X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


බිරියගේ අනියම් පෙම නවත්වන්න සැමියාගෙන් අපූරු උපායක්

දකුණු පළාතේ ඇඟලූම් කලාපයක පිවිසුම් දොරටුවට ආ යතුරු පැදි කරුවකු තමාට ආයතනයේ ප‍්‍රධානියා හමුවීමට අවශ්‍ය බව ආරක්‍ෂක නිලධාරියකුට කීවේ කලබලයෙනි. හමුවීමට ඇති හේතුව ඇසුවත් එය නොකී නිසා ආරක්‍ෂක නිලධාරියා ඔහුට ඉඩ දුන්නේ නැත.

”මගේ වයිෆ් මේකෙ වැඩ කරනවා. එයා මෙහේ මහපු ඇඳුම් කීපයක් හොරෙන් ගෙදර ගෙනිහිං තිබුණා. අම්ම අප්ප කළත් මේ වගේ හොර වැඩවලට මං කැමැති නෑ. මේක කියල ඇඳුම් ටික දීල යන්න ආවෙ” ඔහු කීවේ අලූත්ම ඇඳුම් කීපයක් බෑගයෙන් අදිමිනි.

” ඕක ලොක්කට කිව්වම එයාගෙ රස්සාවත් නැති වේවි. මේකෙ බරපතළකම තමුන් දන්නවද?” ආරක්‍ෂක නිලධාරියා සානුකම්පිතව කීවත් ඔහු වදකළ නිසා ඔහුට ඇතුළට යෑමට ඉඩ සැලසීය.

ඇතුළට ගිය ඔහු පැය බාගයකට පමණ පසු එළියට ආවේ සතුටෙනි. ඊටත් පැයකට පමණ පසු ඔහුගේ බිරිඳයැයි සිතිය හැකි කාන්තාව එළියට ආවේ කඳුළු පිසිමිනි.

මේ ගැන විමසූ ආරක්‍ෂක නිලධාරියාට ඇය කීවේ අමුතු කතාවකි. ”මම මේකෙම සේවකයෙක් එක්ක යාළුයි කියල මම මෙහේ එන එක නවත්තන්න එයා නොයෙක් දේ කළා. මේ පාර කරපු වැඬේ නං හරි ගියා” ඇය කීමෙන් ආරක්‍ෂක නිලධාරියාට තරු පෙනුණාලූ.
 



අදහස් (0)

බිරියගේ අනියම් පෙම නවත්වන්න සැමියාගෙන් අපූරු උපායක්

හන්සිපිර්ස් Monday, 10 February 2014 11:00 PM

කොල්ලෝ ඔහොම්මමයි (දී)

:       0       0

සම්පත් Saturday, 08 February 2014 12:48 PM

මේකේ හොද නරක දෙකම තියෙනවා(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 08 February 2014 07:02 PM

මේක මෙතැනින් නවතියිද (දිල්)

:       0       0

රන්බණ්ඩා Sunday, 09 February 2014 03:13 AM

මේ බොරු වැඩක් කතාව අතට අල්ල ගෙන දීක්කසදකරන්න සමාවනොදෙන්න් .........(අ)

:       0       0

කෞශල්‍යා Sunday, 09 February 2014 10:24 AM

දෙදෙනෙකු අතර ඔය විදිහට සැකය තිබුනොත් ජීවිතය ඉදිරියට රැගෙන යන්න අමාරුයි (දී)

:       0       0

තාරක Sunday, 09 February 2014 10:24 AM

සහතික ඇත්ත මේකට කියන්නේ සැකය කියලා (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 09 February 2014 01:58 PM

වැඩක් නැහැ ආරේ ගති නෑරේ ! (අ)

:       0       0

තරින්ඳු Sunday, 09 February 2014 06:48 PM

හෙට සිට ආරක්ෂක නිලදාරියත් ගෙදර.(නදී)

:       0       0

නිල්මිනි Monday, 10 February 2014 02:27 AM

ඔහොම අය මොකටද තවත් තියන් ඉන්න (අ)

