දුෂ්කර ගම්මානයක වයස්ගත පුද්ගලයෙක් නිවසේදීම මිය ගියේය. නිවසේ හිමිකරුවෝ වහාම ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගොස් තම ඥාතියාගේ මළ සිරුර එම්බාම්කර අවශ්‍ය කටයුතු කරදෙන ලෙසට ඉල්ලා සිටියහ.
මල් ශාලාවේ සේවකයින් ප්‍රකාශ කළේ සිරුර මල්ශාලාවට රැගෙනවිත් එම්බාම් කිරීම් කටයුතු සිදුකළ යුතු බවයි.
ඒ අනුව මල් ශාලාවේ වාහනයකින් සිරුර රැගෙනවිත් අවශ්‍ය කටයුතු සිදු කෙරිණි.
මල් ශාලාවේ සේවකයන් මියගිය පුද්ගලයා පැළඳ සිටි බඳපටිය ඔහු භාවිතා කළ කොට්ටය ඇතුළු අනෙකුත් දේද රැගෙනවිත් තිබිණි.
සිරුර කල්තබා ගැනීමට බෙහෙත් ගැල්වීමේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව ඥාතීන් මියගිය පුද්ගලයාගේ බඳ පටිය හා කොට්ටය පිළිබඳව සොයා බලා තිබේ. ඒ ඔහු පැළඳ සිටි බඳපටියේ පොකැට්ටුවක රුපියල් 15,000කට ආසන්න මුදලක් තිබුණු බවට ඔවුන් දැන සිටි නිසාය. ඊට අමතරව කොට්ටය ඇතුළේද තම දරුවන් මියගිය අය වරින් වර ලබාදුන් මුදල් සඟවා තිබිණි.
මල් ශාලාවල සේවය කරන සේවකයින් මියගිය පුද්ගලයින්ගේ මුදල් හා වටිනා දේ මෙවැනි ස්ථානවල තිබෙන බව දන්නා බැවින් දේහය සමඟ ඒ සියලු දේ රැගෙන ගොස් අවශ්‍ය දේ ගෙන අනෙක් ඒවා විසිකර දමති.
මේ පිළිබඳව දැනගත් ඥාතිහු අදාළ මල්ශාලා මේ හිමිකරුගෙන් මේ පිළිබඳව විමසා සිටියහ. මල්ශාලා හිමිකරු මේ කිසිවක් දැන සිටියේ නැත. වහාම සේවකයින් ගෙන්වා බඳපටිය සහ කොට්ටය පිළිබඳව විමසූවිට සේවකයින් බඳ පටිය ආපසු ලබා දුන්නද එහි පොකැට්ටුවේ තිබුණු මුදල් නම් තිබුණේ නැත. මල්ශාලා හිමිකරු සේවකයින්ට තරයේ අවවාද කරනු දක්නට ලැබිණි.
(බලංගොඩ විශේෂ වයි. ඒ. වයි. වීරවංශ)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනිය එම්බාම් කරන්න මල් ශාලාවට බඳ පටියත්, කොට්ටයත් අරන් ගිහින්
කිත්සිරි Tuesday, 23 August 2016 03:26 AM
මේ තරයේ අවවාද කරන්නේ අනිත් අයට පෙනෙන්න වෙන්න ඇති. මොකද අයිතිකාරයාත් බබෙක් නෙමෙයිනේ. (නි)
පිටබැද්දර ජයා Tuesday, 23 August 2016 05:42 AM
අපේ කතාව නම් සිංහල බෞද්ධ, අවුරුදු දෙදහස් පන්සියක ඉතිහාසය වගේ ලොකු ලොකු කතා වලින්. පවුලේ කෙනෙක් මැරිලා ගෙදර මිනිස්සු දුකට සන්තාපයට පත්වෙලා ඉන්න වෙලාවක මේ වගේ තිරිසන් වැඩ කරන්නේ ඇත්තට තිරිසනුන්ටත් අන්ත මිනිස්සු (නි)
මහේෂ් ඩුබායි Tuesday, 23 August 2016 01:24 PM
අනේ මෝඩ මිනිස්සුනේ.. උබලා මේ ලෝකෙම සල්ලි හොරකම් කලත් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ... තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න... හෙන ගහන අපරාද මේවා. ඕකට වඩා හොදයි පාරේ හිගා කෑවනම්, අනුන්ගේ දේවල් හොරකම් නොකර. තොපිට සාප වේවා !!! (අ)
සජී Tuesday, 23 August 2016 08:22 PM
අපේ සීයා නැතිවුණේ කඩය ඇතුළේ. මල් ශාලාවෙන් ඇවිල්ලා මෙට්ටෙත් එක්කම අරගෙන ගියා. හැබැයි සල්ලි තිබුනේ කොට්ටය ඇතුළේ (නි)
ලක්ෂි Wednesday, 24 August 2016 06:23 AM
මහේෂ් ඩුබායි ඔය වගේ මිනිස්සුන්ට කියන්න ඕනේ පාරේ හිඟාකන්න කියල නෙමේ නගර සභාවේ වැසිකිලිවල හාරගෙන කාල ජීවත් වෙයල්ල කියල. (බ)