X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මාළුවාට බීමතින් රටකජු කවලා

‘‘පුතේ ටැංකිය අස්කරලා දාන්න, හොඳටම වතුර පරණ වෙලා, බලන්න මේ සතා ඉන්නේ කොහොමද කියලා.’’
උදෑසන වැඩට යාමට සූදානමින් එළියේ වෙනත් කටයුත්තක නිරත වී සිටි සිය පුතුට එසේ කියූ පියා යතුරු පැදියේ නැග සිය රාජකාරිය සඳහා පිටව ගියේය.

කාලය ගෙවී ගියේය. දවසේ කටයුතු හවස්වනතුරු නිමාකර, අවසානයේ නිවස බලා එමින් සිටි පියා හට මිතුරන් පිරිසක් හමුවිය.
‘‘හලෝ... කොහොමද බං ඉතිං කාලෙකින්...? කොහෙද අද සෙනසුරාදාත් වැඩද යමං... යමං අද නම් යන්න දෙන්න බෑ. අපිත් එක්ක සෙට් වෙන්නම  ඕනෑ’’

අතරමගදී හමුවූ මිතුරන්ගෙන් ගැලවුමක් නොමැති තැන ඔහුට සිදුවූයේ මධ්‍යම රාත‍්‍රියට හෝරා දෙකකට ආසන්න වන තුරුම මිතුරන් සමඟ මධුවිත සඳහා ගත කිරීමටය. මධුවිතෙන් මත් වී ඔහු නිවෙස කරා පැමිණියේ මධ්‍යම රාත‍්‍රියට ඔන්න මෙන්න කියාය.

සිය සැමියාගේ යතුරු පැදියේ හඩ ඇසුණු බිරිය නිදි යහනේ සිටම ඒ දෙසට කන්දීගෙන සිටියාය. මඳ වේලාවක් ගත විය. කිසි හැලහොල්මනක් නැත. තවත් ස්වල්ප මොහොතකින් එළියෙන් ඇසෙන්නට වූයේ මෙවැනි හ`ඩකි.

‘‘අනේ පැටියෝ ඔයා කෑවද... මමනම් හොඳට කෑවා. බලන්න ඔයාගේ බණ්ඩිය පිරිලා නෑනේ... කෝ... කෝ.... ඉන්න මම කවන්න’’
‘‘හරි... හරි... ඔන්න ඔහොම ඉඳගෙන මේ... රට කජු ටිකක්වත් කන්නකෝ.. හරි... ඔයාට දැන් කන්න බැරිනම් යන්නකෝ... මෙන්න මං අතහැරියා...’’

සිය සැමියා විසින් එසේ කාව හෝ බොහෝ වේලාවක් සුරතල් කරනු අසා සිටි බිරිය ඉදිරි ආලින්දයේ විදුලි පහනද දල්වා දොර විවර කළාය.

එසැණින් අත පිස දමමින් සැමියා ගෙතුළට වැදුණේය. එළිමහන මඳක් විපරම් කළ බිරිය දොරවසා දමා ගෙතුළට පැමිණියාය. සියල්ලෙන් සප්පායම් වී පැමිණි සැමියාට ඇඟපත සෝදා ගැනීමට අවැසි අඩුමකුඩුමද සපයා දුන් ඇය මඳ වේලාවකින් නින්දට ගියාය.
පසුදින පහන් විය.

‘‘අනේ අම්මේ මේ බලන්න මේකා මැරිලා... ඊයෙත් හොඳට හිටියනේ.’’ සිය පුතුගේ ශෝකී විලාපයට බියවූ ඇය වහා එළියට දිව ආවාය.
‘‘අනේ බලන්න අම්මේ මේ ගෝල්ෆිෂ් මාළුවා මැරිලානේ.. ඊයේ ටැංකිය අස්කළාට පස්සෙත් හොඳට හිටියනේ.. බලන්න මේකා රටකජු ඇටයක් කටේ හිරකරගෙන මැරිලා තියෙන්නේ අපරාදේ රුපියල් එක්දාස් දෙසීයක් දීලා ගෙනාවේ’’

පුතුගේ කතාවෙන් පසු මවට එක්වරම පසුදින රාත‍්‍රියේ සිය සැමියාගේ දෙබස් සිහියට ආවාය.

ඔහු... රාත‍්‍රියේ රට කජු කවමින් අතට ගෙන සුරතල් කොට ඇත්තේ ටැංකියේ සිටි මාළුවා වග බිරිය පශ්චාත් මරණ පරීක්‍ෂණය තුළින් නිගමනයකට පැමිණියාය.
 



අදහස් (0)

මාළුවාට බීමතින් රටකජු කවලා

දර්ශන් Wednesday, 09 October 2013 11:01 AM

අසරණ මාළුවා! මතට තිත දැන්වත් තියමුද ඉතින්? (නි)

:       0       0

බමුණු Wednesday, 09 October 2013 11:18 AM

වෙන මොනවා කියන්නද මේවට? (නි)

:       0       0

රුවන් Wednesday, 09 October 2013 11:30 AM

වෙරි මරගාතෙන් කොහොමද ටැංකියකින් මාලුවෙක් අල්ලා ගත්තේ? අපිට හොඳ සිහියෙනුත් මාලුවව අල්ලගන්න කොපමණ අමාරුද? (නි)

:       0       0

සරත් Wednesday, 09 October 2013 11:51 AM

පහන්, මොනවා හරි ලියමු නේද...? (දිල්)

:       0       0

දිනේෂ් Wednesday, 09 October 2013 11:57 AM

හොද සිහියෙනුත් ටැංකියෙන් මලුවෙක් අල්ලගන්න අමාරුයි. වෙරිමරගතේ කොහොම අල්ලනද? (දිල්)

:       0       0

රූමි Wednesday, 09 October 2013 12:06 PM

හොඳ වෙලාවට මාලුවාට කැව්වේ .... (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 09 October 2013 12:07 PM

බීපු මනුස්සයෙක් කොමඩ් එක කියලා මොබ් බකට් එකේ වාඩිවෙලා.කාර්යය අවසන්වෙලා වතුර ‘ෆ්ලෂ්‘ කරනකොට මොකද්දෝ ඇවිල්ලා ඇගට තදවෙනවලු. මිනිහා කෑ ගහලා, හෝටලේ වේටර් ඇවිල්ලා තමයි තේරුම් කරලා දීලා තියෙන්නේ . (නි)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 12:28 PM

මං අහන්නේ ඔය බොන මිනිස්සු කරන්නේ ඇත්තද?බිවුවම සිහිය නැද්ද? එහෙනම් එයාලා ගෙදරට එන්නේ කොහොමද? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ (නි)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 12:36 PM

අරගෙන මගේ අදහස බොන මිනිසාව .., ලියමුකො කවි ටිකක් නැති කර හිංසාව .., ලැබගෙන ඇති නමුත් මුන් මිනිසත් භාව..., වෙරි වූ විටදී ඇයි ගන්නේ තිරිසන් භාව...? (නි)

:       0       0

රෙමා Wednesday, 09 October 2013 12:47 PM

මට මතකයි දවසක් බීපු කෙනෙක් මාළුවන්ට පීනන්න උගන්වනවා මම දුටුවා. (නි)

:       0       0

සුජීව Wednesday, 09 October 2013 12:58 PM

චන්දි, බිවුවම ටිකක් වෙන්න අමතක වෙනවා. එහෙත් පුරුද්දට ගෙදර එන්න පුළුවන්. (නි)

:       0       0

සරත් Wednesday, 09 October 2013 12:59 PM

චන්දි, ගෙදර එන්න මතක තියෙන එක හොදයිනේ, වෙන ගෙවල් වලට යන්නෙ නැතුව (නි)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 01:14 PM

සුජීව,සරත්, ඔයාලට ස්තුතියි. හැබෑ නේන්නම්,වෙන ගෙදරකට ගියොත් හොදටම ගුටිකන්න වෙනවානේ. ඔන්න සරත්, නැවත නම් බොන්න එපා හොදේ (නි)

:       0       0

සජිත් Wednesday, 09 October 2013 02:21 PM

දර්ශන කිලෝ ගණන් ගෙනල්ල කන කොට අසරණ නැහැ. දැන් 1200 ක් වියදම් වුන හින්ද ද අසරණ උනේ. (ත)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 02:27 PM

මම නම් ඔය බොන අයට කැමති බොන අය වෙරි වෙන නිසා නාෙබොන අපිට හුගක් දේවල් කරන්න පුලුවන් නිසායි. (නි)

:       0       0

සුජීව Wednesday, 09 October 2013 02:56 PM

චන්දිට දැන්නම් හොදටම තේරිලා තියනවා වගේ පෙන්නේ.(දිල්)

:       0       0

සංජු Wednesday, 09 October 2013 03:39 PM

මේක වෙන්න බැරි වැඩක් බොරු කතාවක්. ඔච්චර සිහිය නැතිනම් බයිසිකලයේ එන්නේ කොහොමද.(දිල්)

:       0       0

රූපවතී රත්නායක Wednesday, 09 October 2013 04:16 PM

මේක බොරුවක් ද? (ත)

:       0       0

රූපවතී Wednesday, 09 October 2013 04:20 PM

ඔන්න මම මේක කියවල පෙරලි පෙරලි කිචි කවාගත්තා..? (ත)

:       0       0

රූපවතී Wednesday, 09 October 2013 04:29 PM

චන්දී නංගි මට තිබෙන ගැටලුවත් ඒකම තමයි.බිවුවම සියල්ල අමතක වෙනවා නම් ,ඇයි මිනිසුන් ඔය පැරණි දේවල් ඇදගෙන මුළු ගමේම මිනිසුන්ට බැණ වදින්නේ? .මුළු ගමේම තරහකාරයින්ගේ නම් කියලා බණින්නේ? හු කියන්නේ? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. ඇයි ඒ පරණ දේවල් අමතක වෙන්නෙ නැත්තේ? (නි)

:       0       0

සියාතු Wednesday, 09 October 2013 04:54 PM

මම බිව්වේ මගේ සතුටට හද රැනදී.......පාර වැරදුනේ නෑ නිවසට මග තොටදී...... මගේ ගෙයි ගින්න කිසිවිටකදී නැහැ පිට දී.... අනුනගේ මගුලකට තැතිගෙන ඇයි චන්දී.....

:       0       0

රොෂාන් Wednesday, 09 October 2013 05:20 PM

ගෝල්ඩ්ෆිෂ් මාලුවා මොකාද? ඒ රත්තරන් මාලුවා මාලුවා

:       0       0

ඩේව්ඩ් Wednesday, 09 October 2013 05:30 PM

මොකක්ද පහන්, වෙන කතාවක් අද හිතු‍නෙම නැද්ද? බොන අයගේ වැඩ ගැන මොන අදහස්ද? ඔය මතේ හින්දා පවුල් කොච්චර ඉහිරිලාද?දරුවන්ගේ අනාගතය මොනතරම් අඳුරු වෙලාද? (නි)

:       0       0

සුජීව Wednesday, 09 October 2013 05:56 PM

රූපවති, පරණ දේවල් මතක් වෙන්නේ කාලක් බිව්වම.බෝතලයක් බිවුවිට ඔය කිසිදෙයක් මතක් වෙන්නේ නැහැ. වැටිලා නිදා ගන්න එකයි කරන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 09 October 2013 06:15 PM

මම සැරබීම බොන්නේ නැහැ නමුත් අද බීල බක්ලනවා මොකදවෙන්නේ කියල (අ)

:       0       0

මානෙල් Wednesday, 09 October 2013 06:22 PM

ගෝල්ඩ් ෆිෂ් මාලුවව අල්ලා ගන්න අමාරු නැහැ. අසරණ මාළුවා! වෙන මොනවා කියන්නද මේවට? (නි)

:       0       0

බට්ටා Wednesday, 09 October 2013 07:09 PM

ගත්තත් අනේ පොඩි අඩියක් විනෝදෙට ... අපි හරි අහිංසක මිනිසුන් වටියි රට... ගරහන්නට එපා සොඳුරියෙ නුඹෙයි කට... අමතක වෙලයි දුන්නේ මාළුවට ඇට.... (නි)

:       0       0

බට්ටා Wednesday, 09 October 2013 07:38 PM

ඩේවිඩ් අයියේ ඇයි මේ හැටි දගලන්නේ... බීලා කොහෙද හොඳ පවුලක් නැති වෙන්නේ... රටකජු බිම දමා නැහැ මාමා ගෙට එන්නේ... නැන්දා නේද සැර මොකටද හංගන්නේ.... (නි)

:       0       0

පෙත්තා Wednesday, 09 October 2013 07:52 PM

රුවන්, අද බය නැතුව බොන්න. ගෙදර යනකොට කොස් ඇටවත් අරගෙන යන්න (නි)

:       0       0

නලින් Wednesday, 09 October 2013 08:48 PM

මාළු රට කජු කන්න කැමතිද? (දී)

:       0       0

බිනුර Wednesday, 09 October 2013 08:48 PM

බිව්වහම තව මොනවා කවයිද දන්නේ නැහැ ?

:       0       0

පෙරේරා Wednesday, 09 October 2013 09:09 PM

මාළුවට රට කජු...නෝනට කොස් ඇට (දී)

:       0       0

පැංචි Wednesday, 09 October 2013 09:27 PM

නලීන් අයියේ මාළුත් ඔය වගේ ඇම කන්න කැමතියි (දී)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 11:04 PM

වෙන කවුරුහරි මගේ නමින් ප්‍රතිචාර දමන එක නවත්වන්න (කවුරුහරි ඉන්නවා වගේ මට හරහට ) (නි)

:       0       0

හේරත් Thursday, 10 October 2013 06:12 AM

චන්දී, අදහස හොඳ නම් හිනාවෙන්න. ගණන් ගන්න එපා වැඩිය. (නි)

:       0       0

සමදරා ආරියදාස Thursday, 10 October 2013 07:22 AM

මේක වෙන්න බැරි දෙයක්. රටකජු ඇටයක් කටේ හිරකරගෙන මැරිලා තියෙන්නේ (නි)

:       0       0

සමදරා Thursday, 10 October 2013 07:25 AM

දුවේ රූපා, ඔයත් දවසක හොඳට බීලා බලන්න, පරණ දේවල් හොඳට මතක් වෙන හැටි. (නි)

:       0       0

පැංචි Thursday, 10 October 2013 07:52 AM

අනේ මේ සමදරාත් ඉතිහාස පොතක් වගේ.සියල්ල දන්නවා.මම අහලාවත් නැති දේවල්. (නි)

:       0       0

දිසා Thursday, 10 October 2013 08:19 AM

"මතට තිත" හැබෑවටම ඒක නාමික වචනයක් පමණද? (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 10 October 2013 08:29 AM

ඔයාලා කලබල වෙන්න එපා. මාලුවාව අමතක වෙන්න තරම් මෙයා අරක්කු බීලා නම් කොහොමද මාළුවා අල්ලා ගත්තේ? (නි)

:       0       0

අශ‍ාන්ත Thursday, 10 October 2013 08:41 AM

රුපියල් 2 කට බීලා රුපියල් 10 කට බිව්වා වගේ වෙරි පෙන්වනවා. (නි)

:       0       0

සරත් Thursday, 10 October 2013 08:48 AM

දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙනම් කියන්න බලන්න මාළුවාගේ ගැහැණු සතා මොකාද කියලා (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 09:33 AM

ඒක දන්නා මාළුවා රට කජු කා ඊයේ රෑ මිය ගියේය. පුරප්පාඩුවට පත් වුණු සරත් අයියා නම හෙළි නොකළේය.අහෝ බේදයකි! (නි)

:       0       0

පහන් Thursday, 10 October 2013 10:11 AM

වීරයා මැරිලා (දී)

:       0       0

රුපවති Thursday, 10 October 2013 10:13 AM

සමදරා ඇන්ටි ...කාට කොහොම මොනවා මතක් උනත්.. අමතක උනත් ...කාන්තාවක්‌ හැටියට ..ඔබේ කියමනට මම කිසි සෙත් විරුද්දයි ...මගේ ජීවන ගමනේ අම්ම කෙනෙක් හැටියට මම ඉන්නේ ලොකු වගකීම් රැසක් සමග,ඉස්ථාවරයක, ඒ උතුම් වූ පවිත්‍ර ගමන් මග ඔය නරකාදියෙන් තෙමා ගන්න ඕනද ..? නේද චන්දි නංගි....? (දී)

:       0       0

එකනායක Thursday, 10 October 2013 10:28 AM

දෙකක් දාගත්තාම තමයි වීරයා වෙන්නේ (දී)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 10:32 AM

ඔහේ පලයන්...මෙන්න රුප සුරාමේරා .....දස්ට කොරල වගෙයි.

:       0       0

තිලක් Thursday, 10 October 2013 11:10 AM

බෙදා හදා ගෙන කෑම (දී)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 11:46 AM

දරුවන්ගේ යුතුකම් ඉෂ්ට කරන ගමන් අපේ පාලුව කාන්සිය මකා ගන්න එසැණට ලියනවා ඇත්තටම ඒක අපිට පුදුම සතුටක් .., මං නැවතත් කතෘ තුමා ඇතුළු සියලු දෙනාට ස්තුති කරනවා ., දිර්ඝායුෂ පතනවා (දිල්)

:       0       0

ඉන්දු මෙල්බෞර්නෙ Thursday, 10 October 2013 12:57 PM

මට නම් හිතෙන්නේ මේ මනුස්සයට වෙරි මරගාතේ නෝනවයි, මාලුවවයි මාරු වෙලා.. (ත)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 10 October 2013 01:28 PM

කවුද මේ මගේ රූපට සුරාව තොලගාන්න කියන සමදරාව? හොදට හිටීවි. අපේ එකීට අතීතය මතක් වුණොත් මම කපෝති (නි)

:       0       0

රූපවතී Thursday, 10 October 2013 03:22 PM

අනේ දිසෝ, මට වෙලාවකට හිනාව නවත්තාගන්න බැහැ,මේ ලියලා තිබෙන දේවල් දැක්කහම (නි)

:       0       0

රූපවතී Thursday, 10 October 2013 03:23 PM

සරත් මල්ලිව මම දන්නවා (නි)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 04:08 PM

මොකද දිසෝ, ''අතීතයට'' ඔයතරම් බය? (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 06:14 PM

නෙල්ලි රසය දැනෙනවලු.... අන්තිම හරියලු මහා භයංකාර... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 10 October 2013 06:31 PM

ඔය පෙත්තා කියලා තියෙන්නේ බය කියන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 06:51 PM

දිසෝ, ලැජ්ජයි, බයයි කියලා කොහොම කියලා දෙන්නද? දෙයියෝ සාක්කි! නොදන්නවා වගේ අහන හැටි...? (නි)

:       0       0

වන්නිතිලක් Thursday, 10 October 2013 09:46 PM

නිතර බොන යාලුවෙක් නොබීපු දවසක ප්‍රවෘත්ති බලමින් හිටියා. බිරිදත් ලඟින් වැඩිවෙලා සතුටි හිටිය. බලන්න ඔයා අද කොච්චර හොඳද හැමදාම මෙහෙම ඉන්නකෝ. ඒ වෙලාවේ කිව්වේ විදුහල්පති තුමෙක් ළමයෙක් පාසලට දාන්න අර අල්ලසක් ඉල්ලපු ප්‍රවෘතිය. මිතුරා විහිළුවට කිව්වා නොබී ඉන්න නම් මටත් අල්ලසක් ඕනේ කියල. ඇය තව කොන්දේසියක් එකතු කළා. දැන් මිතුරා බොන්න නැතිව ඉන්නවා. (අ)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 10:00 PM

බොන්නේ නැතුව ඕනෑ අල්ලසක් ගන්න. හැබැයි ගෙදර නෝනාගෙන් ප්‍රවේශමෙන්. (නි)

:       0       0

බට්ටා Thursday, 10 October 2013 10:13 PM

ඔයබෝන්නේ නැත්තේ අල්ලසකට යටවෙලා නේ...(දිල්)

:       0       0

සමදරා ආරියදාස Friday, 11 October 2013 06:09 AM

චන්දි, බඩගිනියි කියලා මාළුවාගේ කටේ තිබෙන රටකජු කෑල්ලට වැඩේ දෙන්න එපා හොඳද? (නි)

:       0       0

එස් පි Friday, 11 October 2013 08:59 AM

මීට පස්සේ මම මාළු ටැංකිය හෝදන්න කලින් බීලා ඉන්නවා. එතකොට පහසුවෙන් මාළු ටික අල්ලන්න පුළුවන් (නි)

:       0       0

පෙත්තා Friday, 11 October 2013 08:56 PM

මාළු ටැංකිය හෝදන්න කලින් බීලා ඉන්න ව පේනවා. ඔය කොමඩ් එක නේ මනුස්සයෝ?(දිල්)

:       0       0

චමත් Friday, 11 October 2013 10:05 PM

වෙරිකාරයා බොරුකාරයා කියනවනේ. (නි)

