X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


මිතුරියටත් වයස හංගා අලි අමාරුවක වැටිලා

දෛවඥයකු හමුවී විශාල මුදලක් ලබා දුන් මිතුරියන් දෙදෙනකු එක් මිතුරියකගේ විවාහය ප්‍රමාදය වළක්වා එය කඩිනම් කැර ගැනීමට සාත්තුවක් කර දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව උපන් දිනය හා වේලාව බැලූ දෛවඥයා කසාදය ඉක්මන් වීමට අවශ්‍ය සාත්තුවක් කරන අයුරු ඇයට දන්වා ඇත. එහි පළමු වැන්න වී ඇත්තේ දැනට පවතින වයස ගාණට නිල් මල් මිටියක් දෙවි කෙනකුට පූජා කිරීම විය.

මල් වට්ටිය කඩාගෙන අදාළ ස්ථානයට යන මෙම කාන්තාව දින කීපයක් මිතුරිය සමග ගිය ද මල් පූජා නොකර ආපසු පැමිණ ඇත. මිතුරිය සමග පැමිණ විවාහය කඩිනම් වෙන්නට වැඩක් කරගෙන ගිය බවත් එහෙත් මිතුරිය සිටි නිසා සත්‍ය උපන් දිනය සඟවා අඩුවෙන් කියූ බවත් මල් පූජා කිරීමේදී මල් වැඩියෙන් පූජා කරන්න දැයි ඇය දිනක් දෛවඥයාගෙන් විමසීය. වේලාවක් බැලීමේදී උපන් වේලාවත් මාසයත් වසරත් එක සේ වටිනා බව ඇයට පැහැදිලි කිරීම නිසා ඇයට තවත් සාත්තුවක් කර ගැනීමට තවත් විශාල මුදලක් වැය කරන්නට සිදුවිය.



අදහස් (0)

මිතුරියටත් වයස හංගා අලි අමාරුවක වැටිලා

රෙජි-සිඩ්නි Wednesday, 16 March 2016 02:58 AM

ඒ කාන්තාවට කියන්න තිබුනේ "අනේ දෙවියනි ,මට සමාවෙලා මේ මල් පුජාව පිළිගන්න. මම බොරුවක් කිවුවේ. ඔබවහන්සේ මගේ නියම වයස දන්නවනේ" කියලා කියන්න. එතකොට ඔය ප්‍රශ්නය විසඳෙනවානේ. (නි)

:       0       0

ජයරත්න Wednesday, 16 March 2016 04:30 AM

ඔය මිත්‍යා විශ්වාස පසුපස යෑමත් හරියට මත්ද්‍රව්‍ය භාවිතය වගෙයි. ඇබ්බැහි වුනොත් අත්හරින්න අමාරුයි. විවාහය පමාවීමට නම් මානසික, ආර්ථික, සමාජමය හෝ වෙනත් හේතුවක් බලපාන්නට ඇත. බුද්ධිමත්ව සිතාබලා කටයුතු කළහොත් ඇයට ඉතා සාර්ථක විවාහ දිවියක් උදාකර ගැනීමට හැකිවනු ඇත. (බ)

:       0       0

සෑම් Wednesday, 16 March 2016 06:07 AM

මේවගේ බොරු වලින් පිට මිනිස්සු රවටන්න උත්සාහ කලාට අවසානයේ රැවටෙන්නේ තමාම බව කවදා හෝ වැටහේවි. හැබැයි එතකොට පරක්කු වැඩියි (ම).

:       0       0

ඉමේෂ් Wednesday, 16 March 2016 09:12 AM

බොරුව නිසා තවත් වැඩි මුදලක් ගෙවන්න වුණා බොරු කිමේ ප්‍රතිවිපාක (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 March 2016 09:46 AM

විවාහය ප්‍රමාදනම් පත්තරේ දැන්වීමක් දාන්නනේ තිබුනේ , අනේ මෙහෙමත් ගැහැණු , අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (ර)

:       0       0

ජෙහාන් Wednesday, 16 March 2016 09:46 AM

මේක ලංකාවේ බහුල ප්‍රශ්නයක්. කල වයස ඉක්මවූ කාන්තාවන් පෙළෙන්නේ එසේ මෙසේ මානසික ආතතියකින් නෙවෙයි. ඉතින් නොයෙකුත් මිත්‍යාවන් පසු පස යනවා. මේ ජ්‍යෝතිෂ්‍ය කාරයන් සහ කට්ටඩියන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. තමන්ගේ ගෙදර මෙහෙම විවාහ ප්‍රමාද බවලතෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලම ජ්‍යෝතිෂ්‍ය කාරයන්ගෙන් ප්‍රවේශම් කර ගන්න. (ර)

:       0       0

සරසි Wednesday, 16 March 2016 09:51 AM

විවාහ ප්‍රමාදයට මුලික හේතුව තමයි ඉස්තරම් මනමාලයන් සොයමින් කාන්තාවන් ගණන්ඉස්සීම. අද ගැහැණු ජනගහනය වැඩි එකේ ටිකක් නම්‍යශීලි වෙන්න ඕන. තමන්ට වැඩිය ආදායම් අඩුයි . ඉගෙනීම මදි , උස මදි ලස්සන මදි කියමින් පිරිමින්ට රැස්පොට් පෙන්වපු අපේ නෑනා කෙනෙක් ඔය ඉන්නේ ගෙදර. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 16 March 2016 11:55 AM

සරසි. ඔබ හරි ඒවගේම තවත් පිරිමි කොටසක් ඉන්නවා....ලැබෙන දෑවැද්ද ගැන විතරක් ඇහගහගෙන මොන තරම් අඩුපාඩු තිබ්බත් කමක් නෑ...දෑවැද්ද ලොකුවට ලැබෙනවානම්....එ්කට සමහර අම්මලත් පුතාට ඕන ගුණ යහපත් බුද්දිමත් ලස්සන කෙල්ලක් හොයා ගත්තත්...ලැබෙන දැවද්දෙන් තම තමන්ගේ හැම දේම කරගන්න පුළුවන් කියල දැනෙනවානම්... පමණක් පුතාට ඕනදේ කරලා දෙනවා....පුතාට එහෙම දෙයක් බලන අම්මල දුවක් දෙනකොට තමන්ටත් එම ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා කියල හිතන්නේ නෑ...(බ)

:       0       0

සුනෙත් Wednesday, 16 March 2016 03:28 PM

විවාහයක් කරගන්නත් වාසනාවක් ඕනි(බ)

:       0       0

ගුණවර්ධන Wednesday, 16 March 2016 06:35 PM

සරසි, ඒ නෑනට වැඩිය හපන් අපේ නෑනා. දැන් ඉතින් 40යි. පිරිමින්ට බැණ බැණ ඉන්නවා (නි)

:       0       0

රූපවතී Wednesday, 16 March 2016 08:03 PM

මේ ලංකාවේ ඉන්න පිරිමි ගැහැණු හැමෝම පෙළෙන්නේ මන්දමානසිකත්වයෙන්. උම්මන්තකයෝ වගේ බුද්ධියෙන් වැඩකරන්නේ අල්ප කොටසකි. ඒ වගේ ප්‍රතිඵල රටපුරාම නෙළාගන්නවා සාමුහිකව ලොකු කුඩා හැමදෙනාම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site