කිව්.ආර්. කේතයෙන් යතුරු පැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරිස්සම් කරගන්නට ගොස් අසීමිතව තිබූ නෑසහෝදරකම පළුදුවූ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.
මේ කාන්තාව සියලුම කාර්යයන් කර ගත්තේ යතුරු පැදියෙනි. කිව්.ආර්. කේතයට සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මදිවේ යයි සිතූ ඇය එය පරිස්සම් කරන්නට උපරිම මහන්සියක් ගත්තාය. ඒ නිසාම සිය යතුරු පැදියේ ඉන්ධන සොරකම් කරාවී යන්න පිළිබඳව ඇය හොඳ සෝදිසියෙන් පසු වුවාය.
ඇය නගරයට යන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවකටය. මාර්ගයේ යතුරු පැදිය නොදා ගිය ඇය කිට්ටු නෑයෙකුගේ නිවසේ එය දමා යාමට සිතා ගත්තාය. ඒ අනුව ඇය එහි නිවසට යතුරු පැදිය ගෙන ගියාය. එහි සිටියේ නිවැසි පුතාය. ‘‘ආ ආන්ටි මොකද මේ තකහනියක්ම ?’’ ඔහු ඇසුවේය.
‘‘මම මේ බයිසිකලේ දාල යන්න බැලුවේ කිව්.ආර්. එකට ගත්ත තෙල් ටික හොරකම් කළොත් ඉතිං සතියක්ම හබක්නේ පුතා’’ යයි ඇය කීවිට ‘‘හා ඒකත් ඇත්තනේ’’ යයි නිවැසි පුතා කීවේය.
‘‘හා ආන්ටි බයිසිකලය මිදුලේ දාන්න එපා ගේ පිටි පස්සෙම දාමු’’යයි කී පුතා ඒ සඳහා ඇයට උදව් කළේය.
ඒ ආසන්නයේම වෙළෙඳ සලකට ගිය ඇය හදිසි අවශ්‍යතාවකට දුරකතන ඇමතුමක් ගන්න සොයා බලනවිට සිය ජංගම දුරකතනය යතුරු පැදියේ කැබිනයේ බව සිහියට නැගිණි. යතුරු පැදිය ආසන්නයේම තිබූ බැවින් ජංගම දුරකතනය රැගෙන ඒමට ගිය ඇයට නිවැසි නෑදෑ පුතා සිය යතුරු පැදියෙන් තෙල් අදිනවා දුටුවිට දෙවියන් සිහිවිය.
‘‘මොකද පුතා ඔය කරන්නේ යයි කෑගසමින් ගිය ඇයට ඔහු කීවේ’’ අනේ ආන්ටි මගේ බසිසිකලේ තෙල් නැතිව නැවැතිලා තෙල් ඇබින්දක් ගන්නයි මේ හැදුවේ යයි ඔහු කීවේය.
ඒ වනවිටත් ඔහු තෙල් බෝතල් භාගයක් ඇද තිබෙනු දක්නට ලැබූ ඇය යතුරු පැදිය එතනින් රැගෙන ආවේ ආයේ ඉතිං අපේ නෑකම් අදින් ඉවරයි කියමින් පුපුර පුපුරමිණි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යතුරුපැදියේ තෙල් පරිස්සමට ගිහින් උන්න මළා නැතිවෙලා