:       0       0

බට්ටා Friday, 11 October 2013 10:42 PM

අනුමානයක් නැහැ. කිඹුලෙක් හොයනවා ඇති (නි)

:       0       0

චන්දි Friday, 11 October 2013 11:16 PM

සමදරා ආරියදාස ..!! බඩගිනි දැනුනට මියෙන තරම් ., තණ කොළ නුබුදති සිංහ පැටව්..!!(දිල්)

:       0       0

ශාන්ති Friday, 11 October 2013 11:59 PM

මමත් පොඩ්ඩක් වත් කැමති නැහැ බොන අයට.(නදී)

:       0       0

පෙත්තා Saturday, 12 October 2013 12:17 AM

මොන සිංහ ගැනද මේ අපේ කට්ටිය කතා කරන්නේ? (නි)

:       0       0

රූපවතී Saturday, 12 October 2013 12:53 AM

චන්දි නංගි,සමදරාට ලියන්න එපා.මම නම් හොදටම දන්නවා මේ නමින් පෙනී සිටින්නේ කවුද කියලා (නි)

:       0       0

පෙරේරා Saturday, 12 October 2013 01:21 AM

කකුල් හතරේ සිංහ පැටවු කරන වැඩ කොහොමද දෙපා සිංහ පැටවු කරන්නේ? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 12 October 2013 09:24 AM

අපේ කළු කොට හේරත් හුග දවසකින් නැහැ (නි)

:       0       0

හේරත් Saturday, 12 October 2013 09:52 AM

මම ඉන්නවා.. (නි)

:       0       0

චන්දි Saturday, 12 October 2013 10:04 AM

දිසෝ.., සරත් ඇත්තෙත් නැහැනේ ..!! හොයන්නකෝ පොඩ්ඩක් කොහිල කටු ඇන ගෙනද දන්නේ නැහැ ...?රුපක්කේ කෝල් එකක් වත් දාල බලන්නකෝ අපේ යාළුවො සෙට් එකේ එක්කෙනෙක් හරි අඩු උනොත් හරි නෑ (දිල්)

:       0       0

හේරත් Saturday, 12 October 2013 10:22 AM

කෝල් එකක් දීලා බැලුවා.ගැහැනු කට හඬකින් මොනවද කියනවා ඇහෙනවා.බනිනවද දන්නෙත් නැහැ. අමුතු භාෂාවක් (නි)

:       0       0

සුරංග Saturday, 12 October 2013 10:31 AM

ඉගිලෙන මාළුවන්ට කැව්වා නම් මීට හොදයි. (නි)

:       0       0

චන්දි Saturday, 12 October 2013 10:39 AM

අනේ හේරත්, එහෙනම් ෂුවර් එකටම සරා අමාරුවක වැටිලා ඇති. හපොයි දෙයියනේ! අපේ සරා චීන කෙල්ලෙකුටවත් පැටලුනාද ...? (නි)

:       0       0

පෙරේරා Saturday, 12 October 2013 10:47 AM

සරාට කොහොම හරි කව්රු හරි වැටිලා නම් ඒක සමරන්නම ඕනෑ (නි)

:       0       0

පැංචි Saturday, 12 October 2013 10:54 AM

මල්සරාට ප්‍රේම ලෝකෙ කූඩුවක් තනා... වාසනාවේ මල් බලන්න අපට හැකි වුණා.... (නි)

:       0       0

රූපවති Saturday, 12 October 2013 05:20 PM

මමත් ඕකම හිතුව චන්දි..කොහිල වලට වඩා කොපමණ සහනයක්ද ? බස් එකේ සීට් එකක් කියල හිතන්න ඇති ..අපේ සරත් මල්ලිම තමයි හිටියේ .. වැඩ ඇරිලා යන ගමන් ...චයිනීස් කෙල්ලක් එක්ක ..? සරත් වැඩේ කැතයි ...වැඩේ කැතයි ..?අන්න අරහේ අඩනවා ...? (අ)

:       0       0

පැංචි Saturday, 12 October 2013 06:34 PM

කොට්ටාවට යන්න කලින් බස් එකෙන් බැස්සුවා...ච්යිනීස් කාලා අන්න අරහේ පයින් යන ගමන් අඩනවා .ඔයාලට සෙල්ලම්...මගේ මුණ නිල වෙලා...පිම්බිලා..(නදී).

:       0       0

චන්දි Saturday, 12 October 2013 07:25 PM

පැන්චිගේ, ගම කොට්ටාවද .?කටේ තියෙන්නෙම කොට්ටාව ,(නදී)

:       0       0

පැංචි Saturday, 12 October 2013 07:34 PM

නෑ අනේ කොට්ටාවට එහා...හෝමාගම අක්කේ...එතකොට ඔයා?(නදී)

:       0       0

කිෂාක් Saturday, 12 October 2013 09:14 PM

දැන් පැන්චිටත් හරියන්නේ නැහැවගේ මම බලාගෙන හිටියා හිටියා නැහැ නැවතිල්ලක් ...(අ)

:       0       0

චන්දි Saturday, 12 October 2013 09:17 PM

මං අම්බලන්ගොඩ ,අලුත්වල .., මං හෝමාගම යනවා ,මගේ යෙහෙලියන් තුන් දෙනෙක් ඉන්නවා මාගම්මන, හෝමගම (අ)

