X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මඟුලට වින කටින්න ගැසූ තුරුම්පුව කණපිට පෙරළේ

යෝජිත විවාහයක් කඩාකප්පල් කිරීමට බොරු කේළාම් කී අයකු මනමාලයාගේ පියාගේ උත්තරයෙන් නිරුත්තර වීමේ සිද්ධියක් දකුණු පළාතේ ගමකින් වාර්තාවිය.

සිද්ධිය වාර්තා වූයේ මෙසේය. මගුල් කපුවකුගේ මාර්ගයෙන් තරමක් ඈත ප‍්‍රදේශයකින් තරුණයකුට තරුණියක යෝජනා විය.

මනාලයාගේ පාර්ශ්වය බලාපොරොත්තු වූ පරිදි සුදුසු තරුණියක් ඔහුට යෝජනා වී තිබේ. මනමාල මහතාගේ පියා ද විශ්වාස කටයුතු මාර්ගවලින් සොයා බැලූ කල ඇය ඉතා චරිතවත් ගුණයහපත් යෞවනියක බව දැනගන්නට ලැබිණි.

විවාහය පිළිබඳ සියලූ තීරණ ගන්නා අවස්ථාවේ මනමාල මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයෙක් පැමිණියේය. තමා මනමාලියගේ ගම් ප‍්‍රදේශයේ බවත් ඒ අය හොඳින් හඳුනන බවත් පවසා ‘‘ඔය විවාහය කරන්න එපා’’ යැයි කීය.

මනමාල මහතාගේ පියා ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ‘ඔය ගැහැනු ළමයට බබෙක් හම්බවෙන්න ඉඳල නැති කළා’’ යැයි කීය.

එවිට පියා ‘‘එක බබෙක් ද නැති කළේ’’ කියා විමසීය. එම ප‍්‍රශ්නයෙන් උද්දාමයට පත් වූ නාඳුනන පුද්ගලයා ‘‘ඔව් ඔව්’’ යැයි කීය.

එවිට මනමාලයාගේ පියා එහෙනම් කමක් නෑ. මගේ පුතාටත්  ඕන ඔය වගේ කෙනෙක්. පුතා ගේන්නෙ වඳ නැති කෙල්ලෙක්. ඒක කලින්ම දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්. ඔහේ කළේ ලොකු උදව්වක් යැයි කීය. නාඳුනන පුද්ගලයා මනමාල මහතාගේ නිවසින් පිළියෙළ වූ තේ එක ද නොබී ඉක්මනින්ම එම නිවසින් නික්ම ගියේය.

මේ වන විට ඔවුන්ගේ විවාහ මංගල්‍යය ද සාර්ථකව සිදු වී හමාරය.
 



අදහස් (0)

මඟුලට වින කටින්න ගැසූ තුරුම්පුව කණපිට පෙරළේ

සරත් Saturday, 24 August 2013 04:39 PM

දැන් ගමේ වුනත් වරකා ගෙඩියක් ආශාවකට හොයාගන්න නැහැ. වරකා වෙන්නත් කලින් ගැට පොලොස් කාලෙදිම කාලා දානවා! (නි)

:       0       0

දිසානායක Thursday, 22 August 2013 06:33 PM

රුපවති හැම තිස්සෙම දිසානායකලා දෙන්නව පටලගන්නවා මගේ නමේ මුල් අකුරු දැම්මනම් ඉවරනේ. කොහොමත් මගෙත් හීනියට මනාපයක් තියනවා රුපවතියට.(නදී)

:       0       0

නිමන්ත Thursday, 22 August 2013 07:45 PM

ඉරිසියාවට බෙහෙත් නැති එක වෙනම කතාවක්. ඒත් ඇයි මේ මාතෘකාවට කිසිම අදාල කමක් නැතුව ඉරිසියාවට දාන මෝඩ අදහස් වලට කතෘ අනුමැතිය දෙන්නේ?(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 23 August 2013 01:28 AM

නිමන්ත, ප්‍රවෘත්තියට අදාලව අදහස් දානකොට පොඩි 'ජොලියකුත්' එකතු කළාට කමක් නැහැ.ගගක් වුනත් කෙලින් යනකොට හැඩයක් නැහැනේ (නි)

:       0       0

සරත් අතාවුද Friday, 23 August 2013 08:01 AM

හොද පියෙක් මොකද හොදට කරුණු සොයාබල වැඩ කරන නිසා පියාණෙනි ඔබට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Friday, 23 August 2013 12:38 PM

