X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


බිමට වැටුණු මස් කෑල්ල මඟුලක් කඩයි

වයඹ පළාතේ පදිංචි තරුණයකුට රජරට පළාතෙන් තරුණියක් සරණපාවා දීමට කලක සිට අදහස් කරගෙන සිටි තරුණයාගේ මවුපියෝ මංගල යෝජනාවක් සතිඅන්ත පුවත්පතක පළ කළහ. මේ තරුණයා පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක නිරත වූ අයෙකු වූ හෙයින් ඔහු සහකාරිය කර ගැනීමට බලාපොරොත්තු වූයේ ගුරු වෘත්තියේ නියුතු කාන්තාවකි. පුවත්පතක පළකරන ලද දැන්වීමේ ඒ පිළිබඳව සඳහන් කොට තිබිණි.

එම දැන්වීම අනුව ලිපි ගණනාවක්ම තරුණ මනාලයා වෙත ලැබිණි. ඒ අනුව සුදුසු සහකාරිය තෝරා ගෙන රජරට ප‍්‍රදේශය වෙත මනාලියගේ නිවස සොයා පිරිසක් ගියහ. මනාලයාද මේ ගමනට එක්වූයේ මහත් සතුටකිනි. එදින මනාලියගේ නිවසේ දහවල් ආහාරය ආගන්තුක පිරිස වෙනුවෙන් සූදානම් කොට තිබිණි. පවුල් පසුබිමද හොඳින් ගැලපෙන හෙයින් මංගල්‍යය ඉක්මනින්ම කළ යුතු තැනට පළමු දිනයේම කතාකර ගත් පිරිස දහවල් ආහාර ගැනීමට සූදානම් වූහ. මනාලියගේ පියා සංග‍්‍රහ කටයුතු සියල්ල සූදානම් කොට ඔහුද පිඟානකට කෑම බෙදා ගෙන මනාලයාගේ පිරිස සමග ආහාර ගනිමින් සිටියේය. හිටි හැටියේම ඔහුගේ පිඟානෙන් මස් කෑල්ලක් බිමට වැටුණි.

වැටුන විගසම එය අහුලා යළි පිඟාන මත තබාගත්තේය. තරුණ මනාලයා මේ දෙස හොඳින් බලා සිටියේය. ඒ සිද්ධිය නිසා ඔහුට ඒ මනාලිය එපා විය. පසුව මේ මගුල නොකෙරෙන බව තරුණ මනාලයා මනාලියගේ පාර්ශවයේ අයට දුරකතන ඇමතුමක් මගින් දන්වා තිබුණි.



අදහස් (0)

බිමට වැටුණු මස් කෑල්ල මඟුලක් කඩයි

කිම් Sunday, 27 March 2016 06:01 PM

මගුලක් කියන්නේ මනාලිය හෝ මනාලයා විතරක් නොවේ. එය පවුල් දෙකක සම්බන්දයක්. පවුල් දෙක එකම තත්වයේ වීම විවාහයේ සාර්ථකත්වයට හේතුවක්. බොහෝවිට අසාර්ථක විවාහවලට හේතුව අඹු සැමි ප්‍රශ්නවලට වඩා පවුල් අතර ප්‍රශ්න ඇතිවීම . දෙදෙනා වෙනමම ජිවත් වෙන්න යනවා නම් බලපෑම අඩුයි. (ස)

:       0       0

හේෂන්ත Tuesday, 29 March 2016 05:06 PM

දැන් තමයි අපේ මිනිස්සු පොෂ් වෙලා තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ලේන්නු කාපු පලතුරුත්, දත් වැදුණු හරිය අයින් කරලා කනවා. බිමට වැටුනොත් පිහිදල කනවා. (අපිරිසිදු තැනකට නොවේනම්) අපිට ඉහෙන් බහින ලෙඩක් හැදුනේ නැහැ. යම් තරමකට විසබීජ වලට නිරාවරණය වීමෙන් ප්‍රතිශක්තිය දියුණු වෙනවා. දැන් ළමයින්ට පොඩ්ඩක් බිමට වැටුණු දෙයක් වත් අම්මල කන්න දෙන්නේ නැහැ. ටීවී එකේ පෙන්නනෙත් විදුලි සෝපානයේ ගියොත් බොත්තම් එබුවට පස්සේ අත සෝදාගන්න ඩෙටොල් පාව්ච්චි කරන්න. ඉතින් නිතරම ලෙඩ ඇයි ප්‍රතිශක්තිය වැඩි දියුණු වෙලා නැහැනේ.....(බ)

