X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මැංගුස් කඩන්න වත්තට පනිද්දී වැටුණු පොකැට්ටුව හොරාටම දීලා

(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ ලොතරැයි වෙළෙන්දකුගේ ගෙවත්තක හොර රහසේ මැංගුස් කැඩීමට ගිය හොරකු නිවෙස් හිමියා දැක දිව යද්දී  වැටුණු මුදල් පසුම්බිය පොලීසියට ගෙන්වා බාර දීමේ පුවතක් යක්කල පොලිසියෙන් වාර්තා වෙයි. 


ගෙවතු හිමියා නොමැති අවස්ථාවල ගෙවත්තෙහි මැංගුස් ගසෙන් ගෙඩි කඩන බව දැන ගැනීමෙන් පසුව විමසිලිමත්ව සිටිය දී පසුගිය දිනෙක යමකු මැංගුස් ගෙඩි කඩනු දැක එතැනට දිව යන විට ගසෙහි සිටි තැනැත්තා පැනගොස් ඇත. 


ගස යට වැටී තිබූ මැංගුස් අහුලා ගනිමින් සිටි ගෙවතු හිමියාට ඒ අසල තිබී මුදල් පසුම්බියක් හමුව ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී රුපියල් විසිපන් දහසක් මුදලක් තිබෙනු දැක එය රැගෙන ගොස් යක්කල පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දී විස්තරය පවසා ඇත. 
යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න මහතා පවසා සිටියේ, ගෙවත්ත හිමිකරු බාරදුන් මුදල් පසුම්බිය පරීක්ෂා කොට එහි තිබූ තොරතුරක් අනුව පසුම්බිය හිමිකරු පොලීසියට කැඳවා, හොරෙන් මැංගුස් කැඩීමේ වරද පෙන්වා දැඩි ලෙස අවවාද කොට මුදල් පසුම්බිය ආපසු ලබාදීමට පියවර ගත් බවය.


මෙහි දී ස්ථානාධිපතිවරයා පවසා සිටියේ, රුපියල් 25,000 ක් සහිත මුදල් පසුම්බිය ගෙනැවිත් බාරදීම සිදු කළ තැනැත්තා පාපැදියකින් යමින් ලොතරැයි පත් අලෙවි කරමින් ඉතා අහිංසක ලෙස ජීවිකාව ගෙන යන අයෙකු වන බවත් ඔහුගේ අවංකත්වය අද සමාජයේ ඇතැමුන්ට ආදර්ශයක් වන බවත්ය.

 



අදහස් (1)

මැංගුස් කඩන්න වත්තට පනිද්දී වැටුණු පොකැට්ටුව හොරාටම දීලා

බුද්ධික.ඉ Saturday, 07 August 2021 07:40 AM

වැරදි කරුට දඬුවම් දීම වෙනම කාරණයක්, අන්සතු දේ නොගැනීම තවත් කාරණයක්. මෙවැනි අවංක මිනිසුන් 1% වත් සිටී නම් මේ රට දියුණු වෙනවා. ඔහු සැහැල්ලුවෙන් ජීවත් වන යහපත් පුරවැසියෙකු විය යුතුය. යහපතක්ම වේවා! බොහෝ විට වැරිදි කරු නැවත එවැනි වැරදි කරන විට දෙවරක් සිතයි, සමහරවිට වලකින්නට ද සිතේ. මෙවැනි පුවත් සමාජගත කිරීම, චරිත ඇගයීම අන් අයව එවැනි යහපත්ක්‍ ක්‍රියාවන්ට උනන්දු කිරීමක්.

:       1       313

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site