X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


රණ්ඩුවක් ගැන පොලිසියට කියන්න ‘‘වන් වන් නයින්’’ එකේ අංකය ඉල්ලලා

ප‍්‍රසිද්ධ ස්ථානයක දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකය වන 119 අංකයට ඇමැතීම සඳහා එම ගැටුම අසල සිටි අයකු පොලිසියේ වන්.වන්.නයින් එකට ඇමැතීමට අංකය කියන්න යැයි හඬහා කීමේ සිද්ධියක් මහනුවර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
මහනුවර ප‍්‍රධාන පෙලේ වීදියක සාප්පු සංකීර්ණයකි. එහි ඇති හෝටලයක් අසල දෙදෙනකු අතර මත ගැටුමකි. එය අතපය විසි කරන තත්ත්වයකට ඔන්න මෙන්න කියා තිබියදී සමාජ බුද්ධිය තරමක් අඩු පුද්ගලයකු එය විමර්ශනය කොට එම කලහකාරි සිද්ධිය නැවැත්විය යුතු බව පැවසීය.
එහෙත් ඔහු අත පොලිසියේ අංකයක් නොවීය. ඔහුට එක්වර මතක්වුයේ වන් වන් නයින්ය. එය ඔහු සිතා සිටියේ පොලිසියේ කිසියම් අංශයක් කියා විය හැකිය.
ඔහු එක්වරම හඬගා කියා සිටියේ මේ ගැටුම වහාම නතර කළ යුතුයි මට හැකි ඉක්මනින් ‘‘වන් වන් නයින්’’ එකේ අංකය දෙන්න යනුවෙනි.
ඒ සමගම බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනාසෙන අයුරු දක්නට ලැබිණි.



අදහස් (0)

රණ්ඩුවක් ගැන පොලිසියට කියන්න ‘‘වන් වන් නයින්’’ එකේ අංකය ඉල්ලලා

අශීමා Friday, 05 July 2013 07:18 PM

ඔන්න කවුරු හරි කියන්න ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. "එක" කියල අගට දාන්න. බස් එක, ෆෝන් එක, ඔය වගේම මේ ලියන සිංහල ෆොන්ට් එකත්.(නදී)

:       0       0

කිතිසිරි Thursday, 04 July 2013 09:01 PM

නුවර අය ඔහොම තමා (අ)

:       0       0

රුවන් Thursday, 04 July 2013 09:31 PM

කව්ද අර ගගෙන් එහා පැත්ත ගැන කතා කළේ? අපේ පැත්තේ අය මෝඩයෝ නෙමෙයි. හොදට දැනගෙන කතා කරන්න. මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

ශිරෂ් Thursday, 04 July 2013 11:42 PM

රුපවති නුවරම තමයි. හා හා හා දෙයියෝ සාක්කි ආටිකල් එකට වැඩ. කට්ටියගේ අදහස් වලටයි හිනා ගියේ.(නදී)

:       0       0

බමුණු Friday, 05 July 2013 03:49 AM

වෙච්ච සිද්දියට වඩා මෙහි යන සංවාදය මටනම් රසවත්. අපි මේ විදිහටම මේක තියා ගමු නේද? ඉඳල හිටලා ටිකක් සැර ඒවා යනවා එහෙම නැතුවත් බැහැනේ. (නදී)

:       0       0

එල්.ඒ.ජී.එම් පර්නෑන්ඩු Friday, 05 July 2013 04:08 AM

මගේ නමෙන් එකක් අඩු කරලා අරළු ,බුළු ,නෙල්ලි එපා,ඉතුරු හරිය ඒ විදියටම කරගෙන යන්න.(නදී)

:       0       0

දනු Friday, 05 July 2013 07:38 AM

ඔය කාටත් හදීසියකදී වරදින්න පුළුවන්, කොහොමත් නුවර මිනිස්සුන්ගේ පපුව හොදයි. මේක සුළු සිද්දියක් නේ.(නදී)

:       0       0

අසේල Friday, 05 July 2013 09:46 AM

දන්නේ නැතිකමට ඇයි හිනාවෙන්නේ? අපේ අය හැමදාම බලාඉන්නේ නොදන්නාකමට හිනා වෙන්න තමයි (නි)

:       0       0

සරත් Friday, 05 July 2013 11:50 AM

ඔහොම තමා හදිස්සියට කොරහට අත දාන්න වත් බැහැය කියනවනේ .(නදී)

:       0       0

නාරද Friday, 05 July 2013 12:10 PM

මට නම් හිතෙන්නේ අඩු බුද්ධිය තියෙන්නේ බඩවල් අල්ලන් හිනාවුණ අයටයි, මෙතැන මෝඩ අදහස් දාන අයටයි. මොකද ඒ මනුස්සයා තැනට සුදුසු නුවන පාවිචි කරලා තියනවා. අපේ සමහරක් අයගේ ගතිය තමා සිංහල වැරදුනොත් ආඩම්බර වෙනවා, ඉන්ගිරිසි වැරදුනොත් හිනා වෙනවා. ඒක තමයි අඩු මානසිකත්වය (නි)

:       0       0

ඉන්දු ජයකොඩි Friday, 05 July 2013 01:44 PM

සමහර අය එහෙනම් කැච් අල්ලන්නේ ! (අ)

:       0       0

ශිරෝමි පිළියන්දල Friday, 05 July 2013 02:30 PM

මේ මනුස්සයගේ ක්‍රියාව අගේ කරන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍ය දැනුමත් වැඩි කරගත්තා නං තමයි හොඳ (අ)

:       0       0

රමිත Friday, 05 July 2013 03:41 PM

නුවර අපි ෂපාන් එකේ සින්දු කියන්නේ, ප්ලේන් එකේ හුලන් නැති නිසා හුලන් වදින්නයි දොර අරින්ට ගියේ.(නදී)

:       0       0

චන්දි Friday, 05 July 2013 05:03 PM

මම නාරද සමග එකගයි. හරියට හරි නාරද. රුවන්,අර ගගෙන් එහා කියලා කෙනෙක් ලියලා තිබුනා නේද? ඒ කියන්නේ බෙන්තර පාලමෙන් කොළඹ පැත්තට පැන්නම වෙන්න ඇති. අපි එහෙම කියමු රුවන්. මම තව එකක් කියන්නම්. මේ මනුස්සයට හිනහ වුනාට හොද මොලයක් තිබුන නිසානේ පොලිසියට කෝල් කරන්න ගියේ. කොහොම වුනත් අදහස් නිසා ටිකක් විනෝද වුණා (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 05 July 2013 07:01 PM

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහලයා මෝඩයා කියල කව්ද අනේ කිවේ?(නදී)

:       0       0

වික්ටෝරි Thursday, 04 July 2013 08:26 PM

රුපවතිට වලිගෙ පෑගිලා වගෙයි.71 අප්‍රේල් කැරැල්ල 83 ජුලි කලබල(අ)

:       0       0

සමන්ත Friday, 05 July 2013 09:09 PM

හැබැයි මේකයි නුවර අය අන්තිම වෙනකම් රට සුද්දට දෙන්නේ නැතුව අල්ලාගෙන හිටියා. ඒත් ගගෙන් එහා අය උන්ට කොටු ගහ ගන්නත් දුන්නා (ගාලු කොටුව, මාතර කොටුව), ඒ උනාට හැම තැනම කියන්නේ නුවර අය රට පාවලා දුන්නා කියලා. හබෑටම් ඇත්ත මොකක්ද?(නදී)

:       0       0

උපසේන හේවගේ Saturday, 06 July 2013 06:33 PM

ඒ මනුස්සයා පයිට් එකක් ගහගන්න එක නැවැත්තුව එකම මදිද?(නදී)

:       0       0

ලලිත්-ශ්‍රී ලංකා Saturday, 06 July 2013 09:24 PM

ඕක මොකක්ද අදටත් අපේ පැත්තේ කෙනෙකුට ජොනි අන්කල් මාමා කියල කට්ටිය කතා කරන්නේ.(නදී)

:       0       0

ගුණරත්න Sunday, 07 July 2013 04:04 AM

මේ රූපවති කියන්නේ වයස කීයක කෙනෙක්ද දන්නේ නැහැ.71 අප්‍රියෙල් කෙරෙල්ල වෙනකොට රූපවතීට වයස කීයද දන්නේ නැහැ.මම එතකොට ඉස්කෝලෙ යනවා. අදහස් දාන්න ඉස්සරවෙලා දන්නා කෙනෙකුගෙන් අහලා හිටියා නම් හොඳ නේද. (නි)

:       0       0

රංජි Sunday, 07 July 2013 06:19 AM

ඉස්සර අපේ අයට මාරුවුණේ වයර් , දැන් මාරුවෙන්නේ දොරවල්. අබුද්දස්ස කාලේ ! (නි)