:       0       0

ටියුඩර් Tuesday, 29 March 2016 02:16 PM

මාලි මස් කෑල්ල බීෆ්ද පෝර්ක් ද කුකුල්ද ? (බ)

:       0       0

එරා Tuesday, 29 March 2016 10:46 AM

මනමාලියගේ පියා මස් කෑල්ල කෑව කියල මෙතන කියල නැහැනේ, මෙතන කවුරුත් මහා වැදගත් විදියට කොමෙන්ට් කලාට හැම කෙනෙක්ම කරන්නේ මේ අසරණ පියා කරපු දේමයි, කකා ඉන්න එකෙන් යමක් බිමට වැටුනොත් එක එතනින් අයින් කරන එක තමයි මුලින්ම කරන්නේ, අද නම් ඒ දේට එක එක උපකරණ තියෙනවා, නැතිනම් ටිෂු එකකින් හරි අල්ලලා පැත්තකින් තියෙනවා, ඒ දේට තමයි මහා වැදගත් කියන උදවිය සයිඩ් ප්ලේට් එකක් භාවිත කරන්නේ, නමුත් ලංකාවේ කිසිම ගෙයක (අතලොස්සක් හැර) සයිඩ් ප්ලේට් භාවිත වෙන්නේ නෑ. ඒ වෙනුවට තමන් භාවිත කරන පිගානේ පැත්තකින් තියන්නේ, කටේ දල හපපු රොඩ්ඩ පිගානේ තියාගන්න පුළුවන් නම් බිමට වැටිච්ච මස් කෑල්ල තියගත්තම තියෙන වරද මොකද්ද.? (ර)

:       0       0

පිටිගල Tuesday, 29 March 2016 08:52 AM

ජයවීරට තමයි හොඳම අදහස පහල උනේ. අපතේ යාම වලක්වා ගත ඒ පියා නිවැරදියි. බිම වැටුනේ ගේ ඇතුලේ නේ. එක අහුලලා කෑවට වරදක් නැහැ. මමත් හිතන විදිහට. (ර)

:       0       0

හරිස්චන්ද්‍ර Tuesday, 29 March 2016 12:25 AM

මනමාලිගේ පියා මස් කෑල්ල කෑවේ නැහැ නේ. සමහරවිට එය පසුව විසිකර දැමීමට අදහස් කරා විය හැකිය. කෙසේ වෙතත් මනාලිය එවැනි මනලයකුගෙන් නිදහස් වුණ එක හොඳ බවයි මගේ අදහස, (අ)

:       0       0

බන්දු Monday, 28 March 2016 09:15 PM

ටිකිරි එහෙම වුණොත් ප්‍රස්නයක් නිසා ගමන නොගිහින් ඉන්න. (අ)

:       0       0

බන්දු Monday, 28 March 2016 09:15 PM

බන්දුල කෑම කනවිට හැන්ද ගෑරුප්පුව බිම වැටුණත් එය ආපසු ගන්න එපා ලියල කෑම මේස අටිකට් හෙවත් කෑමමේස නීති රීති වල තිබෙනවා (අ)

:       0       0

බන්දුල Monday, 28 March 2016 11:54 AM

ගෙයක් තුල බිම වැටුන දෙයක් තත්පර 3ක් ඇතුලත අහුලාගෙන කෑම සෞඛයට අහිතකර නොමැති බව බටහිර රටවල බොහෝ අය කියනවා .(බ)

:       0       0

බෙනට් Monday, 28 March 2016 11:48 AM

ඒක එහෙම වෙච්ච එක හොඳයි .. නැත්නම් මේ මනමාලයාගේ හැටියට මනමාලිට වෙන්නේ ළමයි ටිකත් එක්ක ගෙදර එන්නයි .හැබැයි ඉතින් පලවෙනි දවසෙම මාමණ්ඩි කරලා තියෙන්නේ පොඩ්ඩක් හිරිකිත වැඩක් (බ)

:       0       0

ටිකිරි Monday, 28 March 2016 10:07 AM

මමත් ළඟදී ඔහොම ගමනක් යන්නයි ඉන්නේ . කරුණාකරලා කවුරු හරි කියනවද ඔය වගේ අකරතැබ්බයක් උනොත් මොකද කරන්නේ කියලා. (ර)

:       0       0

ජයවීර Monday, 28 March 2016 09:09 AM

මන මාලිගේ පියා යහපත් ඉතුරු කරන පුද්ගලෙයක් කියලා හිතෙනවා. (ර)