:       0       0

මාටින් Saturday, 12 October 2013 11:28 PM

දැන් එතකොට ඇට හිරවෙලා මැරුණු මාළුවා ගැන කාටවත් මතක නැද්ද? (නි)

:       0       0

රූටි Saturday, 12 October 2013 11:47 PM

දැන්නම් මේ අදහස් දාන කාන්තාවෝ බෝතලයක් බීලා වගෙයි, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දාන්නේ. (නි)

:       0       0

දිසා Saturday, 12 October 2013 11:50 PM

මෙතනත් ඒ පාර ළිද ළග සංගමයක් පටන්ගත්තා වගේ? (නි)

:       0       0

දයාරත්න Saturday, 12 October 2013 11:55 PM

බීමත් මිනිස්සුත් කරන වැඩ ? (නි)

:       0       0

පැංචි Sunday, 13 October 2013 12:08 AM

මොකද ක්‍රිෂාන්, මම ලියන ඒවාට නලියනවද? (නි)

:       0       0

බට්ටා Sunday, 13 October 2013 12:19 AM

අලුත්වල චන්දි .... හිත හොඳ අපේ නංගී.... සිනා මුව රැන්දී.... සැමට තිලිණෙකි නැතුව වන්දි... (නි)

:       0       0

සමදරා Sunday, 13 October 2013 04:19 AM

මේ රූපා, මගෙන් මුකුත් අහගන්න එපා ලුණු ඇඹුල් ඇතුව. අම්බලන්ගොඩ චන්දිට මට ලියන්න එපා කියන්න ඔයා කවුද? මම සමදරා ආරියදාස, වැඩිහිටි කාන්තාවක්, (නි)

:       0       0

ආකාශ් ලියනගේ Sunday, 13 October 2013 05:56 AM

මේ වයසක මිනිස්සුත් දෙන වදයක්...? (නි)

:       0       0

පැංචි Sunday, 13 October 2013 06:14 AM

දත් තිස් නවයක් විරිත්තලා... අපේ ආච්චි හිනා වෙලා... අපේ ආච්චි වැඩකාරී... රූපට බැටදේවී... පත්තරේ ලිව් දේ කියාවාලා පිස්සුව ඩබල් වෙලා// (නි)

:       0       0

රූපවති Sunday, 13 October 2013 10:31 AM

සමදරා නැන්දේ ඔයාම කියනවනේ ඔයා වැඩිහිටි කාන්තාවක් කියල ..හැබෑටම වැඩිහිටි කාන්තාවකට ගැලපෙන වචනද ඔයා කියන්නේ කාන්තාවක් විදියට අදහස් පල කරන්න ...? අපි බෙල්ල ගහල ගියත්? අපේ ලියා පදිංචි නමෙන් තමයි බෙල්ල කපන්නේ ...?ඒක තමයි එඩිතර කම ....? (දිල්)

:       0       0

රූපවති Sunday, 13 October 2013 10:33 AM

චන්දි නංගියෝ ..අපේ සරත් කොයි ..? කොහාට හරි වෙලාද කියල මට සැකයි ...?(දිල්)

:       0       0

චන්දි Sunday, 13 October 2013 12:06 PM

සමදරා, කරුණාකරලා අසත්පුරුෂකමින් මිදී සත්පුරුෂභාවයෙන් අදහස් ලියන්න (නි)

:       0       0

චන්දි Sunday, 13 October 2013 12:17 PM

අපි සරත් ගැන සෙව්වට ,එයා අපි ගැන හොයන්නේ නැහැ. (නි)

:       0       0

සමදරා ආරියදාස Sunday, 13 October 2013 12:18 PM

දුවේ රූපා, අපි යාලු වෙමු. කට්ටියම එකට ඉඳලා හිනා වෙමු (නි)

:       0       0

චන්දි Sunday, 13 October 2013 12:34 PM

ස්තුතියි බට්ටෝ ., සිනහ සයුරේ ගිලිලා ,එන්න හිතෙනවා බට්ටව සොයාල ..!!(නදී)

:       0       0

සමදරා Sunday, 13 October 2013 01:47 PM

මේ රුපා මට පණ්ඩිත කම් කතා කරන්න එපා. මගේ වදන් හොඳ නැත්නම් එසැණ ඒ ගැන බලි ගනීවි. අනුන් කොටවන කතා කියන්න එපා. ඔයා හින්ද මට චන්දිත් නැතිවුණා (නදී)

:       0       0

පැංචි Sunday, 13 October 2013 02:50 PM

කෝ අහලකවත් - නැතිද පොලෝසියක් - පොලුත් ගහනවා -බෙලිත් කපනවා. සරා හැංගිලා- බෙදනවා සම්බල්.. ලංකාවේ ගෑනු -කයියට පොල් ගානූ...නවතා ඩොන් සීනු - සිනහ දසංපානූ..(නදී)

:       0       0

පැංචි Sunday, 13 October 2013 02:52 PM

සරත් අයියා කොයි - දොර මුල්ලේදොයි...(නදී)

:       0       0

පොඩි මැණිකා Sunday, 13 October 2013 06:02 PM

ඕක නම් ඇත්තටම බොරුවක්.(නදී)

:       0       0

පැංචි Sunday, 13 October 2013 07:03 PM

සරත් අය්යා රතු පස්වල හාමුදුරුවොත් එක්ක අම්බලන්ගොඩ වැඩියාලු. යක්ෂ (ලොකු බංඩි ගේ)නාග පොඩි බංඩිගේ යුද්දය වලක්වන්න (නදී)

