(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ජංගම දුරකතනය කනේ තබා ගෙන කතා බහ කරමින් ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේ වරදට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ දී රුපියල් පනස් පන් දහසක් වටිනා නවීන ජංගම දුරකතන දෙකම කඩා දමා හානි සිදු කර ගත් ත්‍රීරෝද රථ රියැදුරෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර නගරයෙන් වාර්තා විය.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරුට දුරකතන ඇමතුම ලබා දී තිබුණේ සිය බිරිය විසිනි. රිය පදවමින් ඔහු ඊට ප්‍රතිචාර දක්වද්දී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පොලිසියෙන් නතර කළේය.
ඒ සමගම කේන්තියට පත් රියදුරා ඇමතුම විසන්ධි නොකර ජංගම දුරකතනය තම කකුල මත තබා අත් දෙකෙන් එය දෙකට කඩා කුඩු කර තිබුණේය.
මේ අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු අනෙක් ජංගම දුරකතනය ද නාද විය. එය ද බිරියගෙනි. එවිට කේන්තිය තවත් වැඩි විය. ඒ අතරතුර දී පොලීසිය දඩ පත්‍රිකාව ලියමින් සිටියේය.
දුරකතනය ද පෙර පරිදිම ඔහු කඩා බිද දැමුවේය.
රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු දෙස නොරොක් බැල්මක් හෙළා මෙසේ ඇසූහ.
“අපිත් එක්ක කේන්තියට ද ජංගම දුරකතන කඩා දැමුවේ ? “නෑ සර් ගමනක් යද්දී කොච්චර එපා කිව්වත් කිහිප වතාවක්ම කෝල් කරනවා. කලිනුත් කෝල් දුන්නම, සැරින් සැරේ ගන්න එපා කීවා. ඒත් අහන්නේ නෑ’’ ඔහු උත්තර දුන්නේය.
“බිරිය සමග අමනාපයක් තියේ දැයි” ඇසූ පොලිසිය ඇසුවේ කිසියම් අනුකම්පා සහගත අයුරෙනි.
“අපෝ නෑ. එහෙම එකක් නෑ” ඔහු පිළිතුරු දුන්නේ දඩ කොළය අතට ගනිමිනි.
“සර් මේ දඩය කීය ද ? ඔහු ඇසූ විට පොලිසිය එය දහසක් බව පැවසීය.
“අපරාදේ සර් මගේ රුපියල් පනස් පන්දහසක් වටිනා ජංගම දුරකතන දෙක කියමින් ත්‍රීරෝද රථ රියැදුරු එම ස්ථානයෙන් නික්ම ගොස් තිබුණේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා