X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 04 වන සිකුරාදා


රණ්ඩුවී මහගෙදර ගිය බිරිය ගේන්න ගියාම නැන්දම්මා කොන්දේසි දාලා

සුළු සිද්ධියක් හේතුවෙන් අමනාපවී තම මවුපියන් වෙත ගිය බිරිය යළි නිවසට කැඳවාගෙන ඒමට ගිය සැමියකුට බිරියගේ මවුපියන් විසින් බරපතළ කොන්දේසි කීපයක් පැනවීම නිසා සැමියා බිරිය අත්හැර දමා යළි හිස් අතින්ම නිවසට පැමිණීමේ සිද්ධියකි. 

ඒ මෙසේය. 


එක්දරු පියෙකු වූ ඔහු රජයේ කාර්යාලයක සාමාන්‍ය රැකියාවක නිරත වූ සේය. ඔහු තම මිතුරන් 

සමග ඉඳහිට අඩියක් ගැසීම පුරුද්දක් කරගෙන සිටි අතර එය බිරිඳ නොරිස්සුවාය. බීමත්කම දෙන්නා දෙමහල්ලන් අතර ගැටුම්වලටද හේතුවක් විය. 

පසුගිය දිනෙක ඔවුන් අතර ඇතිවූ ගැටුමක් නිමා වූයේ බිරිය දරුවාද රැගෙන සිය මවුපියන්ගේ  නිවස වෙත යාමෙනි. 


දින කීපයක් බලා සිටියද බිරියත් දරුවාත් නැවත නිවසට  නොපැමිණීම නිසා ඔහු මිතුරකුද සමග බිරිඳ සොයා ඇයගේ නිවසට ගියේ ඇයගෙන් සමාව ගෙන ආපසු කැඳවාගෙන ඒමේ අදිටනිනි. එහෙත් බිරිය වෙනුවට ඉදිරියට පැමිණියේ නැන්දම්මාය. 


කෙල්ල එවන්නම්. හැබැයි මාමයි මායි දෙන්නත් එනවා. ගෙදර ඉන්න අපෙ ලොකු දුවගේ ළමයි දෙන්නත් එනවා. මොකද ඒ දරුවන් එහේ ඉඳන් හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්. අපිටත් සලකාගෙන බොන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දම්මා තවත් කොන්දේසි කීපයක් දැම්මාය. 


එනපොට හොඳ නැතැයි තේරුම් ගත් ඔහු කහට උගුරක්වත් නොබී ආපසු හැරී සිය නිවෙස වෙත එන්නට හැරුනේ නැන්දම්මාගේ කොන්දේසිවලට යටත් වුවහොත් තවත් රස්සා දෙක තුනක් කරන්නට හෝ හොරකමේ යාමට තමන්ට සිදුවනු ඇතැයි තමා සමග ගිය මිතුරාට පවසමිනි. 
(වියලුව වාර්තාකරු) 



අදහස් (2)

රණ්ඩුවී මහගෙදර ගිය බිරිය ගේන්න ගියාම නැන්දම්මා කොන්දේසි දාලා

gmarala Monday, 21 October 2019 07:17 AM

මේක නම් අලුතින් කසාද බඳින්න යන අයට හොඳ පාඩම්... මනාලිය ගෙදරට ගේන්න ඉස්සරවෙලා නැන්දම්මටයි, මාමණ්ඩිටයි කොන්දේසි දාන්න ඕනෑ. තම පවුලේ කටයුතුවලට අත පෙව්වොත් බිරිඳ සමග තමාද බිරිඳගේ නිවසේ පදිංචියට එන බවත්, තමාට හා බිරිඳට හොඳින් සැලකිය යුතු බවත් කියලා..

:       0       7

sampath Monday, 21 October 2019 12:16 PM

මේක නම් නැන්දලා, මාමලා, දූලා එකතුවෙලා ගහපු ගැටයක් වගේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site