මා කියන්නෙ මෙයට වසර 30කට පමණ පෙර වූ සිද්ධියකි. මගේ මිතුරකු වූ ඔහුට හැමෝම පාහේ ආමන්ත්‍රණය කළේ ‘‘රජ්ජුරුවෝ’’ යනුවෙනි. දිනක් රජ්ජුරුවෝ දවසේ රාජකාරි අවසන් වී ගෙදර යන ගමන් ගල්කිස්සේ අවන්හලකට ගොඩවෙලා තිබෙනවා. එහි දොර ළඟ බල්ලෙක් වැතිර ඉඳල රජ්ජුරුවෝ බල්ලට උඩින් පනින ගමන් ‘‘අනේ බල්ලෝ හැමදාම ඔතන ඉන්නව නේද?’’ කියාගෙන ඇතුළට ගියා. ආපහු වැඩේ අවසන් වී නැවත බල්ලට උඩින් පැන ගල්කිස්ස හන්දියට විත් මොරටුව යන බස් රථයකට අත ඉස්සුවා. බසය නතර කළා. රජ්ජුරුවෝ නැග්ගා, බල්ලත් නැග්ගා. අනේ මහත්තයා බහින්න, කොන්දොස්තර කිව්වා. ඒ මොකද ළමයා රජ්ජුරුවෝ ඇසුවා. අනේ මහත්තයා මේකෙ බල්ලො එක්ක යන්ඩ බෑනේ. මම බල්ලෝ අරං ආවේ නැහැ. නැත්තං මේ ඉන්නේ රජ්ජුරුවෝ බල්ලව දැක්කා. බසයේ අනිත් අයත් කියවන්ඩ වුණා. රජ්ජුරුවන්ට වැඩේ තේරුණා. රජ්ජුරුවෝ බසයෙන් බැස්සා. බල්ලත් බැස්සා.
රජ්ජුරුවෝ දෙවන බසයට අත ඉස්සුවා. රජ්ජුරුවෝ නැග්ගා. බල්ලත් නැග්ගා පෙර බසයෙන් වගේම ඒ බසයෙනුත් රජ්ජුරුවෝ බැස්සා. බල්ලත් බැස්සා. දැන් රජ්ජුරුවන්ට වැඩේ තේරුණා. දැන් ඉතින් පයින්ම යනව ගෙදර කියා හිතාගෙන රජ්ජුරුවෝ යනවා. බල්ලත් යනවා. බෙලෙක්කඩේ හන්දියේ දී රජ්ජුරුවෝ බනිස් ගෙඩියක් අරං බල්ලාට දුන්නා. දැන් බල්ලා බනිස් කන ගමන් රජ්ජුරුවන්ගේ පස්සෙන් යනවා.
දැන් නිවසට කිට්ටුවෙද් දී වැස්සක් වැස්සා. රජ්ජුරුවොයි බල්ලයි නිවස ළඟට කිට්ටු වෙනකොට, ‘‘හාමිනේ, ටිකක් තෙමුණා. ඔයා සබන් කෑල්ලයි, තුවායයි දෙන්නකෝ නාගෙනම එන්න’’ දැන් රජ්ජුරුවොත් බල්ලත් දෙන්නම නාල පිටුපස දොරෙන් රජ්ජුරුවෝ ඇතුල් වුණා. බල්ලා එළිපත්තේ නිදා ගත්තා. රාත්‍රී ආහාර අරං බල්ලාට කන්න දෙන්න යනකොට ආ මේ මොකද බල්ලෙක්. හාමිනේ ඇහුවා. ඒක මම පස්සෙ කියන්නං රජ්ජුරුවෝ නිදාගත්තා.
පසුදින පාන්දර සෙනසුරාදා රජ්ජුරුවෝ ගෙදර ඇති කරන බල්ලත් අරගෙන පාර පැත්තට ගොස් ටික දුරක් ඇවිදල ගෙදරට ආවා. අර බල්ලත් ඒ වගේම ගෙදරට ආවා. ඉරිදා දිනයත් පසු කර සඳුදා දිනයේදී රජ්ජුරුවෝ කොළඹ ආවා. සිකුරාදා බලු සිද්ධිය රජ්ජුරුවන් තම මිතුරකුට කීවා. මිතුරා මේකේ ඇත්ත නැත්ත දැන ගන්න රජ්ජුරුවන්ට නොතේරෙන්න ගල්කිස්සේ අර අවන්හලට ගියා. බල්ල එතන වැතිර ඉන්නවා ඔහු දුටුවා.
ආ.... වේටර් ළමයා මේ බල්ලා හැමදාම ඔතනම ද ඉන්නේ.
ඔව් මහත්තයා. ඒ වුණාට සිකුරාදා ඉඳන් බල්ලා නැතිවයි හිටියේ. අද දවල් තමයි ඇවිත් තියෙන්නේ වේටර් කිව්වා. දැන් ඔහුට රජ්ජුරුවෝ කී කතාව ඇත්ත බව වැටහුණා.
පී. චන්ද්‍රපාල පීරිස්,
මිනුවන්ගොඩ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රජ්ජුරුවොයි බල්ලයි දෙන්නම බස් එකේ