රජරට ප්‍රදේශයේ ගෘහණියක් අලූත් අවුරුදු සැමරුමට සූදානම් වීම සඳහා ආහාර පාන හා බඩු බාහිරාදිය මිලයට ගැනීමට නගරයට ගියාය.
කැවිලි පෙවිලි සැකසීම සඳහා ඇය වෙළෙඳ සලකින් පැණි බෝතල් භාගයක්ද රැගෙන ගොස් එය කුස්සියේ රාක්කයේ තැබුවාය.
වැඩ ඇරී සවස්කාලයේ ඇයගේ සැමියා නිවෙසට පැමිණීමෙන් පසු කුස්සිය දෙසට ගියේය. සිය බිරිය අලූත් අවුරුදු සැමරුමට කෑම බීම පිළියෙළ කිරීම සඳහා බඩු බාහිරාදිය රැගෙන විත් තබා ඇති අයුරු දුටු සැමියාට සතුටක් ඇතිවිය.
ඔහු කුස්සියේ කළමනා විපරම් කරද්දී රාක්කයේ තිබූ බෝතලයද දැක්කේය. ඔහුට නෙත් අදහා ගත නොහැකි විය. බිරිය අලූත් අවුරුද්දට සංග්‍රහ කිරීම සඳහා තමාට දීමට මත්පැන් භාගයක් ගෙනැවිත් ඇතැයි ඔහු සිතුවේය. ‘අති විශේෂ’ ලේබලය නිසා ඔහු සිතුවේ එය ගල් අරක්කු බවයි. තම බිරිය මෙවැන්නක් කිසිදා කර නැත.
‘ඔයා නියම වැඩක්නෙ කරල තියෙන්නෙ. කවදාවත් නැතුව ඇයි මේකක් මට ගෙනාවෙ?’ රාක්කයේ තිබූ මත්පැන් බෝතලය පෙන්වා සැමියා බිරියගෙන් ප්‍රශ්න කළේය.
තම සැමියා පැණි බෝතල් බාගයට මත්පැන් යැයි රැවටී ඇති බව බිරියට අවබෝධ විය. ඒ අනුවම ඇය සැමියාට මෙසේ කීවාය. ‘අනේ මට හිතුන මේ අවුරුද්දෙවත් ඕවා එකක් ගෙනත් දෙන්නම් කියලා. ඒකයි මම ඔය ජාතියෙ එකක් ගෙනාවෙ’.
‘හා.....හා......දැන් ඕක රාක්කෙ තියන්න ඕනැය. අද රැම බොන්න මට කටගැස්මක් හදල දෙන්නකො කියා සැමියා ඇඟපත සෝදා ගැනීමට ගියේය. ඔහු නිවෙස ඇතුළට යළි එන විට සාලයේ මේසය මත කරවල හා පපඩම් බැද කුඩා ප්‍රමාණයේ වීදුරුවක්ද සමඟ අතිවිශේෂ බෝතල් භාගය තිබුණි.
සැමියා හරි බරි ගැසී මේසය අසල පුටුවේ වාඩිවිය. හොඳහැටි සප්පායම් වෙමියි සිතා බෝතලය අතට ගෙන එහි මූඩිය කරකැවීය. එකෙනෙහිම ඔහුට ඇතිවූයේ කියා ගත නොහැකි ලජ්ජාවකි.
බෝතල් භාගයේ අති විශේෂ වෙනුවට තිබුණේ පොල් පැණි බව තේරුම් ගිය විට සැමියාට කරකියා ගන්නට දෙයක් නොවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිය ගෙනා පැණි බෝතලය අරක්කු යැයි සිතා බොන්න ගිහින්
දම්මි Saturday, 13 April 2013 01:46 PM
මේ කාටවත් මත්වතුර නවත්තන්න බැරිද? (නි)
අලහප්පෙරුම Wednesday, 17 April 2013 09:28 AM
බොරුද කොහෙද.....? (නි)
රංග Tuesday, 16 April 2013 12:14 PM
සුපර් මාර්කට් එකකට ගියා නම් ලජ්ජා බය නැතුව මහත්මයෙක් වගේ බෝතලයක් අරන් යන්න පුළුවන්. දැන් රටේ හැම තැනම බාර් වෙනුවට විවෘත කරන්නේ සුපර් මර්කට්නේ. ගෙදර යන ගමන් බඩුමල්ලක් ගන්න හිතපු මිනිහා එලියට එන්නේ බෝතලයක් අරන්. ජීවිතේට බාර් එකකට යන්න හිතන්නෙවත් නැති නම්බුකාර මිනිස්සු නම්බුකාර විදියට සුපර් මාර්කට් එකෙන් බෝතල් අරන් යනවා. (නි)
ප්‍රභාත් Tuesday, 16 April 2013 08:46 AM
හොද වැඩේ. ඔහොමම තමයි වෙන්න ඕනෑ. පෙරේතකම නැතිවෙලා යන්න (නි)
වෝල්ටර් Monday, 15 April 2013 08:11 PM
මේ තිතට මත ප්‍රතිපත්ති ප්‍රකාශයයි. හැම නගරයක් ගානේම හවසට බාර් දිහා බැලු විට මෙය වඩා හොඳින් පෙනේ. (නි)
ලීල් Monday, 15 April 2013 01:37 PM