:       0       0

ප්‍රදීප් විතාරණ Monday, 10 February 2014 06:09 AM

කාටද ලැජ්ජ උඩ බලාගෙන කෙල ගහන්ඩ එපා දරුවො පාරෙ බැහැලා යන්නෙ නැද්ද. කතා කරලා විසදගන්න වෙන් වෙන්න ලේසියි එකතු වෙන්න හරි අමාරුයි. කුරුලුකූඩු කඩා ඉහිරවා ගන්ඩ එපා දරු පැටව් ටික අමාරුවෙ.(නදී)

:       0       0

අරුණ Monday, 10 February 2014 03:21 PM

හිතා ගන්න බැහැ.(නදී)

:       0       0

චාමර Monday, 10 February 2014 05:09 PM

නියම කොල්ලෙක් (දී)

:       0       0

චාමර Monday, 10 February 2014 05:11 PM

ඔහොම ගැනු තියාගන්න හොද නැහැ (දී)

:       0       0

නිරං Monday, 10 February 2014 05:14 PM

සත පහකට වැඩක් නැති දෙයක් කරලා තියෙන්න (දී)

:       0       0

ව.අ චන්දන ප්‍රභාත් Monday, 10 February 2014 09:15 PM

අනේ ඔහොම මොකටද ? (නදී)

:       0       0

හර්ෂනී Monday, 10 February 2014 11:00 PM

කොල්ලෝ මට ඔයා ගැන දුකයි (දී)

:       0       0

මාධවී Saturday, 08 February 2014 12:03 PM

මොන උප්පරවැට්ටිය කලත් වැඩක් වෙන්නේ නහැ (දිල්)

:       0       0

නිමල් වීරතුංග Tuesday, 11 February 2014 01:17 AM

අනියම් ඇසුර බයානකයි එත් බිරිඳකගේ හැගීම් තේරුම් අරගෙන ආදරෙන් ඉන්න බැරි උනොත් එහෙම වෙන්නව.ඕනෙම බැඳීමක පදනම අදරයයි .ඒ නිසා ඒ අයට අපහස කරන්න එපා. පීඩා කරන්නත් එපා.ඔබ ඇගෙන් ආදරය ගැන අහගන්න. (දී)

:       0       0

සමිර Tuesday, 11 February 2014 02:43 AM

අපි ඕකේ හරි පැත්ත , වැරදි පැත්ත දන්නේ නැහැ. සමහර ගෑනු සහ මිනිස්සු පුංචි දේටත් අනවශ ලෙස සැක හිතනවා. වැරදි විදියට අර්ථ කථනය කරනවා. මට නම් දෙන්නා ගැනම කණගාටුයි. (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 11 February 2014 05:41 AM

මෙම පුවත වාර්තා කිරීමේදී විශාල අගතියක් මෙම කාන්තාවට සිදු වී තියෙනවා. ඇයගේ අනියම් පෙමක් තිබී ඇති බවක් සිරස්තලයේ සඳහන් වෙතත් කතාව කියවා යන විට එසේ නැති බව ඔප්පු වේ. ඇයගේ රැකියාව නැති වීමත් සමග පුවත් පතේ මෙම වැරදි සිරස්තලය නිසා ඇති වූ සිත් වේදනාවට අඩුම තරමින් වෙනත් රැකියාවක් හෝ ආධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.චන්ද්‍ර වීරසිංහ (දී)

:       1       0

ගයාන් Tuesday, 11 February 2014 02:18 PM

මිනිහ මොළ කරයෙක්නම් බිරිද ඔහොම කරයිද (දී)

:       0       0

අස්මිත් Wednesday, 12 February 2014 07:42 AM

චන්ද්‍ර වීරසිංහ ඔබ?(නදී)

:       0       0

නිරෝෂන් බණ්ඩාර Wednesday, 12 February 2014 08:44 AM

” ඕක ලොක්කට කිව්වම එයාගෙ රස්සාවත් නැති වේවි. මේකෙ බරපතළකම තමුන් දන්නවද?” ආරක්ෂක නිලධාරියාගේ රැකියාව තාම තියෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

