(බිංගිරිය වික්ටර් සෝමවීර)
දුරකතනයෙන් කරනලද දැනුම් දීමකට අනුව වයඹ පළාත්ට අයත් ප්‍රදේශයක සිට මළගෙදරක පැමිණි හිතවතකු සීනි තේකොළ පාර්සලය වෙනුවට කරපිංචා කොළ හා ඇඹුල් කෙසෙල් අැවරියක් සහිත පාර්සලයක් මළ ගෙදරකට ලබාදුන් පුවතක් සත්කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
කොවිඩ් 19 වසංගතය රට පුරා පවතින අවස්ථාවක මළගෙවල්වලට යාමට බොහෝ දෙනෙක් අකමැතිය. පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන හෙයින් වයඹ පළාතෙන් පිට පළාත්වල අයටද එම පළාතේ අවමගුල් උත්සවවලට සහභාගිවීම අපහසුය. පසුගිය දිනෙක වකුගඩු රෝගය වැළඳුන වයෝවෘද්ධ කාන්තාවක් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි මියගොස් තිබිණි.
රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොතිබුණ අතර ප්‍රදේශයේ සිටින පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ඇයට ප්‍රතිකාර කළේ රෝගය ඉක්මණින්ම සුවවේවි යන බලාපොරොත්තුවෙනි. නමුත් රෝගය වඩාත් උත්සන්න වී ඇය ප්‍රධාන රෝහලක් වෙත රැගෙන යාමට පවුලේ අයට සිදුවිය. කෙසේ වෙතත් ඇයට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නට හැකිවූයේ දින දෙකක කාල සීමාවක් පමණි. රෝගී කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කොතෙක් උත්සාහ කළත් රෝගියා රෝහලේදීම මියගොස් තිබුණි.
මෙම මරණය පිළිබඳව මහත් සංවේගයට පත්වූ පවුලේ අය අසල්වාසීන්ට මෙන්ම හිතවතුන්ට නෑදැයින්ට දුරකතන ඇමතුම් මගින් ඇයගේ අවසන් කටයුතු සිදුකරන දිනය පිළිබඳව රෝහලේ සිටම දැනුම් දුන්නේය.
කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා වඩාත් සෞඛය ආරක්ෂිතව පැය විසිහතරක කාලයක් තුළ අවසන් කටයුතු සිදුකරන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදී තිබිණි. මෘත දේහය භූමදානය නොකර ආදාහනය කිරීමට පවුලේ අය අදහස් කොට තිබුණි. එසේ කිරීම කාලය ඉතිරි කර ගැනීමටද පහසුවක් විය. අවමඟුල් උත්සව කටයුතුද ඉතාමත් චාම් අයුරින් සිදුකෙරිණි. සාමාන්‍යයෙන් අවමඟුල් උත්සවයට පැමිණෙන අය අත්‍යවශ්‍ය කුමන හෝ දෙයක් රැගෙන ඒම මළගෙවල්වලදී දැකගත හැකි දෙයකි.
වැඩි වශයෙන් හාල්, පොල්, සීනි, තේකොළ, බිස්කට්, කිරිපිටි පැකට් ආදිය මළගෙවල්වලට එන අය රැගෙන එනු ලබයි. මෙසේ පැමිණි අය අතර එක් හිතවතකු කරපිංචා කොළ හා කෙසෙල් ඇවරියක් සහිත පාර්සලයක් එම මළගෙදරට රැගෙනවිත් තිබිණි. පසුව ඔහු දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිදුවූ වැරැද්දට මහත් කනගාටුව පළකරමින් මළ ගෙදර අයගෙන් සමාව ඉල්ලා සිටීමට තරම් කාරුණික වී තිබුණි. මම අතින් වැරදීමක් වුණා. අපේ ගෙදර අරගෙන යන්න ගත්ත කෙසෙල් ඇවරියයි කරපිංච ටිකයි දමාගත්තු පාර්සලය අමතක වීමකින් තමයි මළගෙදරට දීල තියෙන්නෙ. සීනි තේකොළ පාර්සලය අපේ ගෙදර තියනව දැකලයි මම කෝල් කළේ. ඒ ගැන වැරදි විදියට හිතන්න එපා යනුවෙන් හිතවතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මළගෙදරට දුන්න සීනී තේ කොළ පාර්සලය කරපිංචා පාර්සලයක් වෙලා
sam Sunday, 19 September 2021 05:36 AM
අවංක මනුස්සයෙක්. තමන් අතින් සිදුවුන වැරැද්ද පිළිගෙන සමාවත් ගැනීම උතුම් ක්‍රියාවක්.
zeylanicusMonday, 20 September 2021 11:04 AM
අත්‍යාවශ්‍යම ගමනක් හැර වෙන ගමන් යන්න එපා කියද්දී පිට පළාතක තියෙන අවමංගල උත්සවයකට ගියේ එ්කනේ...