X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන

රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ‍්‍රාමික ගුරුවරියගේ විශ‍්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබාගත් පුත‍්‍රයකු බැංකු නිලධාරීන්ට හසුවීමේ පුවතක් පසුගිය සතියේ අහුන්ගල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය.

මෙම පුත‍්‍රයා ද රාජයේ රැුකියාවක් කරයි. අවසාන කාලයේ දී රෝගාතුරවී සිටි මව බලාගත්තේ ඔහුය. ඒ නිසා මව පුතාගේ නමට විශ‍්‍රාම වැටුප හරවා තිබුණි. නියමිත දින බැංකුවට ගොස් වැටුප ගෙන මවගේ අවශ්‍යතා ඉටුකළ පුතා සතුටින් විසීය.

මව මීට මාස හයකට පමණ ඉහතදී මියගියාය. එහෙත් ඒ බව අදාළ අංශවලට දන්වා විශ‍්‍රාම වැටුප ගැනීම නතර කිරීමට පුත‍්‍රයා උනන්දු නොවීය. ඔහු කිසිවක් නොදන්නා මෙන් බැංකුවට පැමිණ විශ‍්‍රාම වැටුප අරගත්තේය.

මේ ගැන පරීක්‍ෂාවෙන් සිටි අයෙකු අදාළ වංචාව ගැන බැංකු කළමනාකරුට දැනුම් දුන්නේය.

මෙම මාසයේ ද විශ‍්‍රාමික ගුරුවරියගේ පුත‍්‍රයා විශ‍්‍රාම වැටුප් ගැනීමට බැංකුවට පැමිණියේය. එය දුටු කළමනාකරු ඉදිරිපස දොර වසන ලෙස ආරක්‍ෂක නිලධාරියාට දන්වා ඔහු කොටුකර ගත්තේය. අනතුරුව පුත‍්‍රයාගෙන් ප‍්‍රශ්න කළේය.

‘‘තමන් කොහොමද මියගිය අම්මාගේ විශ‍්‍රාම වැටුප තාමත් ගන්නේ’’ කළමනාකරුගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ බියට පත් පුත‍්‍රයා වරද පිළිගත්තේය.

මේ ගැන පොලිසියට කීමට පෙර නීති විරෝධීව ගත්ත මුදල් වහාම ගෙවනවා. ඔහු කළමනාකරුගේ නියෝග අනුව වංචනිකව ගත් මුදල් ගෙවීමට එකඟ විය.

ඒ අනුව බිරිඳට දුරකථන ඇමතුමක් දී රාත‍්‍රං බඩු එම බැංකුවටම උකස් කොට විශ‍්‍රාමික මවගේ විශ‍්‍රාම වැටුපෙන් ගත් මුදල් ගෙවීමට මෙම පුත‍්‍රයා කටයුතු කළේය. ඒ නිසා වැඬේ පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට හැකිවී තිබේ.



අදහස් (0)

මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන

තිලකරත්න Sunday, 22 February 2015 01:47 AM

බැංකුව මුදල් ආපසු ගත්තට ඒවා රජයේ මුදල් නිසා නැවත ප්‍රා. ලේ. ට යවා ඇද්ද ?(දිල්)

:       0       0

මංගලී ෆොන්සේකා Tuesday, 24 February 2015 12:05 PM

හැම අවුරුද්දෙම විශ්‍රාම කාර්යාලයෙන් පෝරමයක් එනවා එක පුරවලා යවන්න ඕනි විශ්‍රාම වැටුප් ගන්න කෙනා සහ ග්‍රාම සේවක ප්‍රාදේශීය සභාව තව දොස්තර කෙනෙක් මේ කෙනා ජීවතුන් අතර ඉන්නවාද කියලා .එහෙම සහතික කළාම ආයේ ගෙවන්න පටන් ගන්නේ නැත්නම් ගෙවන්නේ නැ.සමහර බැංකුවේ අයත් සල්ලි ගන්න අවස්ථා තියෙනවා (දිල්) .

