(මොරගොල්ලාගම
සිසිර කැලේගම)
ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් වැය කරන පුවතක් ඇතුගල්පුරවරය තුළ පිහිටි මෙරට තුන්වැනි රාජධානි පෙදෙසකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය සිදාදියේ උපන් රූමත් තරුණියකි.
තරුණ වියේ දී නිසි වයස සම්පූර්ණ වූ ඇය ගම්බද පෙදෙසක ඉහළ තනතුරක් හොබවන තරුණයකු සමග විවාහ විය.
විවාහයෙන් පසුව ඇය සැමියාගේ නිවසේ වාසයට පැමිණියාය.
ටික දිනකින් ඔහු ස්ථාන මාරුවක් ලැබ කොළඹ සේවයට ගියේය.
නිවසේ සිටි නවක බිරියගේ තනියට නැන්දම්මා පැමිණියාය.
දෙදෙනා එහි ගෑස් භාවිතා කරමින් ඉහුම් පිහුම් කටයුතුවල නියැළෙති.
හිටි හැටියේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස්වලට තිත තබා දර ළිප භාවිතා කිරීමට නැන්දම්මා තීරණය කළාය.
සිදාදියේ සිටි ලේළියට දර භාවිතයෙන් දුම්ගසනා ළිපේ ගින්දර අසුන්දර වුවත් නැන්දම්මාගේ මතයට ඇය අකැමත්තෙන් වුවද කැමැත්ත පළ කළාය.
ලිප් ගල් වෙනුවට යකඩ තහඩු තුනක් සවිකර ළිප හැදුවාය. වත්තෙන් සොයා ගත් පොල් පිති, පොල් කටු, පොල් ලෙලි හා දර භාවිතා කරමින් ගින්දරෙන් කෑම පිසින්නට නැන්දම්මා පියවර ගත්තාය.
එය බලා සිටි ඇය පසුදින පාන්දරින්ම නැන්දම්මාට පෙර අවදි වී ගින්දර පත්තු කර කෑම පිසිමින් සිටියාය.
ටික වේලාවකට පසුව ඇය නැගූ විලාපය නැන්දම්මාට සේම අවට නිවෙස්වලට ද දෝංකාර දුණි.
ඔවුන් වහ වහා කුස්සිය කරා පැමිණි විට ඇය නාසය පුළුස්සාගෙන වේදනාවට පත්ව විලාප නගනා අයුරු දැක ගැනීමට හැකි වුණි.
ළිපට ළං වී පිඹිනා විට ලිප් ගල් වෙනුවට සවිකර තිබූ රත් වූ යකඩ කණුවල නාසය ගැටීමෙන් නාසයට පිළිස්සුම් තුවාල සිදු වී තිබේ.
ඇය රෝහල් ගත කෙරුණි. ඇයගේ තුවාලය දැනට සුවපත් වී ඇතත් කැළල මැකී ගොස් නැත. එය සුවපත් කරන්නට සැමියා ඇය කැටුව විශේෂඥ වෛද්‍යවරුන් සොයා යන බවත්, ගෑස් එකකට නොව ගෑස් දුසිමකට වඩා වැඩි මුදලක් මේ වනවිට සැමියා ඒ වෙනුවෙන් කාබාසිනියා කර ඇති බවත් පවුලේ උදවිය පවසති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලාබෙට දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලිගේ නාසය පිළිස්සිලා
sampath Monday, 01 November 2021 08:56 PM
නැන්දම්මලා මාමණ්ඩිලා කිට්ටු වුණා නම් විනාශයක්ම තමයි ඉතින්...