X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මනාලයාගේ බොරු දත් කුට්ටම් දැක මනාලිය ගෙදර ඇවිල්ලා

මධුසමයේ පළමු දින රාත‍්‍රියේදීම සැමියාගේ බොරු දත් කුට්ටම් දෙක බිරියට හමුවීම නිසා විවාහය එතැනින් කෙළවර වීමේ පුවතක් මැදරට ගමකින් ඇසෙයි.
මැද රට තරුණයකු කොළඹ ප‍්‍රදේශයේ තරුණියක හා විවාහ වූයේ මංගල යෝජනාවක් අනුවයි. ඉතා කෙටි කලකින් විවාහ උත්සවය ජයටම ගැනීමෙන් පසුව නව යුවළ මධුසමය ගත කරන්න ගියේ නගරයේ එක්තරා හෝටලයකටයි. විවාහයේ පළමු දින රාත‍්‍රියේදීම බිරියට සැමියාගේ බොරු දත් කුට්ටම් දෙකම ඇඳ මත තිබී හමුවිය.

කොළඹ ප‍්‍රදේශයේ නාගරික පරිසරයක හැදුණු තරුණියට සිය සැමියා බොරු දත් කුට්ටම් දෙකක්ම පැළඳ ඇති බව දැන ගත් විට හැඟී ගියේ තමන් රැුවටීමකට ලක්ව ඇති බවයි. ඇය සියල්ල සිය ඥාතීන්ට පවසා එම විවාහය එතැනින් කෙළවර කර ගත්තාය.



අදහස් (0)

මනාලයාගේ බොරු දත් කුට්ටම් දැක මනාලිය ගෙදර ඇවිල්ලා

සෙන්සාන් Friday, 16 May 2014 09:19 AM

මෙයාගේ දත් නැතිවෙලා තියෙන්නේ කලින් කසාදයකින්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 16 May 2014 10:56 PM

ඔව් සෙලීනා හුඟ දවසකින්, අලුත් කතා කිහිපයක්ම තියෙනවා, දිගටම ලියන්නම්කො, (ස)

:       0       0

සිරිසේන Friday, 16 May 2014 09:33 PM

සිරිපාල, මොන දහමක්ද ඒ? වංචාවෙන් බොරුවෙන් අන් අය මුලා කිරීම හරි කියලද කියන්නේ? (නි)

:       0       0

සෙලීනා Friday, 16 May 2014 05:42 PM

ෂෙරිෆ්, ඔයා හුඟ දවසකින් ඇවිල්ලා නේද විහිළු කතාවකුත් අර‍ගෙන? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 16 May 2014 05:01 PM

බොරු ඔපයට ආශාකරන මෝඩ තරුණියක් වෙන්න ඕනෑ. මනමාලයට ඇත්ත දත් කුට්ටමක් තිබිලා හදිසි අනතුරකින් දත් කැඩිලා සම්පුර්ණ දත් කුට්ටම දාන්න වුණා නම් මොකද දන්නේ නැහැ මේ තරුණිය කරන්නේ? (නි)

:       0       0

පද්මේ Friday, 16 May 2014 12:46 PM

සුලක්ෂි ඔබ හරි.මේවත් ප්‍රශ්නද? හදිස්සියේ මේ දෙන්න බැන්දට පස්සේ මනමාලයාගේ දත් නැති වුනා නම් මොකක්ද කරන්නේ. දත් විතරයි නම් බොරු හොඳ දන්ත වෛද්‍ය වරයෙකුට සල්ලි දීල ස්ථිර දත් දාගන්නවනේ. (ස)

:       0       0

නිශාන්ති Friday, 16 May 2014 11:59 AM

හරි දැන් මේ සමහරු කියන්නේ මේ ගැණු ළමය බොරුවටත් අහු වෙලා හිල් වෙච්ච කටත් දිහා බලාගෙන ජීවිත කාලයම ඉන්න ඕන කියලද? දත් තියන කොල්ලෙක් ගන්න පුළුවන් එකේ දත් නැති එකෙක් එක්ක ඉන්නේ මොන එකකටද? (ස)

:       0       0

සකී Friday, 16 May 2014 10:45 AM

මනමාලයා නම් කරලා තියෙන්නේ ලොකු වංචාවක්.පව් ඒ මනමාලි.අනික කොළඹ ගෑනු ළමයෙක්ට ඒ වගේ මනමාලයෙක් ගැලපෙන්නේ නැ. (ස)

