X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මඟුල් කපුවාගේ පචය මනාලියගේ තාත්තාට අතේ මාට්ටු

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
විවාහ මංගල යෝජනාවක් ගෙන ගොස් තරුණියගේ පියා ඇතුළු ඥාතීන් ට යෝජිත තරුණයා ගැන බොරු බේගල් ඇද බෑ මඟු‍ල් කපුවකු ට පහර දී පන්නා ගැනීමේ සිද්ධියක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ.


මොහු ප්‍රදේශයේ ප්‍රකට මගුල් කපුවෙකි. වෘත්තීය වශයෙන් වෙනත් රැකියාවක් කරන මොහු අමතර වෘත්තියක් ලෙස මගුල් කපුකම කරන අයෙකි. පැරණි මගුල් කපුවන් මෙන් අතේ කුඩයක් නැතත් දිනපොත නම් වරදින්නේ නැත. එහි නිතරම තරුණ තරුණියන්ගේ කේන්දර පිටපත් හා ඡායාරූපවලින් නම් අඩුවක් නැත. 


ජැන්ඩියට ඇඳ පැළඳගෙන යන මොහු මනාලියන් හා මනමාලයන් මුරුංගා අත්තේ ඉහළින් ම ඔසවා තබමින් වර්ණනා කිරීම ට මහත් රුසියෙකි. මොහු ජෝඩු කරන ඇතැම් මගුල්වල තොරතුරු හෙළිවන්නේ විවාහය සිදු වී මාසයක් දෙකක් පමණ ගත වූ පසුවය. දෙපාර්ශ්වයේ කිසිදු කෙනකුගේ අඩුවක් නොකියන නිසාවෙන් ඇතැම් විට මොහුට ප්‍රශංසා කරන අයද නැත්තේ නොවේ. 


තම පුතුට හොඳ තැනකින් මනාලියක් සොයාදෙන ලෙස තරුණයකුගේ මව්පියන් මොහුගෙන් ඉල්ලා සිටියේ මග වියදම් වශයෙන් අත්තිකාරම් මුදලක් ද දෙමිනි. 


‘කිසි දෙකට බය වෙන්න එපා. මෙන්න හොඳ ගැහැනු ළමයෙක් ඉන්නවා’ යැයි කියමින් තරුණියකගේ ඡායාරූපයක් පෙන්වීය. යෝජිත තරුණයා ප්‍රකට තරු පහේ සංචාරක හෝටලක මුළුතැන්ගෙයි  සේවය කරන අයෙකි. 
එළැඹුණු සති අන්තයේ තරුණියගේ නිවෙසට ගියේ දහසක් බලාපොරොත්තු ඇතුව තරුණයාගේ කේන්දර පිටපත හා ඡායාරූපයක් ද රැගෙනය. 


තරුණියගේ මව්පියන්ට තරුණයා ගැන මහත් වර්ණනාවක් කරමින් කේන්දර පිටපත දෝතින් ම දුන්නේ සියලු‍ දෙවියන්ගේ පිහිටෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමිනි. 


සංචාරක හෝටලයක ප්‍රධාන සූපවේදියා බවත්, මත් වතුර හා දුම්බීම කිසි දිනක පාවිච්චි නොකරන බවත්, මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවා ගන්නා බවත්, මේ පවුලට ලෙහෙසියෙන් අල්ලා ගැනීමට බැරි පවුලක් යැයි ලොකු කතාවක්ද කීවේය.


කපුවා කියන දේ එකක්වත් සත්‍ය ඒවා නොවන බව වටහා ගැනීමට තරුණියගේ පියාට වැඩි වෙලාවක් ගත නොවීය. 


‘කෝ ඔය මනාලයාගේ ෆොටෝ එකක් තිබෙනවා දැ’ යි තරුණියගේ පියා ඇසූ විට දින පොතේ තිබූ ඡායාරූපයක් පෙන්වීය. 


‘ ආ... මෙයාද මනමාලයා. මම වැඩ කරන්නෙත් මේ මිනිහා වැඩ කරන හෝටලයේ කුක් කෙනෙක් හැටියටයි’


තරුණියගේ පියාගේ මුවින් වචන ටික පිටවෙද්දි කපුවාගේ ඇස් උඩ ගිහින් විමතියෙන් බලා සිටියේය. 


‘මෙයා වැඩ කරන්නේ මගේ යටතේ. ඊයෙ වෙනකම් මොහු කළේ හට්ටි වළං සේදීම විතරයි. මූට තියා මටවත් රුපියල් ලක්ෂයක පඩියක් ලැබෙන්නේ නැහැ. අපට බොරු කියන්න. මූ මඟු‍ල් කපුවෙක් නොවෙයි. කොහේවත් නැති මහා බොරුකාරයෙක්. මම හිටපු නිසා මගේ දුව බේරුණා. අපේ ඇස්වලට නොපෙනී වහා පිටවෙයන්’ යැයි කියමින් තරුණියගේ පියා අසල තිබූ පොල්ලකින් පහර දීමට සැරසෙද්දී මඟු‍ල් කපුවා පැන දිව්වේ පැදගෙන ගිය පාපැදිය ද එතැන තිබියදීය.



අදහස් (0)

මඟුල් කපුවාගේ පචය මනාලියගේ තාත්තාට අතේ මාට්ටු

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site