ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවසටත් යාමට සිදුවූ සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තා විය.
ඔහු 60 හැවිරිදි වුවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමි පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක්වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජ කෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ ඇඳුම් සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය.
අසල විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමත දී ඔහු රාජ චරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු රජ ඇඳුම් ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය.
එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේ අවශ්‍යතාවක් ඉටුකරදීමට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.
වහා කලිසම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ සිටි දරුවකු තමා දෙසට දිව එන අයුරු ඔහු දුටුවේය.
“සර් සර්ගෙ අර ගහේ එල්ලලා තිබුණ කමිසේ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා”
සුසුමක් හෙලූ නළුවා වෙනත් කළ යුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳ ගත්තේය.
දිස්නය දීමට පබලු හා රිදී, රන් පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.
කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් ඔහු යහළුවාට සියල්ල පැවසීය.
“අලුත් පැෂන් එකක්” යාළුවා කීවේය.
(මාවතගම කාන්චනමාල් බණ්ඩාර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා
නුවන් Tuesday, 19 July 2016 08:21 AM
මේක හුගක් පරණ කතාවක්නේ. (බ)
රූපවති Tuesday, 19 July 2016 09:55 AM
අැයි අනේ මේ පරණ තැටියක් කරකවලා...?(හේ)
පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 12:59 PM
මේකනම් දෙය්යෝ සාක්කිම තමයි (බ)
ජයරත්න Tuesday, 19 July 2016 08:30 PM
ඒ පැෂන් එකත් නරකම නැහැ වගේ (නි)
ජනිත් Thursday, 21 July 2016 05:16 AM
වදුරෝ රිලවු ඔය වැඩ කරන බව කවුරුත් දැනගෙන ඉන්න එක හොඳයි.(හේ)
අජිත් Thursday, 21 July 2016 12:46 PM
මේක මේ පරණ කතාවක්නේ. (අ)