:       0       0

ඉනෝකා Monday, 28 March 2016 12:46 AM

මනමාලයා සමහරවිට පිරිසිදුකම ගැන ඉහළින්ම අගයන කෙනෙක් වෙන්න ඇති.අපි හොඳින් දන්නා කෙනෙක් හිටියා.සබන් කෑල්ලක් බිම වැටුනත්,අහුලාගන්නේ නැහැ.පිරිසිදුකම ගැන අසාමාන්‍ය ගතිපැවතුම් තිබුනේ.කණගාටුවට කරුණ නම් මිය යන තුරුම විවාහයක් කියලා දෙයක් කරගන්නට බැරිවුනා. (බ)

:       0       0

සෑම් Saturday, 26 March 2016 05:40 AM

මේ තීරණයට හේතු උනේ බිම වැටිච්ච මස් කෑල්ල නැවත පිඟානට දා ගැනීම පමණක් නම් ඒක යෝජිත මනමාලිගේ වාසනාව. මේකද මේ වගේ මෝඩ මිනිහෙක් බැඳලා මොනවා වෙයිද කියලා කව්ද දන්නේ ? (ර)

:       0       0

කොඩිකාර Sunday, 27 March 2016 05:59 PM

කවුද දන්නේ බල්ලෙක්ට දන්නා පිඟාන පැත්තකින් තියාගත්තද , නැත්තම් එ්ක පෑගෙන නිසා විසිකරන්න පිඟානේ අයිනෙන් තියා ගත්තද කියල. (ස)

:       0       0

ද සිල්වා Sunday, 27 March 2016 05:58 PM

මනමාලි නෙවේනේ පියානේ මස්කැල්ල අහුලා ගත්තේ , පරිගණක කාරයන්ට බොහෝ විට සාමාන්‍ය දිවියේ ප්‍රායෝගික දැනුම නැත . (ස)

:       0       0

මොහොමඩ් සිද්ධික් Sunday, 27 March 2016 11:07 AM

බියන්ගේ පුරුද්දනම් මනාවට පැහැදිලි වුණා (බ)

:       0       0

බමුණු Sunday, 27 March 2016 04:54 AM

නිපුන් වයසක මිනිස්සු ගමේ පුරුද්දට මෙහෙම දේවල් කරනවා. කියන කියමනට මම එකඟ වෙනවා. (රේ)

:       0       0

ගාමිණී Sunday, 27 March 2016 02:41 AM

මනාලියගේ පවුලේ සබැ තත්වය ඉස්මතු විය .මනමාලය උගත් අයෙකි (බ)

:       0       0

නිපුන් Saturday, 26 March 2016 03:26 PM

මෝඩ මනාලයෙක්. මනාලිය මෙහෙම දෙයක් කළා නම් තව එපාවීම සාධාරණයි කියන්න තිබුනා. වයසක මිනිස්සු ගමේ පුරුද්දට මෙහෙම දේවල් කරනවා. මනාලියට ඔහුට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි (නි)

:       0       0

සරත් Saturday, 26 March 2016 02:06 PM

මනමාල මහත්මයා ඉක්මන් වුණා වැඩිද මන්දා. මනමාලිය හොඳ නම්, ර බඩ ඉගුරු හේනට ගිය මල්ලිට වුණ දේ වේවි ඔන්න. (නි)

:       0       0

සරණපාල Saturday, 26 March 2016 10:04 AM

හොඳ වෙලාවට මනාලිය බේරුනා.කව්ද දන්නේ පස්සේ වීසි කරන්න අයිනෙන් තිය ගත්තද කියල.එහෙම නැත්නම් කැවම මොකද මරුන සතාට සාධාරණය ඉෂ්ට වෙනවනේ. (බ)

:       0       0

සරසි Saturday, 26 March 2016 09:36 AM

මේවා මොනවද, අපේ අක්කා බලන්න ආ එක මනමාලයෙකුගේ අම්මා කෙනෙක් මනමාලිගේ කාමරේටත් රිංගලා පරික්ෂා කළේ! ඔන්න ඉස්සරහට යෝජනා වලින් බඳින්න ඉන්න උදවිය කාගෙන් බේරුනත් නැන්දම්මාගේ උකුසු ඇසින් නම් බේරෙන්න බැරි බව මතක තියාගන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 March 2016 08:34 AM

වැඩේනම් ටිකක් පිළිකුල් තමයි , හැබැයි එකෙන්ම මනමාලි අමතක කරන්න තරම් බරපතලම නැහැ නේද ? වික්‍රම මොකද කියන්නේ දානවද ඉල්ලුම්පත්‍රයක් ? (බ)

:       0       0

අමාලි Saturday, 26 March 2016 08:10 AM

මනමාලි හොඳනම් මගුල කරගන්න තිබුනේ, ඕව ලොකු වැරදි නෙමේනේ, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site