:       0       0

සිරිපාල Friday, 16 May 2014 09:36 AM

හැමදේම අනිත්‍ය මේ ලෝකයේ දත් කුට්ටම පමණක් නිත්‍ය නැහැ නංගී...... (නි)

:       0       0

ලලිත් Saturday, 17 May 2014 03:14 PM

මම නම් කියන්නේ මනමාලි ගත්තු තීරණය හරි. (අ)

:       0       0

ගමගේ Friday, 16 May 2014 08:18 AM

පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විවාහය රැකගන්න දත් මොකටද? අනික මනමාලි දත් වලින් බලාපොරොත්තු වුණේ මොනවද? දත් නැත්නම් හොඳයි කියලයි අපේ එක්කෙනා ඒ දවස්වල කිව්වේ. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 15 May 2014 11:25 PM

මේ ලඟදි අපේ ගමෙත් තරුණයෙක් හොඳට සල්ලි බාගේ තියෙන තැනකින් මනාලියක් කැන්දන් ආවා, හෙළ සිරිතට අනුව මගුල ජයටම කෙරුණා, මගුල් දවසට පහුවෙනිදා උදේම මනාලයා මනාලියගේ පාර්ශවයට කියල තියෙනවා මට මෙයා එපා වහාම ඇවිත් එක්ක යන ලෙසට, පසුව මනාලයා පවසා ඇත්තේ දෙන්නාම උදේ නාන්න ලැහැස්තිවෙලා දත් මැද මැද ඉන්න වෙලාවේදී මනාලිය ඇගේ දත් කුට්ටම ගලවා අනේ පැටියෝ මගේ දත් සෙට් එකත් මැදලා දෙන්නකෝ යනුවෙන් පැවසූ බවයි. (ස).

:       0       0

ආරියසේන Thursday, 15 May 2014 08:17 PM

හුගාක් දෙනෙක් දත් දොස්තර ගාවට යන්නේ දත් ගලවන්නම හිතාගෙන. (අ)

:       0       0

ජයනි Thursday, 15 May 2014 07:51 PM

සඳුන් , මගේ කාර්යාලයේ මිතුරියට යෝජනා වෙලා තියෙන කෙනා බැරිවෙලාවත් ඔබ දන්නා කියන කෙනෙක් නෙමෙයි නේද? (නි)

:       0       0

සඳුන් Thursday, 15 May 2014 07:34 PM

ජයනිගේ කතාවත් ලියන්නකෝ. නුවර කෙනෙක් විශ්වාස කරලා මොකද කරගත්තේ? (නි)

:       0       0

අජිත් Thursday, 15 May 2014 07:19 PM

පහන්, කෝ ඉතින් ඔයා තවම කිවුවේ නැහැනේ ඒ මොකද කියලා. අපි බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

අනුෂ්කා Thursday, 15 May 2014 06:21 PM

කසාද බඳින වයසේ තරුණ කෙනෙකුගේ දත් නැති වුණේ කොහොමද? කට තිබුන පලියට ඕනෑ නැති කතා කියන්න ගිහින් දත් ටික කුඩු කරගත්තාද දන්නෙ නැහැ. මනමාලිය යන්තම් බේරුනා. (නි)

:       0       0

ජයනි Thursday, 15 May 2014 06:19 PM

විවාහ යෝජනා වලදී විස්වාස කරන්න අමාරුම පළාත තමා නුවර පළාත. දත් නෙවෙයි, අත් නැතිවුනත් තියනවා කියලා පෙන්නලා අනෙක් පාර්ශවයේ කනෙන් රිංගන්න බොහොම දෙනෙක් දක්ෂයි. (අ)

:       0       0

දුමිත් Monday, 19 May 2014 07:33 PM

අනේ මන්දා ඉතින්! ටිකක් හොයලා බලන්න තිබුණා (නි)

:       0       0

නිමා Wednesday, 21 May 2014 08:51 AM

අනේ දත් ටික. (නදී)

:       0       0

කුමුදු Tuesday, 20 May 2014 11:35 PM

අනේ මට නම් හිතෙනවා මනමාලයා පවු කියලා. මොනවා වුණත් මනමාලි ඉක්මන් වුණා වැඩියි (නි)

