(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලොවම දන්නා ආයතනයක සේවක පිරිසක් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවකි. පැවැත්වුණේ අගනගරයට නුදුරු පෙදෙසකය. දිවයින පුරා ගම්මාන නියෝජනය කරමින් හැටකට වැඩි පිරිසක් මීට එක්ව සිටියහ.
මෙම වැඩමුළුව විශේෂ දේශනයට පැමිණ සිටියේ ප්‍රසිද්ධ දේශකයෙකි. හෙතෙම මේ ආයතනයට සම්බන්ධ අයෙකු නොවේ. වැඩමුළුව අතරතුර මේ දේශකයා පුංචි තිරයේ වදන් පෙළක් දර්ශණය කළේය. එහි වටිනා අදහසක් ගැබ්ව තිබිණි.
මේ ප්‍රකාශය කා විසින් කරන ලද්දක්දැයි දේශකයා අනතුරුව වැඩමුළුවේ සාමාජිකයන්ගෙන් විමසුවේය.
එකිනෙකා පිළිතුර එකිනෙක ලබාදුන්හ. ලොවේ පිළිගත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් මේ පිරිසකගේ මුවින් පිටවිය. එක් සාමාජිකයකු පැවසුවේ මේ ප්‍රකාශය තෝමස් අල්වා එඩිසන්ගේ බවය. මේ ආකාරයෙන් විවිධ නාම ප්‍රකාශ විණි.
සියලු දෙනාගේ අදහස් විමසූ දේශකයා ඊළඟට තිරයේ නාමයක් ප්‍රදර්ශනය කළේය. එහි සඳහන්වූයේ අදාළ වැඩමුළුව පවත්වන ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රී ලාංකිකයාගේ නාමයයි. මෙය දුටු සේවක පිරිස වික්ෂිප්ත වූහ. මේ දේශකයා ඉදිරිපත් කළ ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාගේ කියමනක් බව දැනගත් සාමාජික පිරිස මහත් ලැජ්ජාවට පත්ව සිටියදී එය නොසලකා දේශකයා තම කාර්යය ඉදිරියට කරගෙන ගියත් ආයතනයේ සේවක පිරිසකගේ දැනීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නට කටයුතු කළ බව පසුව දැනගන්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලජ්ජාවේ බෑ!! ලෝ පතළ බොස්ගේ කියමනවත් නොදත් සේවකයෝ