මනාලියට බීමට වතුර බෝතලයක් ගෙන ඒමට සුපිරි වෙළඳසලකට මනාලයා ගිය අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථයක නැගී මනාලිය පලාගොස් ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මනාලිය වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මනාලයා නුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
විදේශ රටක රැකියාව කරමින් සිටියදී ඇති වූ හිතවත්කමක් මත දෙපාර්ශ්වයේම කැමැත්ත මත ඉකුත් 18 වැනිදා අලුත්ගම හෝටලයකදී විවාහ මංගල උත්සවය මහ ඉහළින් පවත්වා ඇති බවද පොලිසිය කියයි.
විවාහ මංගල උත්සවයේ කටයුතු අවසන් වී නව යුවළ මධුසමය ගත කිරීමට කොළඹ බලා මෝටර් රථයකින් පිටත්ව ඇති අතර පයාගල ප්‍රදේශයේ වෙළඳසලක් අසල නතර කර මනාලයා සුපිරි වෙළඳසලකට ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
මනාලියගේ පිපාසය නිවීමට වතුර බෝතලයක් මිලදී ගන්නා අවස්ථාවේදී නව යුවළ ගමන්ගත් මංගල රථය පිටුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් වෙත ගිය මනාලිය එහි නැග පලාගොස් තිබේ.
පලාගිය මනාලිය සොයා ගිය මනාලයා පසුව ඇය සොයාගත නොහැකි වූ බැවින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා සහ කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මනාලයා බොන්න වතුර එකක් අරන් එද්දී මනාලිය පැනගිහින්