:       0       0

ප්‍රියා Sunday, 07 July 2013 01:29 PM

ඔක මොක්කක්ද නුවර ඉන්නවා ලෝක හොරෙක් (අ)

:       0       0

නුවන් Sunday, 07 July 2013 02:26 PM

ඕවා එච්චර ලොකු දේවල් නෙමෙයි අද කා‍ලේ (නි)

:       0       0

රූපවතී Sunday, 07 July 2013 05:22 PM

අනේ ගුණරත්න මාමේ, මම වැදලා සමාව ගත්තා කියලා හිතන්න. මම ඔයා තරම් බුද්ධිමත් නැතුව ඇති. (නි)

:       0       0

උපාලි Sunday, 07 July 2013 09:20 PM

ඔහු ගත් උත්සාහය ගැන සිංහලයෙක් විදියට මම ආඩම්බර වෙනවා. වැරදි කා අතිනුත් වෙනවා ඒකට හිනාවෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන මම ලාංකිකයෙක් හැටියට දුක් වෙනවා. හිනාවෙන මිනිස්සු ආපසු තමන්ගේ කෙරුවාවන් දිහා හැරිලා බලන්න තමන්ට කීදෙනෙක් හිනා වෙනවද කියලා. (අ)

:       0       0

දේශප්‍රිය Monday, 08 July 2013 10:45 AM

ඔහු හොද මිනිසෙක් (නි)

:       0       0

ටිකිරි Monday, 08 July 2013 12:39 PM

මේ අනම් මනම් සද්දේ හින්ආ කතාව අහගන්න බැරි වුනානේ. ඉතින් කොහොම හරි රණ්ඩුව නැවතුනාලුද ? (නි)

:       0       0

සිතුම් Monday, 08 July 2013 03:18 PM

ඒ මනුස්සයා තැනට සුදුසු නුවන පාවිච්චි කරලා. කට්ටියම හිනා වෙලා රංඩුව ඉවරවෙන්න ඇති.(නදී)

:       0       0

හරිසෝන් ඩුබායි Monday, 08 July 2013 08:31 PM

මමත් දකුණේ තමා. නමුත් ඒ පුද්ගලයා තමා බුද්දිමත්. හිනා උන හැමෝම මෝඩයෝ. (අ)

:       0       0

ගුණරත්න Tuesday, 09 July 2013 12:14 AM

සමාව නම් දෙන්නම්.දැන්වත් හොඳ කොල්ලෙක්ව හොයාගෙන පිළිවෙලක් වෙයන් දුවේ. (නි)

:       0       0

රන්දි Thursday, 04 July 2013 11:34 AM

සරත් මල්ලි මාව...මිනිමරුවෙක් කරන්න එපා ....? ඕකව වැවටනම් දමන්න බැරියැයි මට බය ඕක වැවේම ඉන්න ආදොටික එකතුකෙරුවොත් ...?ඒ පාපෙන් මට ගැලවීමක් නැහැ කොල්ලෝ ....? (නදී)

:       0       0

ගුණරත්න Thursday, 04 July 2013 03:28 AM

මේකත් හරියට 71 අප්‍රේල් කැරැල්ල ඇති වුනේ කුමන මාසෙද කියලා ගුරුතුමී ළමයින්ගෙන් ඇහැව්වා වගේ තමා.(නදී)

:       0       0

සමන් Thursday, 04 July 2013 07:18 AM

අහන්නත් දෙයක්ද ? නුවර අය කොහොමත් ඔහොම තමා. (නි)

:       0       0

යොහාන් Thursday, 04 July 2013 07:30 AM

ඕක අහන්න දෙයක්ද? මේ ඊයේ පෙරේදා ගුවන් යානයක දොර ටොයිලට් එකේ දොර කියලා දර අරගෙන මුත්‍රා කරන්න ගියෙත් නුවර කෙනෙක්නේ (නි)

:       0       0

මංජුල Thursday, 04 July 2013 08:06 AM

කොහෙද යන මෝඩයෝ දෙන්නෙක් නිසා දළදා වහන්සේ වැඩ වසන නුවරටයි අපහාසේ (නි)

:       0       0

වරුණ Thursday, 04 July 2013 08:50 AM

දැන් ඒ පාර නුවර කට්ටිය හීනෙනුත් ඇවිදිනවා කියන්නේ නුවර පොලිසියට විශේෂ රාජකාරි යොදවන්න වෙවී රෑට හීනෙන් ඇවිදින අයව ඇහැරවලා ගෙවල් වලට යවන්න.(ස)