:       0       0

කුමාර Tuesday, 20 May 2014 11:35 PM

මනමාලියට තව ටිකක් ඉවසන්න තිබුණනේ (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 May 2014 11:33 AM

දත් ඇන්දත් නැහැ කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්නේ (නි)

:       0       0

මාධවී Tuesday, 20 May 2014 11:31 AM

තව කීයක් බොරු ඒවා තිබුණ ද දන්නේ නැහැ? (ස)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 20 May 2014 08:54 AM

මනමාලයාගේ දත් ටික විතරනේ අනේ බොරු ඒවා වුණේ.... (නි)

:       0       0

ප්‍රශීන් Tuesday, 20 May 2014 01:41 AM

මධුසමයට ගියාම මුලින්ම දත් ටිකද දැක්කේ ? මේවා අහන්නත් නිකන් මොකක්ද වගේ (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 20 May 2014 01:25 AM

විවාහයට දත් අවශ්‍යද කියලත් අහනවා.!! ඇයි හලෝ දන්නේ නැත්ද ටික කාලෙකින් හපා කන්න හා ජීවිතාරක්ෂාවට දත් නැතිව බැරි බව!! (ස)

:       0       0

කුෂානි Thursday, 15 May 2014 05:46 PM

එකත් එකටම මනමාලයා වලව්වේ හාමු කෙනෙක් වෙන්න ඇති. එහෙම උදවිය තමා අඩුපාඩු කොහොමහරි හංගාගෙන මඟුල් තුලා කරගන්නේ. මගේ අසල්වැසි තරුණියකත් මේ විදියටම රස්සාවක් නැති බව හංගාගෙන නුවරින් ආ යෝජනාවකට අසුවුණා. (නි)

:       0       0

​දිල්රුක්ෂි Monday, 19 May 2014 01:39 PM

සමහරවිට මනමාලයා ඒ වෙලාවේ දත් ටික ගළවන්න ඇති (නි)

:       0       0

හරිජින් Monday, 19 May 2014 01:34 PM

දැන් දත් එකක් සවි කරන්න රුපියල් 15,000 ක් යනවා . එතකොට 32 කට 480000 . (නදී)

:       0       0

ජීවනී Monday, 19 May 2014 12:50 PM

වයසට ගියාමත් දත් දානවනේ. මේක කලින්ම දැන්මම මොකද? මනමාලි එහෙම හිතලා හිත හදාගත්තා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සම්පත් Monday, 19 May 2014 09:56 AM

අපි ආදරේ කරනකොට හරි යෝජනාවක් අවාම හරි දත් තියේද දත් දළදා එස් පෙනේවද නිදන්ගත් රෝග තියේද කියල හොයන්නේ නැහැ.එත් ඇත්තටම නම් මුළුමනින් ම විද්‍යා වාර්තාවක් අනිවාර්ය කලොත් හොඳයි. (ස)

:       0       0

සමන්ති Sunday, 18 May 2014 05:29 AM

ප්‍රෙඩී සිල්වාගේ "ටිකිරි කිරිල්ලියෝ සමග ඉගිල්ලෙන " ගීතයේ තියන්නෙත් ඔය කතාවේ අනිත් පැත්ත. (නදී)

:       0       0

සෙලිනා Saturday, 17 May 2014 06:13 PM

හොදයි,ෂෙරිෆ් අපි හරි ආශාවෙන් කියවන්නම්කො ., හිනාවෙන්න හැකි දෙයක් දෙන්න හොදේ (ස)

:       0       0

කහල්ල Saturday, 17 May 2014 03:38 PM

දත ටික ගැලවෙන්න වැඩක් කරන්න් ඇති. (අ)

:       0       0

සනත් Tuesday, 13 May 2014 02:35 PM

මනාලිය බඳින්න පෙර මනාලයාගේ දත් ගැන අහලා නැතුව ඇති. ඒකයි මනාලයා ඒ ගැන කියලා නැත්තේ.මෙයා බොරුවක් කළා වෙන්න බැහැ (නි)

:       0       0

ඇලෙක්ස් Tuesday, 13 May 2014 04:58 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ආශා Tuesday, 13 May 2014 04:28 PM

