X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා

එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්‍ෂක කළමනාකරු ආරක්‍ෂක නිලධාරියා අමතා ‘‘ලිෆ්ට් එක හැමදාම දවල් දොළහට ඕෆ් කරන්න. නැත්නම් කට්ටිය විනෝදෙට ලිෆ්ට් එකේ යාවි’’ යැයි කීය.

දිනක් විදුලි සෝපානය සවිකළ ආයතනයේ කාර්මිකයෝ පැමිණ එය ක‍්‍රියා විරහිතව තිබෙනු දැක, ඇයි මේක ඕෆ් කළේ යැයි විමසූහ. කෙනෙක් යනකොට විතරයි දාන්නේ ආරක්‍ෂක නිලධාරියා කීය.

‘‘මේ ලිෆ්ට් ටච් සිස්ටම් නිතරම ඔන් එකේ තියෙන්න ඕනේ. හැම වෙලේම ස්විච් එක පාවිච්චි කළොත් ඒක කැඩෙනවා. ඒකට රුපියල් ලක්‍ෂයක් වෙනවා අපේ වෙන තැන්වල ලිෆ්ට් පැය විසි හතරෙම ඔන් එකේ’’ යැයි පැවසූ ඔවුහු සෝපානය ක‍්‍රියාත්මක කර පිටවූහ.

ආරක්‍ෂක කළමනාකරු පැමිණ ‘‘ඇයි ලිෆ්ට් එක ඔන් කළේ’’ යනුවෙන් කෝපයෙන් විචාළේය. ‘‘ලිෆ්ට් නිතරම ඔන්x ඕෆ් කළොත් ස්විච් එක කැඩෙනවා කියලා සර්විස් කරන්න ආපු අය කීවා’’ ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ‘‘ ඕක ඕෆ් කරන්න.

එයාලා ඇහුවොත් මාව ගාවන්න එපා’’ ආරක්‍ෂක කළමනාකරු කීය. දිනපතාම ස්විචය භාවිතයෙන් එය කැඩිණි. ආරක්‍ෂක නිලධාරියාගේ කාර්යාලයට ඊමේලයක් ලැබිණි. ආරක්‍ෂක නිලධාරියාගේ නොසැලකිල්ලෙන් විදුලි සෝපානයේ ස්විචය කැඞී ඇත. ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු නොකළහොත් ඔබ ආයතනයට ගෙවිය යුතු චෙක්පත නවත්වන බව දන්වමි. සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියා හමුවී ‘‘උඹව ට‍්‍රාන්සර් කරන්නලූ. ලිෆ්ට් එක කැඩුණේ උඹ නිසාලූ.

හොඳ තැනක් මම දෙන්නම්’’ යැයි කී විට, ‘‘එහේ ලිෆ්ට් තියනවාදැයි’’ ආරක්‍ෂක නිලධාරියා විමසීය. ‘ඔව්’ පිළිතුරු ලැබිණි. ‘‘බුදු අම්මෝ ලිෆ්ට් නම් ඕන් නැහැ’’ හෙතෙම පැවසීය. ‘‘ඒක පැය විසි හතරෙම ඔන් එකේ ජීවිතේට කැඩෙන් නැහැ’’ සංචාරක නිලධාරියා සිනාසෙමින් පැවසීය.

 



අදහස් (0)

ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා

රෙජි-සිඩ්නි Thursday, 23 July 2015 05:12 AM

ආරක්ෂක නිලධාරියා පුදුම කෙනෙක්නෙ. එයා දන්නේ කොහොමද ඒ කට්ටිය දහවල් දොළහට ලිෆ්ට් එකේ යන්නේ විනෝදෙට කියල. අනික ලිෆ්ට් එක දාල තියෙන්නේ යන එන අයගේ පහසුව පිනිසනේ. (බ)

:       0       0

සන්ජේ Thursday, 23 July 2015 06:23 AM

ගොඩේ කම තමයි. (ර)

:       0       0

චින්තක Thursday, 23 July 2015 06:37 AM

ගොඩක් ආරක්ෂක කළමනාකරුවන් මෙහෙම තමා. (ර)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 06:55 AM

බලශක්ති ඉතිරි කිරීම ගැන පාඩමක් (ම)

:       0       0

කෝෂිලා Thursday, 23 July 2015 07:04 AM

ආරක්‍ෂක කළමනාකරු වැනි අය බොහෝ විට මැරිලා උපදින්නේ සතර අපායේ. කිරිබත්ගොඩ ඥානනද හිමියන් දේශනා කරන බුදුබණ ඕන තරම් ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ. ඇයි අහල සුගතියේ යන මාර්ගය ඉගෙන ගන්නේ නැත්තේ? (ම)

:       0       0

පහන් Thursday, 23 July 2015 08:09 AM

එක්තරා විදේශ රටක විදුලි සෝපානයේ ගහල තියනවා ජීවිතයත් විදුලිසෝපනය වගේ නිතරම ඉහළ සහ පහළ යනවා කියලා (ම).

:       0       0

හේමන්ත Thursday, 23 July 2015 08:25 AM

රෙජී සිඩ්නි . ආරක්ෂක නිලදාරියා නොවෙයි නියෝගය දීල තිබෙන්නේ .ආරක්ෂක කළමනාකරු. (බ)

:       0       0

අසංක Thursday, 23 July 2015 11:57 AM

ආයතනයේ සේවකයන් නිතර ලිෆ්ට් එක භාවිත නොකිරීම තමා හොද (බ)

:       0       0

චන්න බුවනක Thursday, 23 July 2015 01:39 PM

විනෝදෙට කව්ද ලිෆ්ට් එකේ යන්නේ. මැටි කතා. විනෝදෙට යන්නේ ක්ලබ් එකට. වෙරළට. පාර්ක් එකට. (බ)

:       0       0

සිරි Thursday, 23 July 2015 06:27 PM

මෙයාව තනතුරට පත්කරනවිට සුදුසුකම් මොනවාද කියලා බලන්නේ නැතුව පත්වීම දීලා වගේ. (නි)

:       0       0

සරත් Thursday, 23 July 2015 11:03 PM

එයාගේ ගම කොහෙද දන්නේ නැහැ (නි)

:       0       0

නිලානි Friday, 24 July 2015 09:48 PM

පවු නේද? (නි)

:       0       0

පිටිගල Saturday, 25 July 2015 05:17 AM

ආරක්ෂක කළමනා කරුවෝ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට වැඩිය බලවත් අය කව්රුවත් මේ ලෝකේ නැහැ කියලා. ඊට පස්සේ අහිංසක ආරක්ෂක නිලධාරීන්ට, නියාමක වරුන්ට පෙන්නන ගෙම්බර් පාට් වලින් මෝඩකම ඉස්මතු වෙනවා. කව්රුවත් කතා නොකරන නිසා මිනිහා නැගලම යනවා. අන්තිමට බිම ම ඇන ගන්නවා. (නදී)

:       0       0

තේෂාන් Sunday, 26 July 2015 01:23 PM

මම නම් අැහුවමයි ලිෆ්ට් එකේ යන කට්ටිය යන්නේ විනෝදෙට කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site