ගමේ වරකා ගමේ කපුටන්ට දුන්නේ ඉස්සර. දැන් ගමේ වරකා නගරේ කපුටන්ට, නගරේ වැල ගමේ කපුටන්ට. නම බලලයි කන්න ඕන. කාලා බලලා ගන්න ඕන. (ස)

:       0       0

සරත් Friday, 23 August 2013 01:56 PM

කතාව නම් පංකාදුයි. එත් දැන් ගමේ වරකා නැහැනේ ඉස්සරවගේ. (දී)

:       0       0

චන්දි Friday, 23 August 2013 05:21 PM

මනෝජ් පිරිස්, ඔයාගේ අදහසට නම් ඇත්තටම හිනා ගියා.මොකෝ ඉතින් ගමේ වරකා..., නගරේ'' වැල'' කියලා තිබුනේ (නි)

:       0       0

නෙතුමි Friday, 23 August 2013 07:32 PM

හොඳ වැඩේ අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න එනවට,, කාටහරි වලකපන්න තියෙනවනම් මුකුත් ඕන නැහැ,,(දී)

:       0       0

ටෙනිසන් Saturday, 24 August 2013 06:25 AM

''කට ඇති පුතෙක් හා රුව ඇති දුවක්' රුපවති නැන්දට අඩු නැතිව දෙකම පිහිටලා තියනවා. දිසානායක මාම ඒක නොදැන ඉල්ලන් කෑවා. දුකත් හිතෙනවා. අනික් අයත් කල්පනාවෙන් හොදේ.(නදී)

:       0       0

ශිරෂ් Saturday, 24 August 2013 10:43 AM

ඔය මොනවට කියනවද මගේ කලින් කතා කරපු මගුල මම පිරිමියෙක් නේ කියල එක්කෙනෙක් කේලම් කියල කඩල දෙම්ම.... මට දෙන් ලස්සන හුරුබුහුටි චූටි කෙලිපෙටියෙක් ඉන්නවා. මේ මිනිස්සුනම් අන්තිමයි (අ).

:       0       0

මනෝජ් පිරිස් Saturday, 24 August 2013 01:06 PM

හා ...හා ..දැන් වරකා කන්න බැහැ....වරකා මෙහෙ නැහැ....එහෙමද කියන්නේ....(නදී)

:       0       0

තේෂාන් Thursday, 22 August 2013 05:16 PM

අනේ මන් දන්නේ නැහැ කෙන්ක්ගේ ජීවිතයක් එකකේ මෙහෙම සෙල්ලම් කරලා විවාහ වෙලා මොනාද මෙගොල්ලන්ට ලැබෙන්නේ කියලා. මනාලයාගේ තාත්තට මොලේ තිබ්බ නිසා හොඳි නැත්නම් අර හිංසක ගැහැණු ලමයාගේ හීන සහ ජීවිතෙත් ඉවරයි.(නදී)

:       0       0

දිසානායක Saturday, 24 August 2013 04:42 PM

ඔව්. දැන් කෙලින්ම පොලොස් වැල වෙන අමුතුම කාලයක් මේක ! (නි)

:       0       0

දිසානායක Saturday, 24 August 2013 04:53 PM

නැහැ මනෝජ්, චන්දිට හිනා ගියේ වෙන හේතුවක් නිසා (නි)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 24 August 2013 06:50 PM

වරකා නතිං වැල සම්තිං (නි)

:       0       0

චතුරංග Sunday, 25 August 2013 11:37 AM

ඔය වගේ කට්ටිය හැමතැනම ඉන්නවා (දී)

:       0       0

සෙන්තිල් Monday, 26 August 2013 06:50 PM

ඔය වගේ කතාවක් මීට අවුරුදු 40කට පමණ පෙර ලංකාවේ තිර- ගතවූ "ලක්ෂ්මි කල්‍යානම්" යන ෆිල්ම් එකේ තිබුණා (නි)

:       0       0

ප්‍රදීපා ඩුබායි Monday, 26 August 2013 09:54 PM

බුද්දිමත් කෙනෙක් කේලම් වලට රැවටෙන්නේ නැති (දී)

:       0       0

ප්‍රදීපා ඩුබායි Monday, 26 August 2013 09:54 PM

බුද්දිමත් කෙනෙක් කේලම් වලට රැවටෙන්නේ නැති (දී)

:       0       0

රෝහන Monday, 26 August 2013 10:45 PM

නියම මාම කෙනෙක් ආන්න මාමල. ආදර්ශමත් මාම කෙනෙක්.(අ)

