පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙස සමත් වූ ගම්බද පාසලක දරුවකු සිය පියාගෙන් අපූරු තෑග්ගක් ඉල්ලා සිටි බව කියවෙන පුවතක් වියලූවෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු වියලූව ගම්බද ප්‍රදේශයක මැදිවියේ පුද්ගලයෙකි. සමෘද්ධිලාභී ගොවි මහතෙකි. හේනේ කුඹුරේ වැඩට ගොස් ආපසු නිවෙසට පැමිණෙන අතරතුරදී ගමේ කසිප්පු තිප්පොළෙන් අඩියක් ගැසීම ඔහුගේ සිරිතය. මිතුරා ද සමග නිවෙසට ගොඩවූ හෙතෙම දරුවා බදාගෙන සිය සතුට ප්‍රකාශ කළේ නෙතු අගින් කඩා වැටුණු කඳුළු බිඳු කීපයක් ද සඟවාගෙනය. දරුවාගේ ජයග්රහණයෙන් බොහෝ සේ උදම් වූ හෙතෙම ”මොනවද පුතේ ඔයාට ඕනෑ තෑග්ග” යැයි දරුවාගෙන් විමසා සිටියේ කිසි දිනෙකත් නැති සෙනෙහසක් ද මවා පාමිනි. පියාගේ පැනයට දරුවාගෙන් ලැබුණේ ඔහු කිසි දිනෙක අපේක්ෂා නොකළ අන්දමේ අපූරු පිළිතුරකි. ”අනේ තාත්තේ මට තෑගි එපා. තාත්ත අද ඉඳල අරක්කු බොන්න එපා” දරුවා මාපට ඇඟිල්ලෙන් පොළොව හාරමින් කියා සිටියේ දෙනෙත් කඳුළින් පුරවා ගනිමිනි. සිද්ධියෙන් පසුව මෙකී පියා මත්පැන් පානය නොකාාරන බව ද දැන ගන්නට ඇත.ා
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බීමත් පියාට පුතුගෙන් අපූරු තෑග්ගක්
පිටිිගල Saturday, 06 October 2012 01:02 PM
බේබද්දන් සියල්ලන්ම කියන්නේ නැවත බොන්නේ නැහැ කියලා. කවුරු විශ්වාස කළත් බේබද්දන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
කුෂාන් Friday, 05 October 2012 11:51 AM
එස්.එල්.ටි.කේ.ඔයා මයිඤොක්කා ගන්න ඇවිත් ඉඩම් මනින්න එපා.(ස)
කමල් Friday, 05 October 2012 02:05 PM
මම නම් හිතන්නේ නැහැ බීම නවත්වයි කියලා. (නි)
කුමාර Friday, 05 October 2012 03:08 PM
මෙහෙමත් මිනිස්සු
වසන්ත Friday, 05 October 2012 05:04 PM
අහිංසක මනසක් කොපමණ විදවන්න ඇද්ද? අනේ තාත්තේ, ඔයගත් තීරණය දැඩි සේ සුරකින්න. (නි)
ප්‍රියංකර Friday, 05 October 2012 05:15 PM
හැමදාම හවසට වෙනිවැලිගැට ටිකක් තම්බලා බිවුවා නම් මහන්සිය අඩුවෙනවනේ. (නි)
පනාගොඩ Friday, 05 October 2012 06:16 PM
තාත්තා නම් ෂුවර් එකටම ඉතාලියේ ඉදලා ගිය කෙනෙක්. (නි)
සේපාලි Friday, 05 October 2012 06:48 PM
කමල්, එහෙම කියන්න එපා. තමන්ගේ දරුවන් වෙනුවෙන් වැරදි අත්හළ දෙමවුපියන් ඕනෑතරම් ඉන්නවා. (නි)
ලසන්ත ගම්පහ Friday, 05 October 2012 11:28 PM
ගොඩක් ආදර්ශමත් පුතෙක්..!(නු)
සේනානායක Saturday, 06 October 2012 12:06 AM
අනේ වාසනාවන්..!(නු)
මනෝජ් Saturday, 06 October 2012 06:30 AM
වැඩි කල් නොගොස් පියාට තේරෙනවා නොබී ඉන්න එකේ වාසිය.. ඔහු තවත් කවදාවත් බොන්නේ නැහැ..!(නු)
මෙත් Saturday, 06 October 2012 10:53 AM
හොඳ ළමයෙක් , සුබ පැතුම් (ස)
දම්මික Saturday, 06 October 2012 10:55 AM
ආදර්ශමත් පුතෙක් , ඔබට සුබ අනාගතයක් ..!!! (ස)
පද්මි Saturday, 06 October 2012 11:18 AM
