(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
රූමත් දියණියන් තිදෙනාගේ නිදන කාමරයේ ජනේලය ළඟ කාලයක් තිස්සේ හොල්මන් කළ භූතයා බොරු වළක වට්ටා බැඳ පන්නා දැමූ පියකු පිළිබඳව පුවතක් දකුණේ ගම්මානයකින් වාර්තාවේ.
දියණියෝ තිදෙනාම රූමතියෝය. රූපසුන්දරියන් නොවුණත් ඔවුන් තිදෙනාටම තිබුණේ එකිනෙකාට නොදෙවැනි රූපකායකි. මේ නිසාම ගමේ කොල්ලො කුරුට්ටන්ගේ නෙත් මේ කෙල්ලන් තිදෙනාට ගියේ නිරායාසයෙන්මය. ඉබේටමය. ඔවුන් තිදෙනා සමග හාදකම් පැවැත්වීමට ගමේ තරුණයන් උත්සාහ දැරුවත් එය ගඟට කැපූ ඉනිමෙන් වූයේ ඔවුන් තිදෙනාම ඉගෙනීමට එකසේ දස්කම් දැක්වූ නිසාය. ඉගෙනීම හැර වෙනත් ලෝකයක් ඔවුනට නොතිබූ නිසාය.
ගමේ කොල්ලකු මේ කෙල්ලන් තිදෙනාගෙන් මද්දුමීට පෙම් බැන්දේ සිතෙන්ය. ඔහුට ඇය දැක්කත් සනීපය. මේ නිසාම ඔහු ඇය දැකීමට දැක්වූයේ පුදුම ආශාවකි. දැඩි කැමැත්තකි. ඇයගේ කටහඩ ඇසුනත් ඔහුට සනීපය. ඒ සියලුදේ සිදුවූයේ හැමට හොරෙනි. සිතෙනි.
කාලය ගෙවීයද්දීම මේ තරුණියන් තිදෙනාගේ නිදන කාමරය ආසන්නයේ රාත්‍රියට කවුරු හෝ සැරිසරන බවට සලකුණු මතු වෙන්නට පටන් ගත්තේය. ඒ පිළිබඳව සොයා බැලුවත් හොල්මන් කරන තැනැත්තා කොටුකර ගැනීමට නොහැකි වූයේය. දවස් ගණන් රාත්‍රියට එළි මහනේ සිට රැක්කේය. ගස් කොළන් උඩ සිට මෙය අල්ලා ගැනීමට රැක්කේය. එදාට ජනේලය අසල හොල්මන් කිරීම සිදු නොවේ. ඒ අනුව මේ නිවසේ උදවිය මෙය භූතයකුගේ වැඩක් යයි සිතුවෝය.
මේ සම්බන්ධයෙන් බැලූ සාස්තරයෙන්ද එය කියූ නිසාම නිවැසියෝ එය භූතයකුගේ වැඩක් යයි තවදුරටත් සිතූහ. ඒ සඳහා ගුරුහරුකම් කළද පලක් නොවීය. මෙය ඒ නිවැසියන්ට මහත් හිසරදයක්ව පැවතිණ. මේ භූතයා කොටුකර ගැනීමට දියණියන්ගේ ගේ පියා උපායවල් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ එකක්වත් හරි නොගිය තැන ඊට අපූරු උපායක් යෙදෙව්වේය.
එදා රෑ සිය දියණියන්ගේ නිදන කාමරයේ ජනේලය ආසන්නයෙන් පුද්ගලයකුගේ මර ලතෝනියක් ඇසුණේය. ඒ සමගම ක්‍රියාත්මක වූ නිවැසියන්ට දැක ගැනීමට හැකි වූයේ සිය ජනේලය අසල වළක වැටී එයින් ගොඩ ඒමට දගලන ගමේ තරුණයෙකි.
දියණියන්ගේ පියා උපායක් ලෙස ජනේලය ආසන්නයේ කැපූ බොරු වළක ඔහු වැටී සිටියේය. අහල පහළ අයගේද ආධාර උපකාරයෙන් වළේ වැටී සිටි තරුණයා ගස් බැඳ පොලීසියට භාර දුන්නේ ඉන් අනතුරුවය.
පොලීසියට ඔහු පවසා ඇත්තේ එම නිවසේ මද්දුමීට ඇති ආදරය නිසා ඇයගේ කට හඬ අසනු රිසියෙන් තමා රෑට රෑට හොඳ සෝදිසියෙන් සිට මේ නිවසට පැමිණ ජනේලය අසල සිටින බවය. දියණියන්ට කරදරයක් හෝ හිරිහැරයක් කිරීමේ අටියෙන් තමා මෙසේ රැඳී නොසිටින බවද ඔහු පොලීසියට පවසා තිබේ. එදායින් පසුව මේ භූතයා තියා වෙනත් කිසිම භූතයකුගෙන්වත් මේ දියණියන්ට කිසිම හිරිහැරයක් සිදු නොවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
භූතයා බොරු වළේ