:       0       0

කලූ Thursday, 04 July 2013 09:15 AM

මීට ඉස්සෙල්ල හීනෙන් අවිදලලද නුවර එක්කෙනේගේ කකුල් දෙකම කැඩුනේ.(ස)

:       0       0

පන්ඬුක Thursday, 04 July 2013 09:17 AM

මේවා සාමානන්‍යයෙන් සිදු වෙන්නේ ගඟෙන් එහා පැත්තේ! ඕකට ෂුවර් එකට බෙන්තර ගඟෙන් එහා පැත්තේ පින්වතෙක් සම්බන්ද ඇති.(ස)

:       0       0

රූපවතී Thursday, 04 July 2013 09:33 AM

අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකේ සිහියකින් නොවේ. (ස)

:       0       0

රන්දි Thursday, 04 July 2013 09:49 AM

අපේ මිනිසුන් ජීවත් වෙන්නේ ? එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දැනුම වත් නැතිවයි. ඒක නිසා මෙතරම් විශාල අපරාද රැල්ලක් රටේ හබාගෙන යන්නේ ඒ නුගත් කම නිසයි. නැතිනම් ප්ලේන් එකේ දොරක් කඩයිද අර යොදයා. මහත ඇගක් තිබුනට මදි අබ ඇටයක්වත් තරම් මොලයක් නැතිව. නැතිනම් එයා ලංකාවේ ඉදන් ඔච්චර දුරක් යනකොට ටොයිලට් පාවිච්චි කලේ නැද්ද ? මේ මනුස්සයත් වන්,වන්, නයින් නම්බර් වත් අහල නැතිද ?සමාජේ විෂමයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 July 2013 09:56 AM

නුවර පැත්තේ අයනේ ගුවන් යානයේ වැසිකිලිය කියලා ප්‍රධාන දොරටුව අරින්න හදන්නේ.(නදී)

:       0       0

සරත් Thursday, 04 July 2013 10:43 AM

රූපවතී අක්කේ මේ දෙන්නම මාළු පෙන්නන්න කියල නුවර වැව ලගට එක්ක ගිහිල්ලා වැවට තල්ලුකරලා දාන්න.(නදී)

:       0       0

ගමගේ Thursday, 04 July 2013 10:47 AM

ආනේ ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයිනේ. මේ පාරත් ගුඩ් ෆ්‍රයිඩේ ආවේත් සිකුරාදමනේ. තව මොන කතාද?(නදී)

:       0       0

චතූ Thursday, 04 July 2013 10:52 AM

නෑ පණ්ඩුක ඒයා නුවර තුම්පෙන්.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 04 July 2013 11:04 AM

අපේ මිස් කෙනෙක් අපෙන් ඇහුවා ජුලි කලබල ඇති උනේ මොන මාසෙද කියල ඒකට මට හිනා ගියාම මට බැන්නා.(නදී)

:       0       0

මැක්සි Thursday, 04 July 2013 03:07 AM

අතේ තිබුනේ සිංහල දුරකතනයක් (නි)

:       0       0

කැළණි Thursday, 04 July 2013 11:46 AM

සුද්දා ගල විද්දේ නැත්නම්, නුවර මැණිකෙලා තවම 119 එකේ ඒක හොයනවා.(නදී)

:       0       0

රුපවති Thursday, 04 July 2013 12:04 PM

ගුණරත්න....? ඔයා ඔල්මාද ගුණරත්න...?(71 ජුලි කැරැල්ල ) අප්‍රීල් නෙවේ යෝදයෝ .....?ඔයත් නුවර නේද ? මම හිතුව හරි ...? (දී)

:       0       0

සමන් කුමාර Thursday, 04 July 2013 12:49 PM

ඔහු ගත් උත්සාහය ගැන සිංහලයෙක් විදියට මම ආඩම්බර වෙනවා. වැරදි කා අතිනුත් වෙනවා ඒකට හිනාවෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන මම ලාංකිකයෙක් හැටියට දුක් වෙනවා. හිනාවෙන මිනිස්සු ආපසු තමන්ගේ කෙරුවාවන් දිහා හැරිලා බලන්න තමන්ට කීදෙනෙක් හිනා වෙනවද කියලා. (නදී)

