(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මත්වතුර තොල ගෑමේ පාටියකට සහභාගිවීම සඳහා බිරිඳගෙන් ගැලවෙන්නට සැමියා දුන් උපදෙස් අනුව කටයුතු කරන්නට පැමිණි මිතුරන් දෙදෙනකු කටයුතු කළ ආකාරය නිසා සැමියාගේ සාක්කුවට තට්ටුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
කලකට පසුව මිතුරන් තිදෙනකු අහම්බෙන් හමුවී ඇත ඔවුන් එලෙස හමුවීමෙන් පසු මත්පැන් පානය කිරීමට සැලසුම් කළ යෝජනාවට තිදෙනාම කැමැත්ත පළකර තිබේ.
එහිදී මිතුරන් දෙදෙනකුට ඒ අවස්ථාවේ අතේ මුදල් නොමැති ගැටලුව පැන නැගී ඇත.
පසුව අනෙක් මිතුරා මුදල් දී එය රැගෙන තම නිවසට පැමිණෙන ලෙසත් වෙනත් කටයුත්තක් සඳහා පැමිණි බව බිරිඳට අඟවන ලෙසත් දන්වා ඔහු තම සගයින් දෙදෙනා එන්නට පළමු නිවස කරා ගොස් ඇත.
ඒ අනුව මිතුරන් දෙදෙනා ඔහු දුන් මුදලට අරක්කු බෝතලයක් හා අවැසි කටගැස්මත් රැගෙන එම නිවසට පැමිණයහ. එලෙස මිතුරන් දෙදෙනා නිවසට යන විට ගෙහිමියා තම බිරිඳ හා දරුවන් සමග නිවසේ සිටියහ.
මිතුරන් දෙදෙනා කතා කළ අවස්ථාවේ දී දොර විවෘත කර ඇත්තේ එහි සිටි බිරිඳ විසිනි.
පැමිණි කාරණය කුමක්ද කියා ඇසූ ඇය තම සැමියා නිදි බව පැවසුවාය.
එය ඇසුණු සැමියා ‘‘මොකාද යකෝ මේ රෑ පානේ නිදා ගන්නවත් දෙන්නේ නැත්තෙ’’ කියා කිසිවක් නොදන්නා සේ බිරිඳට දැනෙන්නට මෙන් පැමිණි කාරණය විමසා තිබේ.
‘‘අපි ආවේ අරක්කු බෝතලයක් බොන්න’’ කියා මිතුරන් දෙදෙනා බිරිඳටත් ඇසෙන්නටම එහිදී පවසා තිබේ
‘මේ රෑ වෙලා මෙහේ අරක්කු බොන්ඩ දෙන්න බැහැ. මගෙ නෝනාත් දරුවොත් ඉන්නවායි’. ඔහු බිරිඳට ඇසෙන්නට පවසා තිබේ.
‘‘ඒක තමා අපි ආවාට සමාවෙන්න. අපි වෙන තැනකට යන්නම්’’ කියා ඔවුන් නික්ම යනවාත් සමගින් බිරිඳ දොර වසා දැමුවාය.
මිතුරන් දෙදෙනා පදමට මත්පැන් පාටිය සමරා ඇති අතර මුදල් වැය කළ ගෙහිමියා බිරිඳගෙන් බේරී යාමට නොහැකිව දැඩි කෝපයෙන් යුතුව හිස් බඩම කෑම කා නින්දට වැටී ඇත.
පසුදින සගයන් දෙදෙනා සොයා ගිය මිතුරා ‘‘නිකං ආවා කියා ගෙට ගොඩවෙලා බිරිඳ ගෙට ගියාට පස්සේ ඕක චුට්ට චුට්ට බොන්න තිබුණානේ. අවසානයේ ඔය කරපු වැඩෙන් මගේ සල්ලිත් නැහැ. මට බොන්නත් නැහැ’’ කියා සගයින් දෙදෙනාට නෝක්කාඩු කියා අමනාපයෙන් මෙන් නික්ම ගියා ලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මායියගෙ කනෙන් රිංගන්න ගිහින් වැඩේ මාට්ටු