:       0       0

බුද්ධික Monday, 02 September 2013 10:50 PM

තව වෙච්ච දෙයක් දන්නවද? දුව දෙන දවසේ බෑනට උඩරට ක්‍රමයට බදින්න බැහැ කියලා කසාදෙ නවත්තලා (නි)

:       0       0

හේරත් Tuesday, 24 September 2013 12:54 PM

චන්දී නගෝ, මට දුකයි ඔයාගේ මෝඩ කතා ඇහුවම. (නි)

:       0       0

නිලක්‍ෂි Thursday, 22 August 2013 11:01 AM

චමින්ද, කේන්ති ගන්න එපා හැම පළාතකම අය බොරු කේලම් කියනවා .දකුණේ අය එහෙම නැද්ද .........? (ස)

:       0       0

රොෂාන් Thursday, 22 August 2013 07:15 AM

අනුන්ට වල කපන්න නම් අතින් පැට්‍රෝල් ගහගෙන වුනත් යයි අපේ මිනිස්සු (නි)

:       0       0

වරුණ Thursday, 22 August 2013 07:34 AM

කටා මාමා හරියට හරි. දකුණම තමා දැන් හැමදේටම මුල. (නි)

:       0       0

නිලුපුලී Thursday, 22 August 2013 07:41 AM

වෙන පළාතක කෙනෙක්නෙ දකුණට කේලම අරගෙන ගිහින් තියෙන්නේ.යමක් කියවල හරියට තේරුම් ගන්න බැරි උදවිය විභාගවලට මොනවා ලිව්වද අනේ?දකුණ කිව්වා ගමන් උන්හිටිතැන් අමතක වෙනවා.යන්නේ කොහෙද මල්ලේ පොල්.(අ)

:       0       0

සරත් Thursday, 22 August 2013 09:10 AM

නියම මාමා කෙනෙක්. අපේ ගෙවල් ළඟ හොඳම නැන්දම්මා කෙනෙක් ඉන්නවා. සේවාවක් අවශ්‍ය නම් මා අමතන්න. (ස)

:       0       0

චමින්ද Thursday, 22 August 2013 09:26 AM

නිලුපුලී හරියටම හරි, කට මාමායි වරුණයි නිවුස් එක කියවලම දාන අදහසක් දැම්ම නේද හොඳ. නිකන් දකුණ කියන වචනෙ දැක්ක ගමන් මොලේ කොලොප්පන් වෙලා අදහස් දාල මෝඩකම පෙන්නන්නේ නැතුව. (දී)

:       0       0

මිලාන් Thursday, 22 August 2013 10:23 AM

අවංක ආදරේට සල්ලි ජාති ආගම ගැටළුවක් නැ ඔයවගේ මගුල් කඩන කට්ටිය උල තියන ඕනේ (දී)

:       0       0

චමින්ද Thursday, 22 August 2013 10:39 AM

ප්‍රතිචාර දාන කෙනෙක් හරියට කියවල බලල ප්‍රතිචාර දානවා නම් හොදය. කේලම කියල තියෙන්නේ පිට පළාතක කෙනෙක්. දකුණ ගෙන තේරුමක් නෙතිව අපහස කරන්න එපා. (දී)

:       0       0

රණතුංග Thursday, 22 August 2013 10:43 AM

මෙහෙමත් සිද්දී වෙනවානේ

:       0       0

චතුර Thursday, 22 August 2013 10:50 AM

අනේ අම්මප, කතාව නම් ඒකීය ශ්‍රී ලංකාවක්, එකම රටක්, එකම ජාතියක්, ඒ උනාට බැලුවොත් ආගමක් බදාගෙන ගහගන්නවා, එක්කෝ ජාතියක් බදාගෙන ගහ ගන්නවා, ඔය මොකුත්ම නැත්තම් පළාතක් බදාගෙන ගහගන්නවා. මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ. (දී)

:       0       0

සමන්ත Thursday, 22 August 2013 10:58 AM

ඔන්න පටන් ගත්තා වම, දකුණ, පිස්සුද මන්ද? මේ පුංචි රටේ මිනිස්සුන්ට කොහේ හරි බෝම්බ පත්තු වුණ කාලේ අපි හිටියේ ඔය කියන දෙකම මාරු වෙලා නේද? යාලුවනේ මම වැරදිද මන්ද ? (ස)