අනේ මන්දා මනමාලි බයවෙන්න ඇති. කොහොමත් ඉතින් එහෙම වුණ එක හොඳයි. පස්සේ නැවත ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව (නි)

:       0       0

මහේෂ් Tuesday, 13 May 2014 04:10 PM

බදින්න කලින් මේ මනුස්සය දැකලම නැද්ද ?(දිල්)

:       0       0

චම්න්ද Tuesday, 13 May 2014 03:18 PM

වෙන කවුරුහරි දත් සෙට් එක ගැලෙව්වද දන්නේ නෑ (දිල්)

:       0       0

පද්මිණි Tuesday, 13 May 2014 03:03 PM

දත් කුට්ටම් දෙකක් කිව්වම දත් ඇඳි හතරක්. බය වෙන්නේ නැද්ද?(දිල්)

:       0       0

මධුෂානි Tuesday, 13 May 2014 02:49 PM

මුලින්ම ඇත්ත කියන්න තිබුණාණේ (දිල්)

:       0       0

කිරා Tuesday, 13 May 2014 02:48 PM

මනමාලිට පිස්සුද මන්දා! (නි)

:       0       0

චතුර Tuesday, 13 May 2014 02:44 PM

තව ටිකක් වෙලා හිටියා නම් තව හොර බලාගන්න තිබුනනේ... (නි)

:       0       0

සුලෙක්ෂි Tuesday, 13 May 2014 05:10 PM

අනේ පව් මනමාලයා.ඒ ගැන කියන්න ලැජ්ජා හිතෙන්න ඇති .ඕවද ජීවිතයට එන ප්‍රශ්න.දත් හිටවා ගත්තා නම් ඉවරනේ. ඔය වගේ ඉක්මන් වෙන ගැහැණු ජිවිතේ හැමදාම ඉන්නේ නැහැ.ඔහොම වුණ එක හොඳයි එක අතකට...... (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 13 May 2014 02:17 PM

මටත් තිබෙන ප්‍රශ්නය ඒකමයි සුගත් (නි)

:       0       0

සුගත් Tuesday, 13 May 2014 01:37 PM

මොකද මනමාලයා හැමදේටම පෙර දත් ටික ගළවාගත්තේ? (නි)

:       0       0

නුවන් Tuesday, 13 May 2014 12:39 PM

ඕක මුලින්ම කිවුවා නම් හරිනේ. මොකටද දන්නේ නැහැ හැංගුවේ? (නි)

:       0       0

තරිඳු Tuesday, 13 May 2014 12:32 PM

100% නිවැරදි තීරණයක්. විවාහයේදී මේ වගේ බොරුවක් කළා නම් ඉස්සරහට මොනවා වෙයිද? නීතිය හමුවේ 100% සාධාරණීකරනය කරන්න පුළුවන්. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 May 2014 12:27 PM

මෙතන විවාහය සහ දත් අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

සෙනාලි Tuesday, 13 May 2014 12:17 PM

අනේ මන්දා! මනමාලි ඉක්මන් වෙලා වැඩිද කොහෙද? (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 13 May 2014 12:06 PM

මනමාලියට තව ඉවසන්න තිබුණනේ.... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 13 May 2014 11:47 AM

අමිල,ඒක තමයි මාත් කල්පනා කළේ. සමහරවිට අනතුරකින් දත් වලට හානියක්වත් වුණාද දන්නෙ නැහැ.මනමාලි ඉක්මන් වුණා වැඩියි වගේ. (නි)

:       0       0

පියුම් Wednesday, 14 May 2014 07:48 AM

අනේ මන්දා මේවට හිනා වෙන්නද අඬන්නද කියලා. මනමාලයට කියන්න තිබුනා හැබැයි සීන් එක කලින්. මොකද ඉතිරි ජීවිත කාලෙ ගෙවන්න වෙන්නෙ එයත් එක්ක නිසා. ඒ වගේම මේ මනමාලිත් කවදාවත් සාර්ථක කසාදයක් කරගන්න කෙනෙකුත් නෙමේ..... කොල්ලා බොරුවක් කරලා නැත්නම්, ඌ වාසනාවන්ත කොල්ලෙක්.... මොකද කවදා හරි මේ මනමාලි වෙන කෙනෙකුත් එක්ක යන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.(නදී)