ඒ මනුස්සයා ඊට පස්සේ මොකද කළේ? ගිහින් බිලා ආවද? නැත්නම් ගෙනල්ලා බිවුවද? කියන්නකෝ. (නි)
අරුසියා Monday, 15 April 2013 09:35 AM
ලංකාවේ මත්වතුර තහනම් නැහැ, ගව මස් විතරයි තහනම්. (නි)
ෂානික් Monday, 15 April 2013 06:53 AM
හොද වැඩේ... (නි)
නෙඉල් Sunday, 14 April 2013 06:35 PM
හොඳ පුවතක්. මට දැවැන්ත හිනාවක් ගියා. (නි)
බමුණුසිංහ Saturday, 13 April 2013 06:13 PM
මට පේන්නේ නම් මේ හාදයා මීට කලින් පැණි කාලත් නැහැ අරක්කු බීලත් නැහැ වගේ. (නි)
මුතුකුඩ Saturday, 13 April 2013 02:39 PM
මේ මත්පැන් සහ දුම්වැටිය කියන්නේ සමාජයක් ජාතියක් විනාශය කරා ගෙනයන්නා වු පිළිලයක්. එය ඒඩ්ස්, පිළිකා වැනි සුවකල නොහැකි රෝගකාරකයන්ටත් වඩා භයානකයි. (නි)
පිටිගල මිලානෝ Friday, 12 April 2013 04:33 PM
හන්දියක් හන්දියක් ගානේ 'බාර්' තියෙන, මතට තිත තබපු මේ බෞද්ධ රටේ කටගැස්ම නිවෙන්නත් පෙර අලුත් බෝතලයක් මිලදීගෙන ගෙදරට ගෙනත් බොන්න තිබුනනේ. (නි)
චම්පා Saturday, 13 April 2013 01:31 PM
මේ ජරාව මිනිස්සු බොන්නේ මොනවටද මන්දා? නොබී හිටියොත් මොකද වෙන්නේ ? (නි)
තාරක Saturday, 13 April 2013 12:47 PM
මරු වැඩේ බේබදුකමට. (නි)
හේරත් Saturday, 13 April 2013 12:10 PM
අන්න බලන්න නෝනගේ ආදරේ .....මහත්තයාගේ කෑදරේ....සනත් මල්ලි මෙන්න මගෙන් සෙලියුට් එකක්.. නියම පුතා. (නි)
යොහාන් Saturday, 13 April 2013 10:22 AM
බයිට් එකට පුන්නක්කු තෙම්පරාදුවක් තියලා නැද්ද? (නි)
සුනිල් Saturday, 13 April 2013 07:48 AM
ලංකාවේ ඉන්න ගොඩක් අය මොකක් හරි හේතුවක් හදාගෙන බිල ගෙදර අවුල්කරගන්නවා. මේ අයට බිවුවම සිහියක් කටක් නැහැ. ගහගන්නවා.(නදී)
අරුසියා Saturday, 13 April 2013 03:07 AM
සනත්, සිංහලකෙනෙක්ගෙන් මේ වගේ කතාවක් අහන්න ලැබෙන එකත් සතුටක්. නැත්නම් තුන් සිංහලයම නෑදෑයෝනේ (නි)
හේවාවිතාරන Saturday, 13 April 2013 02:20 AM
බොන මිනිහෙක් නම් තමාගේ භාර්යාව ගේනකන් ඉන්නේ මොකටද? බාගයක් ගෙනල්ලා බොන්න බැරියැ... (නි)
ලාල් ගලබඩ ලේක්කෝ නගරය Saturday, 13 April 2013 01:06 AM
කිරිදරුවන් පවා බේබද්දන් වන තරමට අද මේ රට අපායගාමී වී ඇත. (නි)
සනත් Friday, 12 April 2013 05:16 PM
මගේ පියාගේ භූමදාන කටයුතු අවසන් කළ දිනයේ, මගේ ඥාතීන් කිහිප දෙනෙක් ඔවුන්ගේ "දුක වැඩි කමට" මත්පැන් බීමට ලැහැස්ති විය. මගේ පියා උතුම් විදුහල්පතිවරයෙක් මෙන්ම දැහැමි බෞද්ධයෙක් විය. එසේම කිසිම දිනක කිසිම ආකාරයක මත්පැනක් පාවිච්චිකර නැත. ඔහු අනුව යමින් මමත් මගේ සහෝදරයත් කිසිම වර්ගයක මත්පැන් තොලගා නැත. ඉතින් මම මගේ දුකට පත් නෑයන්ට කීවේ, ඔවුන් දුකට මත්පැන් බොනවානම් අපත් අපේ මව්තුමියත් පොකුණක මත්පැන් පුරවා එහි ගිලී කිමිදී සිටිය යුතු බවයි. මන්ද අපේ දුක එතරම් විශාල වූ බැවිනි. එදා සිට මාස කීපයක් යනතුරු අපේ ඥාතීන් මා සමග කතා කළේවත් නැත. බොන්න ලැබෙනවා නම් ඕනෑම ජරා වැඩක් කිරීමට තරම අපේ මිනිසුන් නොමිනිසුන් වී ඇත. (නි)