X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


රැවුලට ලොල්වූ මනාලියට ලැබුණේ මැටි කෝප්පයක්

දකුණු පළාතේ සංචාරක නිකේතනයක පසුගියදා විවාහ මංගල්‍යයක් සිදුවූයේ එම ව්‍යාපාරිකයාගේ මිතුරක වූ මනාලයාගේ ඉල්ලීමක් නිසාය. විවාහ යෝජනවකට අනුව එක් වූ මේ නව යුවළ මඳ ඇසුරකට පසු විවාහ වූවත් මනාලිය විවාහ දිනයේ සිටියේ නොසතුටු සිතිනි.

මනාලයාට මෙය කුතුහලයක් විය. මනාලිය කෙටි විවේකයකට කාමරයට ගිය අවස්ථාවේ ඔහු ඒ ගැන විමසීය.

‘‘ඔයා ඇයි මූණ පුරා වවාගෙන තිබුණු රැුවුල බූගෑවේ. එහෙම තිබුණානම් කොච්චර ලස්සනද?’’ ඇය කීවෙන් ඔහුට තරු පෙනිණ.

පෙර දිනවල මූණ පුරා වවාගෙන තිබුණු රැවුල උදේ මුළුමනින්ම කපා දැම්මේ මවගේ උපදෙස් පරිදිය. ‘‘මේ මගුල් දවසේවත් ඔය රැුවුල කපා දාලා ලස්සනට ඉන්නැ’’යි මව කියාතිබුණි.

‘‘ඔයා  ඕකට අප්සෙට් වෙන්න එපා. මම සතිදෙකෙන් රැුවුල හදලා දෙන්නම්කෝ’’ ඔහු කීවිට ඇය මඳ සිනාවක් පෑවත් ඇය පසුව යෙහෙළියන්ට කියා තිබුණේ එයා කළ මෝඩ වැඩෙන් මංගල ඡායාරූප සියල්ලේම ඔහුගේ ලස්සන මූණ මැටි කෝප්පයක් වගේ තිබුණ බවක්ලූ.



අදහස් (0)

රැවුලට ලොල්වූ මනාලියට ලැබුණේ මැටි කෝප්පයක්

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 14 February 2014 04:32 PM

බමුණු ඒ අදහස මගේ නමින් දාපු කෙනා මාව දිගත් දීලා.මන් බදින දාට ඒ ගැන කල්පනා කරලා බලන්නම්.(දිල්)

:       0       0

ආලෝකා Tuesday, 18 February 2014 11:46 PM

පින්තුර නැද්ද (දී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 18 February 2014 05:59 PM

සමන් මල්ලි ආදරණිය සමදරා අක්කා අමතක උනාද? අනේ ඉන්නවද දන්නේ නැහැ (දී)

:       0       0

නිලූ විදානගේ Tuesday, 18 February 2014 05:34 PM

ඉතින් අපිව මොකටද පුරුදු ඔයා තනිවම රණ්ඩුව කරගෙන යන්නකෝ.අපිට එහෙම රණ්ඩු කරන්න කිසිම උවමනාවක් නැ. (දී)

:       0       0

සමන් Tuesday, 18 February 2014 03:35 PM

අපි කොහොම රණ්ඩු වෙච්ච තැනක්ද මේ. චන්ඩි ,ඉන්දු ,දිසා , රුපවති ,වරුණ ,පෙත්ත ,සරත්,නිලූ,එරන්දක ,පැංචි, දැන් කව්රුවත් නැහැ .වෙලාවක් තියනවනම් එන්න .ආයෙත් පටන් ගමු (දී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 18 February 2014 04:53 AM

හැකි නම් මගේ මගුලත් කඩලා දාන්න.(නදී)

:       0       0

සඳමාලි Sunday, 16 February 2014 11:51 AM

නියම කතාව (දී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Sunday, 16 February 2014 02:49 AM

මම අනුන්ගේ නම්වලින් ලියන්නෙත් නැහැ, මහත්තයාගේ රැවුල කපන්නෙත් නැහැ. හැබැයි මගේ නමින් ඔයා ලියන එක කරුණාකර නවත්වන්න.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 15 February 2014 04:47 PM