:       0       0

මෙවන් Thursday, 15 May 2014 05:24 PM

කොළඹ තරුණියන් විතරක් නෙවෙයි නුවර තරුණියන් වුනත් වැඩි වෙනසක් නැහැ. විවාහ කටයුතු වලදී උද්දච්ච කම සහ බොරු පුරාජේරු එමටයි. (ස)

:       0       0

චානි Thursday, 15 May 2014 05:16 PM

මැදරට කියන්නේ මධ්‍යම පළාතද ? ඒ පැත්තේ උදවිය නම් විවාහ යෝජනා වලදී කට ඇරියොත් කියන්නේ ම බොරු. (නදී)

:       0       0

කාන්ති Thursday, 15 May 2014 05:12 PM

යෝජිත විවාහ වලදී හරියට වංචා සිදුවෙනවා. අපි දන්නා කියන නුවර පළාතේ පවුලක දියණියගේ වාසගම වෙනස් කරගෙන කළ විවාහ යෝජනාවක් කෙළවර වුණෙත් දික්කසාදයෙන්. (නි)

:       0       0

නෙළුම් Thursday, 15 May 2014 05:04 PM

මනමාලයාගේ දත් ටික කෙසේ වෙතත් කපුවා ගේ දත් ටික නම් මේ අස්සේ ගැලවෙන්න ඇති. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 14 May 2014 10:44 AM

පහන්දී,මනමාලයා හොයාගන්නම වෙනවා මේකට උත්තර දෙන්න.මොකද හැමෝටම ප්‍රශ්නේ දත් ගැලවුණ එකනේ.බලමුද උත්සාහයක් කරලා. (නි)

:       0       0

වාසල Wednesday, 14 May 2014 10:29 AM

දත් සෙට් එක ගැලවුනේ කොහොමද? (නදී)

:       0       0

හේමන්ත Wednesday, 14 May 2014 09:58 AM

නුවණ තිබුණ මනමාලියක් නම් එයා, එදාම ජීවිතේ යථා ස්වභාවය මැනවින් තේරුම් ගෙන හොඳ බිරියක් වෙන්න තිබුනා. එයා කිසිදිනක යහපත් බිරිඳක් නම් නොවනු ඇත. නඩු ගියා නම් මනමාලයා දිනනවා. එහෙත් බිදුණු සිතින් නැවත සෙනෙහසේ නවාතැනක් සැදිය නොහැකියි. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 14 May 2014 08:57 AM

මම නම් කියන්නේ මේක මනමාලිගෙ බොරුවක්. (නි)

:       0       0

අමිල Tuesday, 13 May 2014 10:34 AM

මේ මනුස්සය දත් ටික හලාගෙන තියෙන්නේ කොහොමද ඔච්චර අඩු වයසින් ? (ස)

:       0       0

විකී Wednesday, 14 May 2014 07:20 AM

ඒ කියන්නේ දත් ඇඳි 4ක්? ඉතින් බය වුණ එක සාධාරණයිනේ! (නි)

:       0       0

තුසල් Wednesday, 14 May 2014 04:32 AM

අශ්වයා දුවනවා නම් දත් වලින් වෙඩක් නෑ නේද? (නදී)

:       0       0

ශාන්ති Wednesday, 14 May 2014 01:07 AM

මමත් හිතන්නේ මනමාලයා බොරුවක් කරන්ඩ නැතිව ඇති . මනමාලිගේ ඉක්මන් වීම වැරදීයි (ස)

:       0       0

ගුණවර්ධන Wednesday, 14 May 2014 12:41 AM

මනාලයා ගැනනම් පව් කියලා හිතෙනවා. (ස)

:       0       0

මනෝජ් Tuesday, 13 May 2014 11:09 PM

කොලබ කෙල්ලන්ගේ හැටි ඔහොම තමා . මම බේරුනේ පුරුවේ පිනකට .මොක උනත් මේ මනමාලයත් පෙර පිනක් කරලා තියනවා .(දී)

:       0       0

රවීන් Tuesday, 13 May 2014 05:48 PM

දැන් හැට පැනපු අයත් කසාද බඳිනවා. මේ එහෙම කෙනෙක්වද්ද? (නි)

:       0       0

පහන්දී Tuesday, 13 May 2014 05:26 PM

දැන් කවුද සුගත්ගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site