මේ පියතුමාට මින් මිදී දිවිය නිරෝගීව ගෙනයාමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේවා! (නි)
පනාගොඩ Friday, 05 October 2012 11:15 AM
ඉතාලියේ වෙන්නප්පුවේ කට්ටිය අතරද අධික බීමත්කම විශාල ප්‍රශ්නයක් වී ඇත. (නි)
චානක Saturday, 06 October 2012 03:08 PM
හොඳ මිනිස්සු රටට අවශ්‍ය කාලයක් , සතුටුයි (ස)
අමිලා Sunday, 07 October 2012 10:43 AM
පුතා කියලා තියෙන්නේ අරක්කු බොන්න එපා කියලාකේ..දැං මෙයා අරක්කු නැතිව වෙන ඒවා බොයිද දන්නේ නැහැ.. කෙසේ වෙතත් මේ ළමයාට සුභ අනාගතයක්..!(නු)
උෂාන් Sunday, 07 October 2012 11:21 AM
ඔය බොන සල්ලි දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න කියලා අපි ඒ තාත්තාට කියනවා..!(නු)
නිරෝෂන් Sunday, 07 October 2012 02:53 PM
බීමත් පියවරුන්ගේ දරුවන්ගේ ප්‍රාර්ථනය තමන්ගේ පියාගේ බීමත්කම නැවැත්වීමයි (නි)
පනාගොඩ Sunday, 07 October 2012 04:47 PM
රංජිත්, පිටිගල, ඔබ හරි. ඉතාලි වල ඉන්න වෙන්නප්පුවේ අයත් ඔහොමම තමයි. (නි)
ළමිස්සි Sunday, 07 October 2012 04:55 PM
නියම තෑග්ග
පාලිත Monday, 08 October 2012 01:51 AM
අයියෝ සල්ලි
මනම්පේරි Monday, 08 October 2012 10:10 AM
පුතේ සාමාන්‍ය පෙළ විභාගයත් සමත් කරගන්න. නැත්නම්.........? (ස)
කීර්ති Tuesday, 09 October 2012 01:01 AM
අපේ මහන්සියට හවසට පොඩි අඩියක් ගැහුවා , දරුවෝ හදලා ඒකටත් තිත තියන්න උනා (ස)
කීර්ති Tuesday, 09 October 2012 01:01 AM
ඇගේ මහන්සියට හවසට පොඩි අඩියක් ගැහුවා. දරුවන් හදලා ඒකටත් තිත තියන්න වුණා. (නි)
ගිමාල් Tuesday, 09 October 2012 05:17 AM
ඕවා ගණන් ගන්න එපා. හොරෙන් ගිහින් බොන්න. (නි)
වෙනුර Thursday, 11 October 2012 11:03 PM
මේ දෙන්නව ආදර්ශයට ගන්න පුලුවන් නම් මේ රට කොයිතරම් ලස්සනයිද? (නි)
සචිනි Monday, 05 November 2012 12:27 PM
ඇත්තටම ගොඩක් හොද තාත්තා කෙනෙක්. (නි)
නිරාන් Thursday, 04 October 2012 03:34 PM
ඉතාම වටිනවා , පුතාට සුබ අනාගතයක් වේවා (ස)
රන්ජන් Thursday, 04 October 2012 10:46 AM
ආදර්ශමත් පියෙක් සහ රටක් වටිනා බුද්ධිමත් දරුවෙක් (ස)
සරත් Thursday, 04 October 2012 10:51 AM
හොද පුතෙක්, ඇහුම්කන් දෙන පියෙක්
වරුණ Thursday, 04 October 2012 10:53 AM
බුදු තාත්තෙ බොන්න එපා.... අද සමාජයේ විශාල වශයෙන් දරුවන් දැවෙන ප්‍රශ්නයක් මේක... තාත්තා බීගෙන ගෙදර එන විට අම්මත් දරුවොත් පොඩි ගින්දරක් උසුලන්නෙ.කවදා මේ මිනිස්සු මේ විනාශයෙන් ගැලවෙයිද? (ස)
දයා - සෞදි Thursday, 04 October 2012 11:05 AM
අන්න හරි පුතේ... හොඳ පුතා.තාත්තගෙන් ඉල්ලුව තෑග්ග හරි.පුතාගේ අනාගතය අධ්‍යාපනයෙන් බැබලේවා කියලා අපි සෞදි අරාබි රටේ ඉඳලා පතන්නෙමු. (ස)
කුමාරි Thursday, 04 October 2012 11:20 AM
පමා වෙලා හරි ළමයා වෙනුවෙන් ගත් තීරණය හොදයි (ස)
ලාල් Thursday, 04 October 2012 11:35 AM