නිලුව් විතානගේ, හොරට අනුන්ගේ නම් වලින් ලියද්දි නමත් වැරදිලා. අනිත් අයට මඩ ගහලා ඒ හැමෝම ලියන එක නතර කරාටඔයා මගේ නමින් මොන දේ ලිව්වත් මන් ලියන එක නතර කරන්නේ නැහැ. (නදී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Saturday, 15 February 2014 04:12 PM

බමුණු, දෙකම තියෙනවා, එයා නරක කෙනෙක් නොවෙයි.(නදී)

:       0       0

නිලුව් විතානගේ සෞදි අරාබිය Saturday, 15 February 2014 01:51 PM

මම බැඳලා නැහැ කියලා කවුද හොර කොමන්ට් දානවා. (නදී)

:       0       0

බමුණු Saturday, 15 February 2014 08:30 AM

"අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා" හරි හුරතල්. කව්ද රැවුලද මහත්තයද? (නදී)

:       0       0

සරත් පර්ත් Saturday, 15 February 2014 05:07 AM

රැවුල කැපුවොත් අඹු නැතේ .. රැවුල නොකැපුවොත් අම්ම නැතේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 14 February 2014 04:46 PM

දම්මික ඒ බොලද අදහස මගේ නමින් දාපු කෙනාට වැරදීමක් වෙලා (දී)

:       0       0

බමුණු Thursday, 13 February 2014 11:14 AM

ඒක පිළිගන්න පුළුවන් කතාවක්.(නදී)

:       0       0

බමුණු Friday, 14 February 2014 03:56 PM

නිලූ මහත්තයට රැවුල කපන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් මගුල රැක ගන්න පුළුවන්. ඔය දෙන්නට දෙවි පිහිටයි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 14 February 2014 01:19 PM

මගේ කෙල්ලත් කැමති මම රැවුල වවනවට. (නදී)

:       0       0

නැනී Friday, 14 February 2014 08:53 AM

රැවුල වැවෙනකන් මධුසමය කල් දාමු නගේ ! හනේ කාලේ ,වනේ වාසේ !(නදී)

:       0       0

චන්දන Friday, 14 February 2014 05:56 AM

බොහොම හොදයි. මට බය පවුල් ජීවිතය රැවුල නිසා නැති වෙයිද කියලා.(නදී)

:       0       0

දම්මික Friday, 14 February 2014 04:13 AM

"අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා" හරි හුරතල් (දී)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිසා Friday, 14 February 2014 12:44 AM

කරගත්ත මෝඩකම විවාහ වෙච්ච දවසේ ම පේනවා ඇත (දී)

:       0       0

අජිත් Thursday, 13 February 2014 07:32 PM

මගේ නෝනත් කැමතියි රැවුල වවනවට. වවන්නෝ දිනන්නෝ කියල තියෙන්නේ කට කහනවටයැ.(නදී)

:       0       0

නිලූ විදානගේ, සෞදි අරාබිය Thursday, 13 February 2014 07:05 PM

අපි විවාහ වෙච්ච දවසේ මගේ මහත්තයා වවන්න ගත්තු උඩු රැවුල තාම තියෙනවා.(නදී)

:       0       0

සංජීළු Thursday, 13 February 2014 05:12 PM

අපේ ගැහැණු අය කැමති නැහැනේ රැවුල වවනවට.(නදී)

:       0       0

සේන Thursday, 13 February 2014 01:44 PM

ඕකනේ කියන්නේ බැන්දාට පස්සේ විතරක් නෙවෙයි බදින්න කලිනුත් අම්ම කියනදේ විතරක් නෙවෙයි බ්රිද කියන දේත් අහන්න වෙනවා.(නදී)

:       0       0

සජිත් Thursday, 13 February 2014 01:38 PM

නියමයිනේ.(නදී)

:       0       0

ගාමිණී සිරි Thursday, 13 February 2014 01:25 PM

ලස්සන මුහුණ මැටි කෝප්පයක් වගෙයි කීම හොඳා.. එක් අතකට. ඇති යන්තම් මුහුණ පීරිසියක් වගේ නොකිව්ව එක.(නදී)

:       0       0

කුමාරි Thursday, 13 February 2014 11:35 AM

ලස්සන සැම දේ මොහොතට සුව දේ.... එහි කෙලවර දුක දේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site