(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පදම ඉක්මවා යනතෙක් මත්පැන් පානය කර නිවෙසක් ඉදිරිපිට නැවතී වර්තමානයේ මුළු ලෝකයේම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී නිවසේ කාන්තාව දර ලීයක් රැගෙන එන අයුරු දැක දිව ගොස් ඇතැයි කියන අවිවාහක තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
එය කෑගල්ල නගරයේ පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානයේ 26 හැවිරිදි අවිවාහක තරුණයෙක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් මව්පියන් ද සමග ජීවත් විය.
මෙම තරුණයා පාසල් යන අවදියේ සිට ගම්මානයේ මව්පියන් සමග ජීවත් වෙමින් සිටින තරමක් සුරූපී පාසල් ශිෂ්‍යාවකට පෙම් බඳින්නට විය. තරුණයා 12 පන්තියේ ඉගනුම ලබන අවස්ථාවේ දී ශිෂ්‍යාව ඉගෙනුම ලැබුවේ ඊට පංති දෙකකට පහළ පන්තියකය. තරුණයත් තරුණියත් එකල පාසල් ආවේ ගියේ, කතා බහ කර එකම පාර දිගේය. දිනක් පාසල් සිසුවාට සිසුවිය කෙරෙහි ආදර හැඟීමක් පහළ විය.
දිනක් පාසල් ශිෂ්‍යයා පාසල ඇරී සිසුවිය සමග නිවෙස් බලා පැමිණෙමින් සිටියදී කාලයක් තිස්සේ හදවතෙහි කැකෑරෙමින් පවතින ආදරය පිළිබඳ ඈ දැනුවත් කළේය. එහිදී පාසල් සිසුවිය තරුණයාට කියා ඇත්තේ කරුණු කිහිපයකින්ම දෙදෙනා නොගැලපෙන බවත්, මව්පියන් දැන ගත්තොත් තමන්ගේ පාසල් ගමන පවා නතර කරන බවත්ය. දින සති මාස ගෙවී ගියේය. කොපමණ කරුණු කාරණා තරුණයාට පහදා දුන්නද ඔහුගේ එම ඉල්ලීම් පාසල් සිසුවිය ඒ හැම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළාය. බැරිම තැන ඒ සම්බන්ධයෙන් ඇය වරෙක මව්පියන් ද දැනුවත් කර සිටියාය.
දැනට තරුණයාගේ වයස අවුරුදු 26 කි. ඔහු රැකියාවක් කර උපයා ගන්නා වැටුපෙන් නවීන පන්නයේ යතුරු පැදියක් ද මීට වසර දෙකකට පමණ ඉහතදී මිලට ගත්තේය. ජීවිතයේ පළමුවරට හිත ඇදී ගිය කෙල්ලගෙන් සතුටුදායක පිළිතුරක් තවමත් නොලැබීම නිසා තරුණයා වසර අටක පමණ කාලයක සිටින්නේ දැඩි කනස්සල්ලෙන්ය.
මීට දින කිහිපයකට ඉහතදී දිනක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. තරුණයා එදින සවස මිතුරන් පිරිසක් සමග පදම ඉක්මවා මත්පැන් පානය කළේය. සෙසු තරුණ පිරිස නිවෙස් වෙත පිටත්කර යැවූ තරුණයා නිවස බලා යාමට පිටත් විය. කලක සිට සිතෙහි ඇල්මක් ඇති කරගෙන සිටින තරුණියගේ නිවස ඉදිරිපිටට පැමිණි තරුණයා මේ දිනවල මුළු ලෝකයම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ කියන ගීතය ගායනා කරමින් තාර පාරේ සිට නටන්නට ගයන්නට පටන් ගත්තේය.
පසුව 24 හැවිරිදි තරුණියගේ පියා පැමිණ මෙතන ගීත ගයා නටන්නේ නැතිව යන ලෙස කීපවතාවක්ම තරුණයාට කීවේය. එහෙත් තරුණයා ඒ කිසිවක් ගණන් නොගෙන ගීතය කිහිප වරක්ම මහ හයියෙන් ගායනා කරන්නට විය. පසුව තරුණියගේ මව දර ලීයක් රැගෙන එන අයුරු දැක ගැනීමෙන් පසුව තරුණයා ගීතය ගායනා කිරීම පසෙකලා නිවස බලා දිව ගොස් ඇති බවත් වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැණිකේගේ අම්මා පොල්ලකුත් අරන් කොල්ලා ළඟට ඇවිත්