දේශාන් තොඩිතාර Wednesday, 12 February 2014 12:07 PM

එක සැරයක් වරදේ බැදුන ගැහැණියක් නැවත හදන්න බැහැ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 February 2014 01:50 PM

ඇයි මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

නිලුෂා Wednesday, 12 February 2014 05:45 PM

මෙතන තියෙන්නේ සැකයක් විතරයි (දී)

:       0       0

චින්තක Friday, 14 February 2014 12:03 AM

කොල්ලෝ උනාම ඔන්න ඔය වගේ මොලයක් තියෙන්න ඕනේ (දී)

:       0       0

තුසිත Friday, 14 February 2014 12:03 AM

ඕනෑම ප්‍රශ්ණයක අග කාන්තාවක් ඉන්නවා (දී)

:       0       0

විදුශිකා Friday, 14 February 2014 12:03 AM

කාන්තාවගේ නුවන හැදී මිටේ කියනවනේ (දී)

:       0       0

ජීවක Friday, 14 February 2014 12:03 AM

නුවන් තමයි නුවන (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 14 February 2014 12:03 AM

මේකේ මුල්ම අදහස මගේ නමින් දාපු කෙනා.30 වෙනි අදහසත් එයාම දාලා.ඔය තරම්ම මගේ නමට කැමතිද.අමතක නොකර ඉන්නම බැරිද. (දී)

:       0       0

කසුන් Wednesday, 05 February 2014 06:16 PM

ස්ථානෝචිත ප්‍රච්නාව.....ජය වේවා........ මිනිහට.........(අ)

:       0       0

ධම්ම Wednesday, 05 February 2014 10:26 AM

මේ කාන්තාව ඇත්තටම රෙදි හොරකම් කරලානේ. (දී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Wednesday, 05 February 2014 11:35 AM

මෙයා හොඳ සැමියෙක්. එයාට පවු (අ)

:       0       0

ගාමිණි Wednesday, 05 February 2014 12:47 PM

ඥානාන්විත ක්‍රියාවක්!.....(දිල්)

:       0       0

නුවන් Wednesday, 05 February 2014 01:04 PM

ආදර්ශමත් ස්වාමි පුරුෂයෙක් (අ)

:       0       0

සමිත Wednesday, 05 February 2014 01:20 PM

හොදට වැඩේ කල්පනා කරලා කරලා තියනවා. නියම පිරිමියක් (අ)

:       0       0

සචිත් Wednesday, 05 February 2014 01:32 PM

නියමය් (දී)

:       0       0

රන්ජිත් දිසානායක Wednesday, 05 February 2014 01:36 PM

අනේ හොද‍යි (දී)

:       0       0

sena Wednesday, 05 February 2014 01:47 PM

මේ විදිහට කොච්චර කල් රකින්නද?(දී)

:       0       0

සුනිල් යහම්පත් Wednesday, 05 February 2014 02:04 PM

තැනට සුදුසු නුවනක් තියෙන මිනිහෙක් . මෙවැනි මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ (දී)

:       0       0

සෑම් Wednesday, 05 February 2014 02:47 PM

නියම මනුස්සයෙක්. (දී)

:       0       0

ජාලිය Wednesday, 05 February 2014 02:54 PM

පිරිමින්ට පාඩමක් (දී)

:       0       0

ගයාන් පෙරේරා Wednesday, 05 February 2014 03:42 PM

අනියම් සම්බන්ධතා තිබේනම් .. නවත්වන්න එපා.. ! මොකද ඔබ හැර දෙවැන්නෙකුට ආදරය කිරිමට පුළුවන් නම් ඇයට ඔබේ ආදර අසාර්ථකය !(දී)

:       0       0

සමර Wednesday, 05 February 2014 03:55 PM

නියම වැඩක්නේ කරලා තියෙන්නේ,කොල්ල වැඩකරු (දී)

:       0       0

ජානක Wednesday, 05 February 2014 05:07 PM

තැනට සුදුසු නුවන තමයිඕකට කියන්නේ (දී)

