගන්නට ලැබිණි.
සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. “තාත්තේ, මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලත් දායි” කී ඇය හිත හදා ගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෑනා මඟුලට කලින්ම දෑවැද්දට අනින්න හදලා