(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අම්මාගේ බිඳුණු පාදයට බඳින පත්තුවට ඇහැළපොතු කියා වල් බිලින් පොතු යොදා පත්තුවක් හදා බැන්ද බව කියන පුතකු පිළිබදව පසුගිය දා ගම්පහ යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
තරුණ පුතෙකි. මව දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව පාදයක් බිදීමට ලක්වූවාය. කැඩුම් බිඳුම් ප්‍රතිකාර ලබාගෙන පැමිණ ප්‍රතිකාර කරන අතරේ එක් පත්තුවකට ඇහැළ පොතු ගැනීමට නියමිතව තිබිණි.
පියා පුතා අමතා වත්ත පහළ කොස් ගහ ළඟ ඇති ඇහැළ ගහෙන් පොතු ගලවාගෙන එන ලෙස දැන්වීය. මන්නයක්ද රැගෙන ගිය පුතා ඇහැළ පොතු රැගෙන ආයේය. සියල්ල වංගෙඩියකට දමා කොටන ලෙස පියා කළ ඉල්ලීම අනුව පුතා බෙහෙත් කොටා දුන්නේය. පත්තුව හැදු පියා බිරියගේ පාදයට එයින් ප්‍රතිකාර කළේය.
දෙදිනකට පසු පියා වත්ත පහළට ගිය විට දී වල්බිලින් ගසේ පොතු ගසා ඇති වග දුටුවේය. ඇහැළ ගසේ පොතු ගැල වූ සලකුණක්ද නොවීය. ඒ ගැන සොයා බලද්දී පුතා වැරදීමකින් ඇහැළ ගස අසල තිබූ වල් බිලින් ගහෙන් පොතු ගලවාගෙන ගොස් බෙහෙත් කොටා ඇති බව තේරුම් ගත්තේය.
වහා නිවෙසට ගිය පියා බිරියගේ පාදයට බෙහෙත් පත්තුවද බැඳ තිබුණි. පාදයේ අමාරුව ද සුව විය. කෙසේ හෝ මේ ආරංචිය පුතුගේ මිතුරන් කනට ගිහින් දැන් ඔවුන් “මචං ඇහැළ වල් බිලින් වගේද“ කියා මිතුරා ගෙන් අහනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මවගේ බිඳුණු පාදයට පුතා අමුතු පත්තුවක් බැඳලා
Perakum Monday, 19 June 2017 06:21 AM
පුදුම වෙන්න දෙයක් නෑ. බෙහෙත් නැතුව නිකන් පත්තුව බැන්දත් සනීප වෙනවා නේ....
sam Monday, 19 June 2017 07:27 AM
80 දශකයේ මගේ සේවා සගයෙකු නිතර සෙම් අමාරුවලින් පෙළුනා . මේකට කෙම් ප්‍රතිකාරයක් ලෙස, නිශ්ශබ්දව, කතා නොකර සස්සඳ වැලක මුල අනුභව කරන ලෙසට වැඩිහිටි සේවකයෙක් උපදෙස් දුන්නා. රෝගී මිතුරා සස්සඳ හඳුනන්නේ නැහැ. අපගේ සේවා ස්ථානයේ යම් තැනක සස්සඳ වැලක් තිබෙනවා මා දැක තිබුණ නිසා අපි කතා නොකර එම ස්ථානයට ගියා. නමුත් සස්සඳ වැල තිබුනේ නැහැ. ඒ වුණාට එතනම පෝටා වැල් ගොන්නක්ම තිබුණා. මම හස්ත මුද්‍රාවෙන් පෝටා මුලක් පෙන්නුවහම මෙයා එළුවෙක් වාගේ පෝටා මුලක් එහෙම පිටින්ම කෑවා. ටික දිනකින්ම ඔහුගේ රෝගය සුව වුණ අතර මේ සිද්ධිය එලි වුණේ ඔහු තවත් කෙනෙකුට මේ පෝටා වැල සස්සඳ ලෙස පෙන්වාදෙන්න යාමෙනුයි..
arschloch Monday, 19 June 2017 03:38 PM
පුතා හොඳට දන්නවා ඇති පත්තු බඳින්න... ඒ හින්දා අම්මගේ තුවාලේ නිකම්ම සුවවෙන්න ඇති..!!!
arschloch Friday, 23 June 2017 11:31 AM
මෙහෙම අමුතු පත්තු බඳින්න ඇත්තේ පළවෙනි වතාව හින්දා හොඳ වෙයිද දන්නෑ ...
sam Friday, 23 June 2017 10:21 PM
කකුලක් කැඩී සිටින නාගරික කාන්තාවකට එකල ලංකාවේ ප්‍රසිද්ධ වෙද මහතෙකු වූ මාගේ සීයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යෝජනා කල විට ඔහුව "පින්න කොළ වෙදා" ලෙස හැඳින්වූ බව සීයාටත් ආරංචි වී තිබුණා. කෙසේ නමුත් අවසානයේ මේ කාන්තාවට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ අතර සියලුම පත්තු, මැල්ලුම්, කසාය, ආදී බෙහෙත් වර්ග වලට පින්න කොළ ඇතුලත් කිරීමට මාගේ සීයා කටයුතු කල බවත් ප්‍රතිකාරය ඉතාම හොඳින් සිදු වූ බවත් අපේ පවුලේ වැඩිහිටියන් දන්නා සිද්ධියක්. මෙවැනි හෙළ වෙදකම් අපි අගය කළ යුතුයි.
dammi Saturday, 24 June 2017 02:42 PM
දවස් දෙකකින් අස්ථියක් කැඩුණාම හොඳ වෙනවාද? මොන පාසලටද ගියේ...