:       0       0

මාලිංග Wednesday, 05 February 2014 10:09 AM

විකාර වැඩ ඇත්තමයි, බිරිද අනියම් සම්භන්ධ කම් පවත්වන්නේ මොකාක් හෝ පවුලේ ප්‍රශ්නයක් නිසා ඔය විකාර නොවෙයි ඒවාට විසදුම් හොයන්න (දී)

:       0       0

සමන්ති Wednesday, 05 February 2014 06:24 PM

මේ ගෙනාපු ඇඳුම් ආයතනයේ මසාපු ඒවාද ? ආයතනයේ ඒවානම් ඔහුට ලැබුනේ කාගෙන්ද ? ගෙදර තිබුනාද ? එසේනම් ගෙදරට ගෙනගියේ කවුරුන්ද? ප්‍රශ්න ගණනාවක් පැන නගී ? (දී)

:       0       0

චතුරංග වන්නිආරච්චි Wednesday, 05 February 2014 06:48 PM

නියම උපාය හැබැයි ඕක දිගටම හරියිද දන්නේ නැ(දී)

:       0       0

නුවන් Wednesday, 05 February 2014 06:54 PM

දැන් කාලේ අනියම් සම්භාන්ධතා බහුලව තියෙනවා සමාජයේ (දී)

:       0       0

නාරද Wednesday, 05 February 2014 09:15 PM

මොලේ අලේ පඨවී, අපෝ, තේජෝ, වායෝ

:       0       0

බන්දුල රණන්ජය Wednesday, 05 February 2014 10:12 PM

මිනි මරා ගන්නේ නැතුව මේ විදියට විසදා ගන්න එක හරි කියල මම හිතනවා. එතකොට සැකෙන් ජීවත් වෙන්න ඕනෙත් නැහෙනේ. (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 06 February 2014 05:50 AM

කතාව ඇත්ත නම් හොඳ වැඩේ. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 06 February 2014 06:47 AM

අන්තිමේදී මිනිහටම බඩගින්නේ ඉන්න වෙයි නේද? මේකේ තවත් පැත්තක් තියෙනවා. උස තාප්ප බැඳලා විශාල ගේට්ටු වලින් ඇතුලට ගත්තහම් භාර්යාවන්ට මොනවා වෙනවද කියල සැමියන්ට හිතෙන එක සාධාරණ කරුණක්. අඩුම තරමින් දුරක සිටවත් බලන්න පුලුවන්නම් මෙම ප්‍රශ්න විසඳෙනවා.(නදී)

:       0       0

කුමා Friday, 07 February 2014 12:03 AM

අවංක මිනිහෙක් (අ)

:       0       0

තක්ෂිලා දැෂ් Friday, 07 February 2014 06:56 AM

මොලේ තමයි මොලේ කොහොමද ටිකිරි මොලේ.(දී)

:       0       0

මංගල බුද්ධදාස Friday, 07 February 2014 09:50 AM

මේක නිකම් තාවකාලික පැලැස්තරයක් මේකෙන් වුණේ අර අහිංසක ආරක්ෂක නිලධාරියා වරදකරුවෙක් වෙන එකයි (දිල්)

:       0       0

චන්දන Friday, 07 February 2014 12:40 PM

සමන්ති අහන එකට මමත් එකගයි මෙම ඇඳුම් එම ආයතනයේ ඒවා නම් ඒවා ඔහුට ලැබුනේ කොහොමද එහෙම නම් එතටම එයාගේ නෝනා හොරෙන් රෙදි ගෙනිහින් තියෙනවා.

:       0       0

හසිත' Friday, 07 February 2014 06:00 PM

මොනවා කලත් වැඩක් නැහැ. හැබැයි එක්ටම් ගෙයක දම්මානම් හරි (දී)

:       0       0

සේනානායක Friday, 07 February 2014 06:55 PM

අසාර්ථක උපායක් දෙවන වටයට සුදානම් වෙන්න.(දී)

:       0       0

මාලි Friday, 07 February 2014 08:22 PM

තව එක්කෙනෙක් හොයා ගත්තාම මොකද කරන්නේ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site