:       0       0

ජයසේකර Monday, 23 February 2015 12:50 PM

මෙය වංචාවක්. බැංකු කළමනාකරුගේ ක්‍රියාමාර්ගය වැරදි. (ර)

:       0       0

සරත් Sunday, 22 February 2015 11:10 PM

සල්ලි ඉදිරියේ ගොඩක් අයට තමන් කරන්නේ මොකක්ද කියලා අමතක වෙනවා. (නි)

:       0       0

නන්දලාල් Sunday, 22 February 2015 07:45 PM

සමහරවිට අම්මා මැරුණා කියලා පුතාට අමතකවෙන්න ඇති හිතේ අමාරුවටම !!! (නි)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 01:05 PM

නෙලුම්,හරි.මට හිතෙන්නේ මුදල් අම්මා වෙනුවෙන් පින් අතේ වැඩට දෙන්න ඇති..(හේ)

:       0       0

නෙලුම් Sunday, 22 February 2015 08:18 AM

විශ්‍රාමිකයාගේ අත්සන සහිත විශ්‍රාම වැටුප් පෝරමය බැංකුවට ලැබීමෙන් පසුව තමයි සාමාන්‍යයෙන් ගිණුමට විශ්‍රාම වැටුප බැර කරන්නේ. එහෙම නොලැබී මෙහෙම කොහොම ගිණුමට බැර වුනාද මන්දා .(දිල්)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 07:29 AM

පරලොවට යුතුකම් ඉටුකරන්න වෙන්න ඇති (නදී)

:       0       0

චමින්ද Sunday, 22 February 2015 06:30 AM

විශ්‍රාමිකයෙකු මියගිය පසු ඒ පිළිබදව දින 7ක් තුල වාර්තා කිරීම ග්‍රාම නිලධාරී සතු වගකීමකි. ඇයි ග්‍රාම නිලධාරී වාර්තා නොකලේ. (නදී)

:       0       0

සෑම් Friday, 20 February 2015 09:38 PM

මේ ආකාරයටම විශ්‍රාමිකයාගේ මුනුපුරෙක් තම සීයා වෙනුවෙන් තැපැල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බලය දී තිබුනා. එම විශ්‍රාමිකයා මිය ගියේ විශ්‍රාම වැටුප් ගෙවන දිනට පෙර දින රාත්‍රියෙයි. මුණුපුරා පසුදින උදයේම වැටුප ගත්තා. ලස්සනම වැඩේ අල්ලපු ගෙදර ඉන්නා තැපැල් මහත්තයාටවත් පහුවෙනිදා දවල් වනතුරු මරණය දැන ගැනීමට ඉඩ නොතැබීමයි. (නදී)

:       0       0

යසපාල Saturday, 21 February 2015 11:04 PM

පුතාට ආතතිය හැදිලා ඇති (නි)

:       0       0

සඳුන් Saturday, 21 February 2015 07:35 PM

අතාරින්න එපා. ලංකාවේ ලොකුම හොරකම අහුවෙලා තියෙන්නේ. එල්ලුම්ගස් යවලම තමයි නවතින්න ඕනෑ. (බ)

:       0       0

ජයන්ත Saturday, 21 February 2015 01:37 PM

වැඩේ වැරදියි තමා. ඒත් අපේ ලොකු ලොක්කො වැරැද්ද පිළිගනීද ? ගත්තෙම නැහැ කියයි (නි)

:       0       0

නෙලුම් Saturday, 21 February 2015 11:25 AM

පරීක්ෂාවෙන් සිට කළමනාකරුට දැනුම් දුන්නේ බැංකු නිලධාරියක්ද? මේ වාගේ දේවල් බැංකු වල ඉදහිට සිද්ධවෙනවා. (නි)

:       0       0

කුමාරි Saturday, 21 February 2015 05:58 AM

බුද්දිමත්,වැදගත්,හොඳ කළමනාකාර මහත්මයෙක්.(නදී)

:       0       0

සමන්ති Saturday, 21 February 2015 12:43 AM

බැංකු කළමනාකරුට එසේ කිරීමට නීතියක් තිබේද ? විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකට මරණ සහතිකය යවා වැටුප නවතාගත යුතුයි. වංචා කර ගත මුදල පිලිබඳ තීන්දු ගැනීම වැටුප් අධ්‍යක්ෂ තීන්දු ගතයුතුයි (නදී)

:       0       0

ලංකා Friday, 20 February 2015 09:52 PM

බැංකු මැනේජර්ට ද ගෙවල තියෙන්නේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site