:       0       0

කටා මාමා Thursday, 22 August 2013 02:12 AM

දකුණේ පාරම්පරික සිරිත් විරිත් ඉදිරියටත් ගෙනියන්නෝ ඉන්නවා ඕන් තාමත්.. (නි)

:       0       0

පද්මිණි Thursday, 22 August 2013 11:16 AM

මගේ මවත් මානසික විශාදියකින් පෙළුනා. අක්කගේ මංගල්‍යය තීන්දු වීමට තිබියදී ලියුමකුත් රැගෙන කඩිමුඩියේ පැමිණි මනාලයාගේ මව පියාගෙන් ඇහුවා ඈ.. මහත්තයෝ.. නෝනට එක කාලෙකට මොලේ නරක වෙන අසනීපයක් තියෙනවද කියලා. මගේ පිය කිව්වා එක කාලෙකට නෙමෙයි, මේ දැනුත් ඒ ලෙඩේ හැදිලා ඉන්නේ. අර කාමරේ ඉන්නේ. කියලා.මගේ පියාගේ අවංකකම ගැන පැහැදුන ඒ අය කලින්ටත් වඩා ඉක්මනට මංගල්ලේ ජයටම ගත්තා. (නි)

:       0       0

චමින්ද Thursday, 22 August 2013 11:41 AM

නිලක්‍ෂි මෙතන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. කේලාම් කියන අය රට පුරාම ඉන්නව තමයි. ඇයි දකුණෙන් පිට කෙනෙක් කරපු වැරැද්දකට දකුණට දොස්? (දී)

:       0       0

මධු Thursday, 22 August 2013 12:24 PM

රටේ හැම පළාතේම කේලම් කියන අය නම් ඉන්නවා.හැබැයි දකුණේ ටිකක් වැඩී. (ස)

:       0       0

පහන් Thursday, 22 August 2013 12:25 PM

හත්වලාමේ අර මක්කටෙයි මං ඔහෙලට බොරු කියන්නේ ? (ස)

:       0       0

හේරත් Thursday, 22 August 2013 01:01 PM

මොකද තාම රුපවතිගේ අදහස් නැත්තේ (දී)

:       0       0

සහන් Thursday, 22 August 2013 01:51 PM

ප්‍රතිචාර දාන කෙනෙක් හරියට කියවලා බලලා ප්‍රතිචාර දාන්න. දන්නේ නැද්ද දකුණේ අයව අන්දන්න අමාරුයි කියලා (නි)

:       0       0

බමුණු Thursday, 22 August 2013 01:58 PM

ආ මේ දකුණේද? මම හිතුව දකුණේ තමයි කියලා.(නදී)

:       0       0

නිශාර්ඩ් Thursday, 22 August 2013 02:28 PM

සුව කල නොහැකි එකම රෝගය ඊර්ශියාව. (ස)

:       0       0

දිසානායක Thursday, 22 August 2013 04:05 PM

හේරත් කොහොමද මේකට රූපවතී අදහස් දාන්නේ! එයාගෙම කතාව නිසා! හැබැයි රූපවතී දීග ගියේ ළමයත් අරගෙනලු!(නදී)

:       0       0

රූපවතී Thursday, 22 August 2013 04:52 PM

දිසානායක මාමේ වැඩ ඇරි දැනුයි ආවේ ..ඔයාල නම කියල කෑගහන නිසාම..ලියන්න හිතුනා.. කොහොමටත් අපේ දිසානායක මාමා ටිකක් හිතේ අමාරුවෙන් මේ දවස් වල කතා කරන්නේ... එකක් උපන් දිනේ තියෙන්න ඇත්තේ පසු ගිය සතියේ වෙන්න ඇති ..නෝනා හාමි කිරිබත් ටිකක් වත් උයල දෙන්න නැතුව ඇති...? අනික කාගෙවත් කොලුවෙකුට උප්පැන්නේ දුන්න කියල හිතට ටිකක් පීඩනයකුත් ඇති...? ඒ උනත් කමක් නැහැ දිසානායක මාමේ ඔයා..එදා ගොඩක් සතුටු උනානි..මහා සාගරයක් වගේ දේපලක් ඔයාට නෝනා හාමිව කරකාරේ බැදපු දිනේට හම්බු උන නිසා...? ඉතින් ඔයා මට ආඩ පාලි කියන්න එපා...?මම උගත් මිනිහෙක් එක්ක හැදිච්ච කමත් අරන් දීග ගියා....?හිත නරක් කරගන්න එපා , ඔයාට බුදුසරනයි...!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site