(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මුණුපුරා මාස හයකට පෙර කැන්දාගෙන ආ මනාලිය බිලිඳියක බිහි කළා යැයි පුදුමයට පත් වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 25 හැවිරිදි තරුණයෙක් සිය මිත්තනිය සමග නිවෙසේ පදිංචිව සිටියි. මෙම තරුණයාගේ පියා කලකට ඉහත දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. පසුව නිවෙසේ අගහිඟකම් එන්න එන්නම උග්‍ර වීමත් සමග මව අරාබිකරයේ ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගියේ මීට වසර හතරකට පමණ ඉහත දීය. මව විදේශගත වන අවස්ථාවේ දී 21 හැවිරිදි පිරිමි දරුවාට කියා සිටියේ සිය මිත්තනියත් රැක බලාගෙන නිවෙසේ රැඳී සිටින ලෙසය.
පසුව තරුණයා නිවෙසේ සිටින අවස්ථාවේ දී අසල්වැසි තරුණයෙක් මාර්ගයෙන් පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවකට ගියේය.
තරුණයා ඇඟලුම් ආයතනයේ රැකියාවට යන එන අතරේ ඇඟලුම් ආයතනයේ රැකියාවක යෙදී සිටි පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මීට වසර දෙකකට පමණ ඉහත දී හඳුනා ගත්තේය.
මුල දී මෙම සම්බන්ධතාව පිළිබඳ තරුණයා මිත්තනිය දැනුවත් කිරීමක් කර සිටියේ නැත.
තරුණයා මීට මාස හයකට පමණ ඉහත දී තමාට පෙම්වතියක සිටින බවත් ඇය නිවසට කැන්දාගෙන පැමිණෙන බවත් දිනක් මිත්තනියට පැවසුවේය.
‘‘ආ ඒක හොඳයි පුතේ මට උඹේ කලිසම් හෝදලා එපා වෙලා තියෙන්නේ’’ යැයි මිත්තනිය මුණුපුරාට සිනාමුසු මුහුණින් පැවසුවාය.
පසුව තරුණයා ගිය අවුරුද්දේ අග දිනක දී පෙම්වතිය නිවෙසට කැන්දාගෙන පැමිණියේය. පසුව තරුණ යුවළ දිනපතා ඇඟලුම් ආයතනයේ රැකියාවට යන එන අතර මිත්තනිය පාන්දර නැගිට ඔවුන් දෙදෙනාට දහවල් කෑමට කෑම පාර්සල් දෙකක් ද ඔතා දුන්නාය.
හදිසියේ පසුගිය දිනක තරුණිය දරුවකු බිහි කිරීමට රෝහල් ගත කිරීමට තරුණයාට සිදු විය. පසුව තරුණිය බිලිඳියක බිහි කළාය. සිය බිරිඳ දරුවකු බිහි කළ බව තරුණයා මිත්තනියට පැවසීය.
‘‘පුතේ උඹ කෙල්ල ගෙනත් මාස හයක්වත් නෑ නේ. කොහොමද ඔය ඉක්මනට දරුවෙක් බිහි කළේ’’ යැයි තරුණයාගෙන් මිත්තනිය විමසුවාය.
‘‘කිරි අම්මාට ඒක වැඩක් නෑනේ’’ යැයි තරුණයා පැවසීය.
පසුව වයෝවෘද්ධ කාන්තාව කම්මුලේ අත තියාගෙන පුදුමයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාස හයේ බිලිඳා ආච්චිට අලි අවුලක් වෙලා