(නයිනමඩුම - චන්දන ප්‍රනාන්දු)
වසර ගණනාවක් ඉතා යහපත්ව නිවෙසක සේවය කළ කාන්තාවක් අල්ලපු ගෙදර තාවකාලිකව සේවය කළ පෙදරේරු තරුණයකුට නිවැසියන්ට හොර රහසේ කන්න බොන්න දී මුදල් ද දුන් පුවතක් පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය. රජයේ වැදගත් රැුකියාවක නියුතු පවුලක කාර්ය බහුලත්වය නිසාම හිතවතකුගේ මාර්ගයෙන් මෙයට වසර කිහිපයකට පෙර නිවසේ වැඩකටයුතු කර ගැනීමට කාන්තාවක් සොයාගෙන තිබේ.
එම සේවිකාවත් නිවැසියන්ගේ සිත් දිනාගෙන බොහෝ හොඳින් සිටියත්, ගෙදර උයන පිහින කෑමවල මෙන්ම මුදල් ද නිතරම අස්ථාන ගත වීම ගැන සිතා ගත නොහැකි වීම නිසා එම ගෙදර සිටි වැඩිමහල් දරුවන් එසේ කරනවා යයි සිතාගෙන සිටියත්, එම කරුණ නිතරම වීම නිසා සොයා බැලීමේදී ඉහත පෙදරේරුවා සේවිකාව රවටා මෙලෙස කෑම බීම හා මුදල් ගෙන ඇති බව හෙළිකරගන්න හැකිවී තිබේ.
දිගු කාලයක් තමන් ළඟ සේවය කළ නිසාත්, සේවිකාවගේ පවුල් පසුබිම අසරණ තත්ත්වයක සිටි සේවිකාවට විරුද්ධව නීතිය ඉදිරියට නොගිය නිවැසියන් වංචාකාර පෙදරේරුවාට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙහෙකාරිය නිවැසියන්ට හොරෙන් අල්ලපු ගෙදර මේසන් බාස්ට කෑම බීම ඇදලා
කිරි ගමරාල Thursday, 26 March 2015 07:24 AM
මේවටත් දෙය්යෝ සාක්කිද? (ස)
සමීර Thursday, 26 March 2015 12:35 PM
ඇත්තටම කරන්න ඕනේ ඒ සේවිකාවට කසාදයක් කරලා දෙන එක.(හේ)
නන්දලාල් ප්‍රංශයේ සිට Thursday, 26 March 2015 01:46 PM
මේසන් බාස් හොඳ වැඩ කාරයෙක් වගෙයි. මම හිතුවා මේ බවලතා පොඩි දානයක් දුන්න කියලා. බලාගෙන යනකොට මේ බාස් නේ ඉල්ලන් කලා තියෙන්නේ! අවුරුදු කිහිපයකට "මහගෙදරට" යැවුවොත් බඩගිනි වෙන එකක් නැහැ.... (ස)
ෂෙහාන් Thursday, 26 March 2015 02:14 PM
ඇත්තටම කරන්න ඕනේ ඒ සේවිකාවට කසාදයක් කරලා දෙන එක.(ස)
da සිල්වා බෙර්ලින් Thursday, 26 March 2015 02:55 PM
මේසන් බාස්ට විරුධව නීතිමය පියවරක් ගැනීම අපහසුය , ඔහු කියාවි මම කෑම බිම සහ මුදල් හොරකම් කරේ නැහැ මට ගෙනත් දුන්න කියල , මෙහෙකාරිය බාල වයස්කරියක් නෙමේ නම් , පෙදරේරුව නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් නොවේ (ස)
පුරවැසියා Thursday, 26 March 2015 03:04 PM
සමීර ඔබ හරි (ස)
සමන් Friday, 27 March 2015 12:32 AM
සේවිකාය කරන දෙය හසුනොවී කරන්න තව පුරුදුවෙන්න ඕනෑ. තමන් වැඩකරන ගෙදරට ලොකු පාඩුවක් සිදුනොවෙන්නත් ඕනෑ. එච්චරයි (නි)
ශාන් Sunday, 29 March 2015 11:31 AM
කරන්න ඕනේ ඒ සේවිකාවට මේසන් බාස්ව කසාද බන්දල දෙන එක.(බ)
යහම්පත් Sunday, 29 March 2015 03:35 PM
ගෙහිමියට තියෙන්නේ බලු කපුටු දානයක් දුන්න කියල සිත හදාගෙන ,ඉදිරියේදී සිදුවන දේවල් ගෙන විමිසිලිවත්ව ඉන්න එකයි (ස)
ක්‍රිෂාන්ත Sunday, 29 March 2015 06:30 PM
අපරාදේ! අපිට ඕවා සෙට්වෙන්නේ නැහැනේ? (නි)
රුෂාන් ප්‍රනාන්දු Monday, 30 March 2015 03:32 AM
කතා දෙකක් නෑ. හොද බාස් (නදී)