:       0       0

ඔරිලේ Thursday, 04 July 2013 03:08 PM

මමනම් හිතන්නේ හිනාවෙන් හරි කාගේ කාගේත් තිබිච්ච ලේ රත්වීම ඉක්මනට ම බැස්ස ගත්තනේ.(නදී)

:       0       0

සුදත් Thursday, 04 July 2013 03:20 PM

මේ මනුස්සය ඉංග්‍රීසි දන්නෙ නැතුව ඇති... වන් වන් නයින් කියන්නෙ ස්ථානයක් කියල හිතන්න ඇති... පව්...!!!(නදී)

:       0       0

කමල් Thursday, 04 July 2013 04:17 PM

අපේ සීයටත් ඉංග්‍රීසි බැහැ, ඒත් ඉස්සර කාලේ රාජකාරියකට රජයේ ලොකු මහත්තයාගේ කාමරය ලග හිටගත් විට එන්ට කිවුවම ඇතුලට ගිහින් ලිය කියවිලි පෙන්නුවහම බලලා ඉංග්‍රීසියෙන්ම කථා කරලා තව මහත්තයෙක් ව පෙන්නුවලු සීය ලියකියවිලි ඒ මහත්තයාට දිලා වැඩේ කරගත්තාලු, පසුව ඒ මහත්තයා සීයගෙන් ඇහුවලු හොදට ඉංග්‍රිසි පුළුවන් නේද ගොවියෙක් උනාට කියලා, සීයා කිව්වලු මම දන්න ඉංග්‍රීසියක් නැහැ කියලා. එහෙනම් ලොකු මහත්තයා එක්ක ඉංග්‍රිසි කථා කලේ කෙහොමද අහුවලු. මෙහෙම කථාව ගිහින් පස්සේ තමයි දැනගෙන් තියෙන්නේ ලොකු මහත්තයා එන්ටර් කියලා ඉංග්‍රිසියෙන් කියලා තියෙන්නේ කියලා. අපේ සීයට සිංහලෙන් තමයි හිතිලා තියෙන්නේ එන්ට කියනවා කියලා.(නදී)

:       0       0

දිරාම් Thursday, 04 July 2013 04:26 PM

නුවර පැත්තෙ ඉන්නෙ හිත හොද මීනිස්සු. ඒකයි රංඩුව දුරදිග යන්න කලින් විසදන මගක් හෙව්වෙ. කලබලේට එහෙම දෙයක් කියවෙන්න ඇති. ඒක සිනාවෙන්න තරම් දෙයක් නෙවෙයි. (ස)

:       0       0

ඉෂාක් Thursday, 04 July 2013 04:26 PM

එකයි. එකයි. නවයයි. (ස)

:       0       0

පහන් Thursday, 04 July 2013 05:13 PM

අපේ සීයල පහලින් ගිහිල්ලා කඩුගන්නාවේ ගල විදලා නුවර කට්ටියට කොළඹ එන්න පාර හදලා දුන්නනේ. ඊට පස්සේ නුවර කට්ටිය කොළඹ එන්න ආවලු . කැලණියේ රේල් ගේට්ටුව වහලා තියනවා දැකලා කොළඹ වහලා කියලා ආපහු ගියාලු (නි)

:       0       0

පහන් Thursday, 04 July 2013 05:16 PM

කට්ටියගෙන්ම මම මේ අහන්නේ. ඩෙවල් බීෆ් කිව්වහම මම දන්නවා .මම අහන්නේ මේ මස් මොනවද කියලා (නි)

:       0       0

රෝහණ Thursday, 04 July 2013 05:35 PM

යොහාන් ඔබගේ කටේ මසුරන් දාන්න වටිනා කියමනක්. නුවරම නෙවෙයි ඇමැතිලාගේ පුත්තුන්ට වෙන සහ කරන කියන දේවල් ඇහුවම අනේ අපොයි ලංකාවට ගිය කලක් නේද?(නදී)

:       0       0

අමායා Thursday, 04 July 2013 06:02 PM

සිහිනුවණින් ජීවත් වෙන කෙනෙක් නම් එහෙම අහන එකක් නෑ. (දී)

:       0       0

සුමේධ Thursday, 04 July 2013 08:10 PM

මේකේ තියන කොමෙන්ට්ස් බැලුවම තේරෙනවා වැඩි දෙනෙකුගේ හිතේ තියෙන කියාගන්න බැරි හිතේ අමාරුව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site