X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බොරු ඇගෑලුම්කමක් පාලා ආත්තම්මාගේ පින් පඩියට විදලා

(දූනගහ - බටේපොළ විජේසිරි)
වයෝවෘද්ධ මවකව මහජන ආධාර මත ලැබුණු රුපියල් 1,500ක මුදල යතුරුපැදියකින් ආ තරුණයකු විසින් වංචනික ලෙස රැගෙන යනු ලැබීමේ පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


මාසයේ මහජන ආධාර ලබා ගැනීමට දිවුලපිටිය තැපැල් කාර්යාලයට පැමිණ මෙම අත්තම්මා නියමිත මුදල ද ලබාගෙන මහ පාරට පැමිණියේ පා ගමනින්ම නිවෙසට යාමටය.


ඇය තමාට ලැබුණු මුදලින් නිවසේ ලෙඩ ඇඳේ සිටින සැමියාට කිරි පැකට්ටුවක්, මිනිබිරියට පබළු මාලයක් ආදිය ගෙන යාමට සිතුවාය.


එහෙම කළොත් ලොකු මුදලක් යාවි යැයි ඇයට සිතුණි.


ඒ සමගම යතුරුපැදියක් ඇය අසල නැවතුණේය. එහි සිටියේ තම ලොකු දුවගේ බාල කොලුවාට සමාන ගැටයෙකි.


“ආ.... නැන්දේ, ගෙදර යනවද?” ඔහු විමසීය.


“ඔව් පුතේ.... මම පින් පඩිය ගන්න ආවා. නාලක පුතා නම් ගෙදර”


“නාලකය ගෙදරද?”


“නැන්දෙ මම නැන්දව ගෙදරට ගිහින් ඇරලන්නම්. නැන්ද අතේ සල්ලි තියනව නම් මට එක්දාස් පන්සීයක් දෙන්න. මම ගෙදර ගිය ගමන්ම දෙන්නම්”.


ඇය කොලුවාට රුපියල් එක්දහස් පන්සීය දුන්නාය. කොලුවා එය රැගෙන යතුරුපැදියෙන් ඉගළී ගියේය.


අත්තම්මා පාරට වී බලා සිටියේ නාලක පුතාගේ මිතුරා ආපසු එන තුරුය.


ඔහු ආවේ නැත.


අත්තම්මාට ඇඬුම් ආවාය. ඇය හඬනවා දුටු ත්‍රිරෝද රියැදුරකු සිද්ධිය අසා කම්පාවට පත්ව ඇය නිවසට ඇරලුවාය.


අත්තම්මා මේ සිද්ධියෙන් තවමත් කම්පාවට පත්වී සිටින්නීය.

 



අදහස් (1)

බොරු ඇගෑලුම්කමක් පාලා ආත්තම්මාගේ පින් පඩියට විදලා

sampath Friday, 19 July 2019 12:31 PM

මේ වගේ තරුණ ජවයක් රටට මොකටද? මේ මනුස්සයාට රුපියල් 100ක් 200ක් දිනාගන්න පුළුවන් තරුණයෙක් මේ සමාජයට නිර්මාණය කරගන්න බැරි තරමට පිරිහිලා ලංකාවේ මහජන අාධාර ලබන්න අන්ත දිලිඳු අහිංසක ජනතාව අනිවාර්යයෙන්ම මේ සල්ලිවලින් කුඩු ගහන්න යන්න ඇති. ආයේ දෙකක් නැහැ.

:       0       27

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site