:       0       0

පෙත්තා Sunday, 13 October 2013 07:06 PM

අන්න අර පැත්ත ගිනි අරන්. ඉබ්බා මොකද බලන් ඉන්නේ.. සමදරාගේ ත්‍රී වීල් එකයි රුපගේ ඩක්කුවයි හැප්පිලා. පොල් ලෙලි හැම තැනම... (නදී)

:       0       0

රූපවතී Sunday, 13 October 2013 07:44 PM

පෙත්ත මල්ලි ..වයසක අත්තම්ම කෙනෙක් ..ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලෙට අරන් ගිහින් ..දොස්තර මහත්තය ඇහුවලු ?මොකද අම්මට... ?කියන්න බලන්න මොකද උනේ කියල ..? අනේ බුදු දොස්තර මහත්තයෝ ඇහි පිල්ලන් ගහන වේගෙන් ලොකූ...සින්දුවක් ඇවිත් ඇගේ හැප්පුනා කීවලු ...? බලනකොට ඒ අත්තම්මව හප්පලා තියෙන්නේ ත්‍රීවිල් එකක්...? (නදී)

:       0       0

බටිති Sunday, 13 October 2013 08:04 PM

රුපයි..සම්දරයි ..රන්ජනියි.. අර කට්ටිය නෙවෙයිලු. (නදී)

:       0       0

පෙරේරා Sunday, 13 October 2013 08:43 PM

මේකේ කතා කියවන්න අන්න කනත්තේ නිදියපු අයත් නැගිටලා කට හෝදන්නේ නැතුව එනවලු...දැක්කද?(නදී)

:       0       0

පැංචි Sunday, 13 October 2013 11:37 PM

රූපවති නැන්දට "සින්දුවක් ඇවිල්ලා ඇගේ හැපුනත්" ගානක්වත් නැහැ නේද? (නි)

:       0       0

චන්දි Sunday, 13 October 2013 11:39 PM

මේ පෙත්තයි, පෙරේරායි දෙන්නම එක්කෙනෙක්ද කියලා මට පොඩි සැකයක් ඇති වුණා. මම හරිද පෙත්තෝ? (නි)

:       0       0

චන්දි Sunday, 13 October 2013 11:53 PM

අනේ සමදරා.., මන් ලියන අදහස් අපේ කතෘතුමා මෙහි පල කරනතුරු .. ඔයාල කාටවත් මේ චන්දි නැති වෙන්නේ නැහැ ..!! ප්ලීස් , අපි හැමෝම සමගියෙන් මෙහි අදහස් දාමු (රුප අක්කයි , සමදරයි දන්නා දෙන්නෙක්ද මන්දා-හැම තිස්සෙම පොර කිකිලියෝ දෙන්නෙක් වගේ)නේද පෙත්තෝ (නදී)

:       0       0

සමදරා Monday, 14 October 2013 06:10 AM

චන්දි දුවේ, මට නැන්දා කියලා කියන්න. මම ආසයි එතකොට. (නි)

:       0       0

සමදරා Monday, 14 October 2013 06:30 AM

චන්ඩි ඕගොල්ලෝ වගේ නෙවි මම හැමදාම මේ රටේ හිටියේ. වෙන රටවල් ලොකු කරල කියනකොට තරහයි. අපේ පවුලේ ගොඩක් රට වෙනුවෙන් යුද්දේ කරපු අය. බෝම්බවලින් මැරුණු/තුවාලවුණු අයත් ඉන්නවා. රුපට අපේ රටට ගරහන්න එපා කියන්න, වෙන ඕන දෙයක් (නදී)

:       0       0

සමදරා Monday, 14 October 2013 06:31 AM

මමත් රට යන්න ආසයි. ඉතාලි වගේ රටවල් හොදයි. එන්ගලන්තයේ යන්න අපි ඉංග්‍රීසි දන්නේ නැහැනේ (නි)

:       0       0

සමදරා Monday, 14 October 2013 08:10 AM

මේ කතා වලින් ගෝල්ඩ් ෆිෂ් මාළු කුණ අරගෙන දාන්නත් බැරි වුණා. (නි)

:       0       0

පැංචි Monday, 14 October 2013 09:07 AM

අපරාදේ නැන්දේ..., අර රට කජු එක (නි)

:       0       0

සමදරා Monday, 14 October 2013 09:24 AM

පැන්චි මගේ පුතේ, රටකජු කෑල්ල අරන් තියලා ඇති. ඔයාට ඕනෑ නම් කන්න (නි)

:       0       0

චන්දි Monday, 14 October 2013 11:41 AM

සමදරා.., ඔයා ලංකාවේම ඉන්න.., මොකද ඉතාලි යන්න ආසාවක් ආවේ දන්නේ නැහැ නේද...?(දිල්)

:       0       0

රූපවතී Monday, 14 October 2013 11:53 AM

සමදරාට හැමෝම රැවටුනා.ඒත් මුලින්ම මම දැනගත්තා මේ අපේ රැලේ හොදම කවියෙක් තමයි කියලා (නි)

:       0       0

රූපවති Monday, 14 October 2013 11:58 AM

මෙතන හිටිය අපි හැමෝටම අමතක උනා..ඔය මාළු කුණ.(දිල්)