ජයවේවා පුතේ
චන්දුසිරි Thursday, 04 October 2012 12:14 PM
අසරණ දරුවෝ..!(නු)
අල්විස් Thursday, 04 October 2012 12:54 PM
මම සුබ පතනවා සුබ අනාගතයක් සඳහා (ස)
යොහාන් Thursday, 04 October 2012 12:52 PM
දරුවගේ මනස තුල කෙතරම් කාලයක් පියාගේ මේ හැසිරීම තිබෙන්නට ඇද්ද ? (ස)
හර්ෂණ Thursday, 04 October 2012 01:33 PM
මමත් පියෙක්.. අරක්කු සිගරට් නොබොන.. ඒ උනාට මේ සිද්ධිය කියවුවේ කදුලින් පිරි දෙනෙතින්.. ඇත්ත පියෙකුට තම දරුවා වෙනුවෙන් කළ නොහැක්කක් නැහැ..!(නු)
අමිල කටුනායක Thursday, 04 October 2012 01:45 PM
ඒකනම් ඔක්කොටම වඩා වටිනවා (ස)
රාජා Thursday, 04 October 2012 02:08 PM
බුද්ධිමත් දරුවෙක්. ඉදිරියේ තවත් හොදින් අධ්‍යාපන කටයුතු කරගන යන්න වාසනාව ලැබේවා!.(ස)
සුජිත් Thursday, 04 October 2012 02:57 PM
පිය පුතු දෙදෙනාම දිනුම්, සුබ පැතුම් පුතේ (ස)
එස්.එල්.ටී.තේ Thursday, 04 October 2012 10:49 AM
සමෘද්ධිලාභී ගොවි මහතෙක් ? ගොවිතැනින් අදායම මදි නිසා සමෘද්ධිය දෙනවද, සමෘද්ධිය මදි නිසා ගොවිතැන් කරනවා ද ? මෙයා හවසට සප්පායම් වෙන්නේ මොන සල්ලි වලින්ද ? (නු)
බුද්ධික Thursday, 04 October 2012 03:45 PM
රටක් වටින පුතෙක්.. සුභ අනාගතයක්..!(නු)
හේමන්ත Thursday, 04 October 2012 04:02 PM
කතාව ඇත්ත උනත් නැතත් , අවසානයේදි මගේ ඇස් කඳුලින් පිරුනා (ස)
කටුවාන Thursday, 04 October 2012 04:12 PM
සතියකට පස්සේ ඇරියස් එකත් එක්ක බොයි. (නි)
චින්තක Thursday, 04 October 2012 04:26 PM
රත්තරන් පුතේ , ඔබට සුබ අනාගතයක් (ස)
සමුදි Thursday, 04 October 2012 04:31 PM
ඇඩෙනවා තනි ඇහැට (ස)
ෂහීම් Thursday, 04 October 2012 04:48 PM
මිනිස්සු වැරදි කරනවා තමයි. ඒත් වැරැද්ද තේරුණහම ඒකෙන් අයින් වෙන එකයි මනුස්සකම. හොද පුතෙක් සහ පියෙක්. (නි)
පාලිත Thursday, 04 October 2012 05:26 PM
බොහොම හොදයි පුතේ. තවත් හොද තාත්තෙක්ගේ බීම නවත්වන්න ඔයාට පුලුවන්. (නි)
තුවාන් ෂෙරිෆ් Thursday, 04 October 2012 06:03 PM
උදේට බුදුන්ට පහණ තියලා උදැල්ලටත් වැදලා තමා කුඹුරට යන්නේ. හවසට පානය නොකරන ගොවියෙක් හොයාගන්න බැරි තරම්..!(නු)
කාන්ති Thursday, 04 October 2012 07:37 PM
එස්.එල්.ටී.කේ., ඇත්තටම ඔයාට සමෘද්ධිය නැද්ද? ඔයා සමෘද්ධිය ලැබෙනවට ආසද? මේ වගේ දෙයක් බලලා සතුටු වෙන්න. ඒ දරුවත්, පියත් ගොඩක් උතුම් අය කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අරුණ Thursday, 04 October 2012 11:24 PM
කොච්චර කාලෙකටද දන්නේ නැහැ. (නි)
ජගත් Friday, 05 October 2012 05:04 AM
දෙන්නටම සුභ පැතුම්! (නි)
සුදත් Friday, 05 October 2012 07:28 AM
දරුවන් ගැන හැමදාමත් හිතන්න. එවිට ලෝකය ලස්සන වේවි. (නි)
රත්නේ Friday, 05 October 2012 10:04 AM
පුතාට දුන්න පොරොන්දුව සදා කල් රැක ගන්න තාත්තට ධෛර්ය ලැබේවා (ස)