රථවාහන වරදක් සම්බන්ධයෙන් රුපියල් දෙදහස් පන්සියයක දඩයක් ගෙවන්නට සිදුවන නඩුවකින් බේරෙන්නට දේශපාලක ලේකම්වරයකුගේ සහාය පැතූ තරුණයකුට ලේකම්වරයා ඇතුළු පිරිස මධුවිතෙන් සන්තර්පණය කරන්නට රුපියල් දහ හතර දහසක් වැය කරන්නට සිදුවීමේ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
පුංචි පහේ ස්වයං රැකියාවක නිරත තරුණයෙකි. දේශපාලකයකුගේ ලේකම්වරයකු දැන හැඳිනගත්තේ ස්වයං රැුකියා ආධාර ලබාගැනීමට ගිය අවස්ථාවකදීය. ආධාර මුදලක් ලැබුණේ ඔහුගේ සුදුසුකම් නිසාය. නමුත් එය ලේකම්වරයාගේ මැදිහත්වීම මත ලබාදුන් බවට ලේකම්වරයා තරුණයාට ඇඟවූයේය. ‘‘ ඕනෑම අවස්ථාවක ඕනෑම උදවුවක් ඉල්ලන්න. මම කරලා දෙනවාමයි’’. මේ ලේකම්වරයා තරුණයාට සපථ කළේය.
රිය බලපතක් නැති මේ තරුණයා යතුරුපැදියේ යද්දී පොලීසියට අසුවිය. දඩ පති‍්‍රකාවක් ලියවිණි. ඔහුට සිහිවුණේ ලේකම් මිතුරාය. දුරකථන ඇමැතුමක් දුන්නේ සිදුවූ විපත කියමිනි. වැටලීම කළ පොලිස් නිලධාරියාගේ නම හා අංකය ද දැනගත් ලේකම්වරයා එදිනම සවස් යාමයේ ප්‍රදේශයේ හෝටලයක් අසලදී හමුවන ලෙසට තරුණයාට උපදෙස් දුන්නේය.
තම ව්‍යාපාරයේ දවසේ ආදායම එක්රැස් කරගෙන එන අතර ඔහු ලේකම්වරයා කී කොළඹ මහනුවර මාර්ගය අයිනේ පිහිටි හෝටලය අසලට ගියේය. දහවල් වැටලීම කළ පොලිස් නිලධාරියා සමග ලේකම්වරයා එහි සිටියේ තවත් මිතුරන් කීප දෙනකු සමගය.
”මල්ලී ඔයාගේ වැඬේ හරි. මම සාජන් මහත්තයා එක්ක කතා කළා. බය වෙන්න එපා. ” ලේකම්වරයා තරුණයාට දැන්වීය. පොලිස් නිලධාරියා එය සහතික කරන අන්දමින් හිස සෙලවූයෙන් තරුණයා ඒ බව විශ්වාස කළේය. දඩ පති‍්‍රකාව ඉරා දැමීමට පොලිස් නිලධාරියා කාරුණික විය.
‘‘එහෙනම් අපි මොනවා හරි කරමු’’. ලේකම්වරයා තරුණයාට යෝජනා කළේය. කිසිත් කර කියා ගත දෙයක් නොවූ තරුණයා ඊට එකඟවිය. හය දෙනකුගෙන් සමන්විතවූ පිරිස එකින් එක බෝතලය බැගින් හිස් කරන්නට වූයේ කටගැස්ම පීරිසියෙන් පීරිසිය අලූත් වෙද්දීය. හෝරා දෙක තුනක් ගත වෙද්දී සැර බෝතල පහකට වග කියන්නට මේ පිරිස සමත්විය. අවසානයේ රාති‍්‍ර ආහාරය ද ඇණවුම් කෙරිණි. අමද්යපයකු වූ තරුණයා ඇල්වතුර වීදුරුවකින් ගත සතපා ගෙන අවසානයේ බිල ගෙවීය. එය රුපියල් දහ හතර දහස ඉක්මවා තිබිණි.
