(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
වයෝවෘද්ධ මවට ලැබෙන වැඩිහිටි දීමනාව වංචා කළ පුතෙක් හා ලේලියක පිළිබඳ කතා පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය.
මවට සැලකීමට අවශ්‍ය බව සඳහන් කරමින් දැනට වසර කිහිපයකට පෙර තම නිවසට මව කැඳවාගෙන ආවත් ඇයට සැලකිලි හිමිවූයේ මාස කිහිපයකි. ලේලිය සහ නැන්දනිය අතර නිතර අඬදබර ඇතිවන්නට ද විය. වැඩිහිටි දීමනාව ලබාගැනීමට යාමට ඒමට අපහසු බව පවසා එය පුතාට ලබාගැනීමට හැකිවන ලෙස ක්‍රමයක් තරුණ යුවළ සකස්කර ගත් අතර මුල් මාස කීපයේදී එම ක්‍රමය භාවිතා කරමින් මුදල් රැගෙනවිත් මවට ලබාදීම සිදුකළේය.
අසූවන වියත් ඉක්මවා සිටි මවට රජයෙන් මාසිකව ලැබුණේ රුපියල් එක්දහස් නවසියයක මුදලක් පමණි. ඇය එම මුදලින් කොටසක් කෙසේ හෝ බැංකු ගිණුමක තැන්පත් කර කීයක් හෝ ඉතිරි කර ගැනීමට පුරුදුව සිටියාය. ඇයගේ බැංකු ගිණුම් පොත ලේලියට හසුවී ඇති අතර එහි මුදල් ද ගැනීමට උපක්‍රමයක් ඇය සැලසුම් කළාය. සැලැස්මට අනුව මව සමග බද්ධ ගිණුමක් ආරම්භකර පුතාට මුදල් ලබාගැනීමට හැකිවන ලෙස සැලසුම ක්‍රියාවට නැංවීමට තරුණ යුවළ කටයුතු කළහ.
රජයෙන් ලැබෙන දීමනාව මාස කිහිපයකින් තමන්ට නොලැබුණු නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී මවට දැනගන්නට ලැබුණේ එම මුදල පුතා ලබාගෙන ඇති බවයි. ඊට අමතරව තම ගිණුමේ ඇති මුදල් ද ලබාගෙන ඇතැයි හෙළිවිය. අසරණ මව නීතියේ පිහිට පැතුවාය. පුතා සහ ලේලිය නීතිය ඉදිරියේ සියල්ල පිළිගත් අතර දින කිහිපයක් තුළ ලබාගත් සියලුම මුදල් නැවත ලබාදෙන බවට පොරොන්දු වී සිද්ධිය සමථයකට පත්කර ගැනීම සිදුවුවද ගම්වැසියන්ට සිද්ධිය සැලවීම නිසා එල්ලවූ දැඩි දෝෂාරෝපණ හේතුවෙන් යුවළ එම ගම්මානයෙන් පිටවී ගොස් වෙනත් නිවසක වාසය කරන බැව් පැවසේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මවගේ පින් පඩියට විද්ද පුතයි-ලේලියි ගමෙනුත් මාරුවෙලා
shantha Saturday, 01 June 2019 07:03 AM
මේක අලුත් දෙයක් නොවේ පින් පඩියට පෙන්සන් පඩියට විදින දරුවන් බොහොම ඉන්නවා . ඉදිරියටත් මේ වගේ දේවල් ගොඩක් වෙන්න පුළුවන් මොකද ළමය උපන්දා ඉඳල අර පන්ති මේ පන්ති යවල දරුවන්ගේ මොලේ කොලොප්පන් කලාම උනාම ළමයි අම්මල තාත්තල ගණන් ගන්නෙත් ඔයවගේ තමයි
sampath Monday, 03 June 2019 10:32 AM
මේ වගේ පොඩි මුදලක් වැඩිහිටියන්ට කෙසේවත් ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් මේ සුළුමුදලක් ගන්න තරම් දරුවන් පෙළඹෙන්නේ නැති බැරිකම නිසයි. මේවගේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න ඕනේ වගේම පුළුවන් අය උදව් කිරීම කළ යුතුයි.