(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
තමා සහභාගි වූ මංගල උත්සවයේ මත්පැන් සාදයක් නොතිබීමත්, ගෙදර ගෙනයාමට කෑම පාර්සලයක් නොලැබීමත් නිසා දීමට ගිය තෑගි මුදලෙන් බාගයක් පිරිනැමූ පුද්ගලයකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
බොහෝ දෙනා හඳුනාගෙන ඇති පරිදි ඔහු බෙහෙවින් මසුරු පුද්ගලයෙකි. මසුරු බව කොතෙක් ද යත් රුපියල දෙකට ගැලවිය හැකිනම් ඒකත් දෙකට ගලවා රුපියල් දෙකක් ලෙස භාවිත කිරීමට ඔහු පසුබට නොවේ.
තමාට ලැබෙන වාසිය ගැනම පමණක් සිතා සෑම විටම කටයුතු කරන හෙතෙම, මඟුල් ගෙදරකට, දානෙ ගෙදරකට හෝ එවැනි අවස්ථාවකට සහභාගි වුවහොත් ආපසු නිවෙසට එන විට කෑම පාර්සලයක් ඉල්ලාගෙන ඒමට අමතක නොකරයි.
පසුගිය දිනෙක මංගල උත්සවයක් සඳහා ඔහුට ඇරයුම් ලැබිණ. උත්සවය පැවතියේ කිලෝ මීටර් හැට හැත්තෑවක් ඈතින් පිහිටි උත්සව ශාලාවකය.
උත්සවයට යාමට පෙර සිය බිරිඳ ඇමතූ ඔහු මඟුල් ගෙදරට කීයක් විතර දිය යුතුදැයි බිරිඳගෙන් ඇසුවේය. ඔවුන්ගේ පුතාගේ මංගල උත්සවයට ඒ අය රුපියල් 3000/=ක් දී තිබූ බැවින් රුපියල් 5000/=වත් දිය යුතු යැයි බිරිඳ යෝජනා කළාය.
එම යෝජනාවට එරෙහිව යමක් නොපැවසුවද මංගල උත්සවයේ දී ලැබෙන සංග්‍රහ සත්කාර පිළිබඳව සලකා බලා දෙන මුදල තීරණය කිරීමට ඉටාගත් හෙතෙම නම ලියූ ලියුම් කවරයක් ද දාහෙ පන්සීයෙ නෝට්ටු කීපයක් ද පසුම්බියට දමා ගත්තේය.
මංගල උත්සවයේ දිවා භෝජන සංග්‍රහය ඉතාමත් ඉහළ මට්ටමෙන් තිබුණ ද මත්පැන් නොතිබීම නිසා ඔහුගේ සුරා මතින් සැනසීමේ බලාපොරොත්තුව හිරු දුටු පිණි මෙන් සුන්වී ගියේය. (සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම දිනවල මංගල උත්සවවලට මත්පැන් සඳහා අවසර නොලැබිණි)
ඔහු ගම් ප්‍රදේශයේ ප්‍රකට මත්පැන් ලෝලියෙකු වුව ද තම අතින් වියදම් නොකර කාගේ හෝ දතක් ගැලවීමට උපන් හපනෙකි.
දිවා භෝජනයෙන් පසුව මනමාලියගේ පියා අසලට කිට්ටු වූ හෙතෙම ඔහුගේ කනට කර ‘‘මල්ලි මට ගෙදර ගෙනියන්න කෑම එකක් ගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ නේ ද?” යැයි විමසීය.
‘‘අනේ අයියෙ ගමේ මඟුල් ගෙවල්වලින් වගේ මේවයින් කෑම පාර්සල් ගෙනියන්න ඉල්ලන්න බැහැනේ” යැයි ලැබුණු පිළිතුරෙන් ඔහුගේ දෙවන බලාපොරොත්තුව ද සුන්වී ගියේය.
උත්සවය අවසානයේ තෑගි බෝග පිරිනැමීමේ අවස්ථාව එළඹිණ.
බිරිඳ කීවාට රුපියල් පන් දහසක් දීමට නම් ඔහුගේ සිත කොහෙත්ම ඉඩ දුන්නේ නැත. ගණන අඩු කරන ලෙස සාධාරණ හේතු ඔහුගේ මසුරු සිත පුන පුනා ඔහුට කියයි.
පැමිණි වාහනේට දාහයි, මධුවිත නැති එකට පන්සීයයි, කෑම පාර්සලයට පන්සීයයි. අඩු කළා දෙදාහයි.
ණයත් කැපෙනවනේ, තුන් දාහ ඇති.
ඔහු ගණන සාධාරණීකරණය කළේය. තුන් දහසේ ලියුම් කවරය නව යුවළට දී සුබ පැතුවේය .
මුදලෙන් රුපියල් 2000/=ක් අඩු කළ බවක් බිරිඳට නොකීමට ඔහු ප්‍රවේශම් වුවද පසුගිය දිනෙක මිතුරන් සමඟ මදුවිත තොලගා බමර පදම් වී පම්පෝරි කියද්දී මඟුල් ගෙදරට ගිය බජට් එක ඔහුත් නොදැනීම ඔහුගේ කටින් ම එළියට පැන්නාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මඟුලේ මදුවිත නැතුව බජට් එක කපලා