තම ගෙල බැඳි රන්මාලය කඩා ගත්තායැයි සිතා මහත් කළබැගෑනියක් කළ කාන්තාවකට එම මාලය තමාගේම අත්බෑගයෙන් හමුවූ සත්‍ය සිදුවීමක් පසුගියදා අසන්නට ලැබිණි.
ඇය කුරුණෑගලට ආසන්න නගරයක වෙළෙඳසලක ලිපිකාරිණියකි. දිනපතා හිමිදිරි පාන්දරම සේවා ස්ථානය වෙත ඈ ගියේ පාළුවට හා කැලෑවැදී තිබූ සොහොන් පිටියක් මැදිනි. ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් නිසා මෙම මැදිවියේ ලිපිකාරිණිය මෙම සොහොන් පිටිය මැදින් වූ මාවත දිගේ ගමන් කළේ සැකද බියද සහිතවය.
ඇතැම් දිනවලට ඇගේ සැමියා ඇය ඇරලවීමට ද පැමිණියේ ඇගේ ඉල්ලීම නිසාය. සැමියා වෙනත් කටයුත්තක නිරත වූ නිසාම එදින ඇයට යාමට සිදුව තිබුණේ තනිවමය. සොහොන් පිටිය ආසන්න කැලෑරොද පසුවෙද්දීම කළු රෙද්දකින් මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු ඈ ඉදිරියට පැන ඇගේ මුව වසා කිනිස්සක් පෙන්වා ඇගේ ගෙල අතගා දිව ගියේ මෙම කාන්තාව භීතියට හා ත්‍රාසයට පත්කරවමිනි. ඇගේ මර ළතෝනිය ඇසී ගම්වැසියෝ මෙම ස්ථානයට රොක්වූහ.
බොහෝ දෙනෙකු පැවසුවේ ‘මේක නම් නිකං අරින්න එපා, පොලිසියට පැමිණිලි කරන්නම ඕනෑ’ කියාය. ආරංචිය සැලවූ වහාම ඇගේ සැමියාද එම ස්ථානයට ළඟාවූයේ තම බිරියට සිදුවූ සන්තෑසිය ගැන කෝපය හා ශෝකය පෙරදැරි කරගෙනය. ‘මෙහෙම හයිරං දාන්න දෙන්න බෑ මේ ගමේ, මෙයාගේ මාලේ පනස් දාහක් විතර වටිනා එකක්. කරන්නම්කෝ හොඳ වැඩක්’ ‘ඔව් පොලිසියට යමු’ බොහෝ පිරිසක්ද ඔහු සමඟ එක්වූහ. තම සැමියාද සමඟ හඬා වැළපෙමින් පොලිසිය වෙත ගොඩවූ මෙම කාන්තාව මාලය කඩාගෙන පැනගිය තැනැත්තා පිළිබඳ හැඩරුව සමඟ පැමිණිල්ල ඉදිරිපත් කළාය.
පොලිස් නිලධාරීහු ඇගෙන් ප්‍රශ්න කරමින් කතාවට අවධානය යොමු කළහ. ඒ අතර පොලිස් නිලධාරිනියක් ඇගේ අත් බෑගයද පරීක්ෂා කළාය. බෑගයේ තිබූ සියලූ පොත් පත්, බස් ටිකට් හා කොළ කැබලිද, මුදල් ද මේසය මතට වැටිණි. ඇගේ අත් ලේන්සුවේ ගුලිකර තිබූ රන්දම්වැලද එහි විය. එය දැකීමෙන් සැමියාත් ඇයත් නිරුත්තර වූහ.
තමා කලින් දින වැඩ ඇරී ගොස් අත් බෑගයට දැමූ රන් දම්වැල, සිදුවීම සිදුවූ දින පැළඳ සිට නැතිබව ඈට වැටහී ගිය නිසා ඇගේ මුහුණ විළිබර විය. කාලයක් ඇගේ මාලය ගැන විපරමින් සිටි හොරාද එදින මාලය කැඞීමට පැමිණ හිස් අතින් ආපසු ගොස් ඇති බව පසුව හෙළිවිය.