අනේ මං වගේ මෝඩයෙක්. දඬේ ගෙව්වා නම් මට මෙච්චර අමාරුවක් වෙන්නේ නැහැ නේද?. තම මිතුරකුට කී මේ තරුණයා තම ස්වයං රැුකියාව යළි ඉදිරියට ගෙන යන්නට මුදල් සොයන්නට ණය මුදලක් ලබාගැනීම සදහා කටයුතු කරමින් සිටී.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රු 2500 දඩයෙන් මිදෙන්න මිතුරාගේ සහය පතා රු.14000ක් නැති කරගෙන
දෙනරත් Tuesday, 07 May 2013 12:12 PM
නෑ නෑ මේකේ හොඳ පැත්ත තමයි පොලිස් පොතේ නම නැති වීම. මටම හිනා. (ස)
තිලංක Wednesday, 08 May 2013 04:20 PM
ලයිසන් නැතිව රිය පැදවීමට දඩය 2500/=??? මෙවැනි යල් පැනගිය නීති නිසා තමයි ලයිසන් නැතුව යන්නේ කිසි බයක් නැතිව. (නි)
සරත් Wednesday, 08 May 2013 10:22 AM
කොල්ලට තිබුනේ මෙන්න මගේ ළඟ තියෙන්නේ 2500/= කියල එක දීල එන්න ...පව් අසරණය (ත)
අසේල Tuesday, 07 May 2013 11:57 PM
මේක තමයි ශ්‍රී ලංකාවේ යතාර්තය. (නි)
අප්පුහාමි Tuesday, 07 May 2013 10:02 PM
පොලිස් සහ දේශපාලන අයට කවදාහරි ඕවා වමාරන දවසක් එයි (නි)
ගාමිණී-සිරි Tuesday, 07 May 2013 03:26 PM
අනේ මෝඩ කොල්ලා..ලේකම්ටත් ,සාජන්ටත් බිල ගෙවා ගන්න කියල හෙමින් මාරුවේන්නනේ තිබුනේ ! (ස)
කුමාරි Tuesday, 07 May 2013 02:54 PM
දෙසපලකයන්ගේ හෙන්චයියලා එක්ක යන අයට ඔහොම උනාට කමක් නැහැ.(නදී)
සරත් Tuesday, 07 May 2013 02:02 PM
ලොකු අය සමග (අපට නොගැලපෙන) කරන ගනුදෙනුවල අවසානය මෙයයි. (ස)
ගිරිගෝරිස් Tuesday, 07 May 2013 01:56 PM
දිනක් දඩය වශයෙන් රු 500 ගෙවනු වෙනුවට රාළහාමි මට කීවේ පෙට්‍රල් ලීටර 5 ක් ගසන ලෙසය. එකල ලීටරයක මිල රු 125 වූ නිසා මා ඔහුට කිවේ දඩ කොලය දෙන ලෙසය.(නදී)
දයා අලහකෝන් Tuesday, 07 May 2013 01:07 PM
ඊයේ පෙරේදා ගහක් කපලා අර ගහට යටවෙලා මලෙත් ඔන්න ඔය කියනවා වගේ පොලිසියේ හාදයෙක්ලු.(නදී)
බමුණුසිංහ Tuesday, 07 May 2013 03:15 AM
මේ වගේ මෝඩ වැඩකරන බොහොම මිනිස්සු ඉන්නවා. රුපියල් 1000. දඩය බේරගන්න රුපියල් 4000ක විස්කි බෝතලයක් පොලිස් නිලධාරින්ට දෙනවා. මේ බව කියන්නේ පොලිස් නිලධාරින්මයි (නි)
සිරිපාල Tuesday, 07 May 2013 11:05 AM
අහිංසකයන්ගේ සල්ලි වලින් කන ඒවා දිරවන්නෙ නැහැ. මේ වගේ එක්කෙනෙක් නිසා මුලු පොලීසියේම ගෞරවය නැති වෙනවා. ඔහෙලා බිව්වේ අර අහිංසකයගේ දරු පැටවුන්ට කන්න දෙන්න වියදම් කරන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්. සල්ලි නැද්ද වියදම් කරගෙන බොන්න? ලැජ්ජයි. (නි)
චතූ Tuesday, 07 May 2013 10:24 AM
කෙටි පාරවල්වලින් යන්න හදන අයට ඔහොම වෙනවා.(ස)
චම්පික Tuesday, 07 May 2013 10:03 AM
මගේ යාලුවෙකුටත් මෙහෙ එහෙම වෙන්න ගිහින් පොලීසිය ලග.. දැන් මල් පෝච්චි 5ක් තියනවා. “නයා ගේ පරිත්‍යාගයකි“ කියලා.. සමහර වෙලාවට අපි ඒකත් මතක් කරනවා.. හි හි...(ස)
කුමාරිහාමි Tuesday, 07 May 2013 10:02 AM
ලයිසන් ගන්නවත් ඔච්චර මුදලක් යන එකක් නැහැ. ලේකම් තුමාටම කියල ඉස්සෙල්ලා වගේම ණයක් ගන්නයි තියෙන්නේ.(ස)
දයා අලහාකෝන් Tuesday, 07 May 2013 09:53 AM
අදෝමැයි. (ස)
අමිල Tuesday, 07 May 2013 08:39 AM
ඔය පොලිස් කාරයා ආයෙම ඔය කොල්ලව අල්ලනවා. තවත් දත් ගලවන්න පුළුවන් කියලා හිතාගෙන.(නදී)
සන්ජීව Tuesday, 07 May 2013 08:36 AM
මල්ලියේ නරක මිතුරන් හමු වන්න එපා...(ස)
උපාලි Tuesday, 07 May 2013 05:19 AM
මීට සමාන උගුල්වලට අහුවුන කීපදෙනෙක් ගැන මම දන්නව. මතක තියාගන්න, ඔබ අහුවුන කට්ටියේ හැටියට ඔය තරමින් බේරුනා ඇති. (නි)
හේරත් Tuesday, 07 May 2013 04:49 AM
අසරණයන්ගෙන් මෙහෙම ගසාකන සමාජ දුෂකයන්ට පාචනය කොළරාව වත් හැදෙන්නේ නැහැනේ.හැබැයි පෙනහළු නම් දිය වෙනවලු. (නි)