:       0       0

තරංග Monday, 14 October 2013 12:19 PM

ජීවිතේට එක වරක් මමත් මත්වතුර බිවුවා මගේ මෝඩ යාලුවෙක් නිසා. මගේ මෝඩකමට බිවුවා. අපොයි අම්මෝ! මතක් වෙද්දීත් ඔලුව රිදෙනවා. මට නම් කිසිම සිහි විකල්වීමක් වුණේ නැහැ.හැබැයි ශරීරය වාරු මදි වුණා (නි)

:       0       0

රූපවතී Monday, 14 October 2013 12:23 PM

සමදරා,ඔයාට පුලුවන් නම් ඔය සිල් රෙද්ද ගලවලා කනත්තට විසි කරලා ගිහින් අපේ රටේ අසරණ දරු පැටව් දුෂණය කරන, ගැබිණි මව්වරුන් දුෂණය කරන, තම ස්වාමියාව බිරිදව මරන, අසරණ දරු පැටවුන් මහමග දමලා යන , අපේ රටේ ජාතික සම්පත් විනාශ කරන,අපේ දරුවන්ගේ හෙට දවසේ ඉරණම කුඩුකාරයින්ට විසදන්න ඉඩ තැබූ වන්ට විරුද්ධව රටේ මිනිසුන්ගේ හැදියාව සහ සදාචාර මිනිස්කම් ගොඩනැගීමේ මෙහෙවරක් පටන් ගන්න (නි)

:       0       0

සමාදරා Monday, 14 October 2013 05:01 PM

රූපා ඔයා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. අපි ඕගොල්ල තරම් උගත් නැහැ, හැබැයි ළමයෝ ඔය එංගලන්තේ කාන්ත විමුක්තිය නම් මෙහෙ ලංකාවේ ගෑණුන්ට උගනන්න විතරක් හදන්න එපා. එදාට මම සිල් රෙද්ද ගලවනවා... (ස)

:       0       0

චන්දි Monday, 14 October 2013 06:21 PM

ඒ කියන්නේ ,සමදරා දවස් 365ස් දවසෙම සිල් රෙද්ද පොරවාගෙනද ඉන්නේ? හැබැයි කෙක්ක වගේ එල්ලී එල්ලී යන විදියට නම් උගත්කම අඩුයි කියලා හිතෙනවා (නි)

:       0       0

පෙත්තා Monday, 14 October 2013 07:08 PM

"සිල් රෙද්ද ගලවලා කනත්තට විසි කරලා" -අනේ රූපෝ,.මම මොකුත් කියන්නේ නැහැ (නි).

:       0       0

පෙත්තා Monday, 14 October 2013 07:18 PM

"හැමෝටම අමතක වුණා..ඔය මාළු කුණ" -රූපක්කේ, මම ඒක ඉස්සරහා තියාගෙන පිළිකුල් භාවනාව වඩන්න පටන්ගත්තා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 14 October 2013 07:47 PM

චන්දි අක්කේ, රූපවතී අක්කේ, ඔය සමදරාගේ තත්ත්වයට අපි වැටෙන්න හොද නැහැ (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 14 October 2013 10:19 PM

චන්දි අක්කේ ,රුපවති අක්කේ,ඔයාලා සමදරාට ලියන්න එපා.එයාගේ මට්ටමට ඇයි අපි වැටෙන්නේ.එයාට මානසික රෝගයක් මන් හිතන විදිහට.(දිල්)

:       0       0

පෙත්තා Monday, 14 October 2013 11:21 PM

චන්දිට කොච්චි - පෙත්තට ඔරු- නයාට අඳු කොළ - රුපට සමදරා...(දිල්)

:       0       0

සමාදරා Tuesday, 15 October 2013 04:46 AM

ළමයිනේ සිල් රෙද්ද උතුම් වස්ත්‍රයක්. ඒකට අවමන් නොවෙන විදියට අදහස් ලියමු (නි)

:       0       0

සමදරා Tuesday, 15 October 2013 04:52 AM

මම තරමක් උගත්. ප්‍රාදේශීය සභාවේ වැඩ කරන්නේ. අපි ගම්වල දුවලා පැනලා, ගඟේ නාලා හැදිච්ච කෙල්ලෝ. ඔය ගැහැණු අය චූයින්ගම් කන, ඩෙනිම්/කලිසම් අඳින, සිගරැට් බොන, කාර් එලවන සමාජ ක්‍රමය මේ ගම් වලට ගැළපෙන්නේ නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න රූපා, නිලූ, චන්දි. ස්තුතියි (නි)

:       0       0

සමදරා Tuesday, 15 October 2013 07:15 AM

මේ රූපා, දැන් මම සුදු ඇන්දට මම නිල්, රතු, කොළ පාට තුනම ඇඳලා තිබෙනවා. මට එක දේශපාළුවෙක්වත් ලොකු නැහැ. හැබැයි රට අසංවර කරන්න ඉඩ දෙන්නේ නැහැ (නි)

:       0       0

තක්ෂිලා Tuesday, 15 October 2013 02:23 PM

මත් බවෙන් ඉඳන් ඔයින් ගියා ඇති..... (ස)

:       0       0

පැංචි Wednesday, 16 October 2013 07:31 PM

පාට පාට සමදරා - අනේ මගේ සමදරා. - දැක්කම මට නිදිවරා....බොන්න හිතෙයි පැහුණු රා...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site