සොරා සමඟ පොර බැදීමෙන් ලත් මද සීරීම් තුවාල දෙස බලමින් ඈත් සැමියාත් පොලිසියෙන් බැස යන අයුරු දක්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රන්මාලය බෑගයේ හංගාගෙන හොරකු කඩා ගත්තැයි බොරු කියලා
රූපවතී Tuesday, 08 September 2015 09:31 PM
අපේ ගම් පළාතක හොරෙක් හිටියේ නැහැ ඒ කාලේ.අනික අපි ගම වටේ රංචුව කැරකිලා රෑ දෙගොඩහරියේ ගෙදර අාවත් අපිට කිසිවෙකුගෙන් කරදරයක් එදා වුණේ නැහැ.හැමෝගෙම ආරක්ෂාව ලැබුනා. පිට ගමකින්වත් කෙනෙකුට අපිට හොරෙන් අපේ ගමේ කරක්ගහන්න ලැබුනේ නැහැ. එදා ගමේ තිබුන එකමුතුකම හා අාරක්ෂාව අද නැහැ. දුකයි ඒ ගැන (නි)
චාමලි Thursday, 17 September 2015 10:13 AM
අර අහිංසක මනුෂ්‍යයාව නිකරුනේ හිරේ දාන්න බොරුවක් කියන්න හැදුවද දන්නේ නෑ. (බ)
සුභාෂ් Thursday, 10 September 2015 06:39 AM
රූපවතී, මටත් අහන්න තියෙන්නේ සරත්ගේ ප්‍රශ්නෙම තමයි. ඇයි ඉතින් ඔච්චර හොඳ කුරුණෑගල දාලා සුද්දගේ රටට ගියේ? ආයෙත් එන්නකෝ කුරුණෑගල. (නි)
සරත් Wednesday, 09 September 2015 10:43 PM
රූපවතී, ඇයි ඉතින් ඔච්චර හොඳ කුරුණෑගල දාලා සුද්දන්ගේ රටේ පදිංචිවුණේ. (නි)
ටෙරන්ස් Wednesday, 09 September 2015 11:54 AM
පවු! අමතකවීමක් වෙන්න ඇති (නි)
රූපවති Wednesday, 09 September 2015 09:23 AM
අද වෙනකනුත් මුළු ලංකාවම බුදු අම්මෝ ..බෙන්තරින් එහාද කීවා මිසක් ..? දෙයියනේ ..කුරුණෑගලද කියලනම් කිසිවෙක් අහනවා ඇහිලා නැහැ... සොයුරනේ ..? කුරුණෑගල ඉන්නේ හොද හිත ඇති මිනිසුන්.. වැඩිහිටි ගරුත්වය ඇති මිනිසුන් ..ඒ කයි හොදමිනිසුන් ඉන්නේ කුරුණෑගල ..!!! (අ)
සුභාෂ් Wednesday, 09 September 2015 08:18 AM
අම්මෝ! කුරුණෑගල ඉන්න කට්ටිය ගැන හිතුවහම මේක නම් වැරදීමක් වෙන්න බැහැ කොහෙත්ම. (නි)
තුෂා Wednesday, 09 September 2015 07:30 AM
පද්මිනී-වේල්ස් මා ලිවීමට සිතු දේම ඔබ ලියා තිබීම සතුටට කරුණකි.මීට කලකට ඉහත මෙහි හරවත් අදහස් දැමු පිරිස් පිරිස් අද කෝ.......? (අ)
හිරාන් Tuesday, 08 September 2015 11:08 PM
දැන් ඉන්න ලොකුම හොරු ලංකාවේ එක පැත්තකට වහන්වෙලා නිසා, ජනතාව ඇත්තේ කොහොමත් සැකයෙන් හා භීතියෙන් (නි)
ටානියා Tuesday, 08 September 2015 09:44 PM
ඔච්චරටම සිහිය නැතිවුණාම හොඳට හිටී... (නි)
රෙජි-සිඩ්නි Tuesday, 08 September 2015 06:13 AM
ඇයට අනුකම්පා කළ යුතුයි.දුක් මහන්සි වී රැකියාවක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. සොරා සොයාගෙන මෙවැනි දේවල් නොකරන්න නීති මගින් දඬුවම් ලබා දිය යුතුයි. (ම)
පද්මිනී වේල්ස් Tuesday, 08 September 2015 07:27 PM
දවසේ මෙහෙවර නිමකොට දෙයියනේ කියා එසැණ දෙයියෝ සාක්කි තීරයට ගොඩවෙන්නේ විනෝදවුත් හරබරවුත් ප්‍රවෘත්තියක් කියවා, එහි ලියවී ඇති ප්රතිචාරයන් බලා විඩාබර සිත මොහොතකට හෝ සතපවාගන්නයි. අවාසනාවකට මෙන් සමහරුන් තම තමන්ගේ ප්රතිරූපයන් නංවාගන්නට මෙන් අදාළ විෂයට පිටින් යමින්, හරසුන් වැකි ලියමින් සිටිති. (නි)
සුදීර Tuesday, 08 September 2015 06:31 PM
අනේ අනේ! රූපවතී, ගොනා හැරෙන්නේ පොල් පැළේට බව අපි නොදන්නවායැ. (නි)
ලක්ෂිත පැරිසිය Tuesday, 08 September 2015 06:22 PM
අනේ රූපවතී ....! (නි)
සරත් Tuesday, 08 September 2015 03:07 PM
ජය, ඉස්සර රූපා තනියම බයිසිකල් පැදගෙන යනවා පිටිසර පාරදිගේ. බොරුනම් අහන්නකො. (බ)
පිටබැද්දර ජයා Tuesday, 08 September 2015 01:46 PM
රූපවති නංගියේ, ඉස්සර නම් සත්කෝරළේ මෙහෙම හොරකම් තිබුනේ නැහැ නේද? හා බොරුද? (නි)
සශි ක්‍රිස් Tuesday, 08 September 2015 08:24 AM
හදිසියට ඔහොම දේවල් වෙනවා. කවුද කෙනෙක් ඔලුවේ ඇස් කණ්ණාඩිය රුවාගෙන ගේ දෙවනත් වෙන්න හෙව්වාලු. ආච්චි කිව්වාම තමයිලු දැනගත්තේ කණ්ණාඩිය තමන්ගේම ඔලුවේ රුවාගෙන කියලා. (නි)
කුරේරා Tuesday, 08 September 2015 07:57 AM
අමතකවෙන්න ඇති හදිස්සියට (නි)
ඉනෝකා Tuesday, 08 September 2015 07:24 AM
පොලිස් නිලධාරිනියගේ බුද්ධිමත්බාවය අගය කළයුතු වේ. (නි)
රූපවතී Tuesday, 08 September 2015 06:56 AM
පව් අසරණී. ක්ෂණික කම්පනයට අපිටත් වෙලාවකට අමතකවීම් වෙනවා. (නි)