X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 04 වන සිකුරාදා


ලූනු ඉල්ලා වඬේ මුදලාලිට යකා නැගලා

(හෙට්ටිපොළ - ධම්මිකා බාලසූරිය) 
වඩෙත් එක්ක ලූනු ඉල්ලුවාට මුදලාලිට යකා නැග පාරිභෝගිකයකුට බැණ වැදුණ කතා පුවතක් පඬුවස්නුවර ප්‍රදේශයේ පොළකින් වාර්තා විය. 


බැදපු වඬේ සමගින් කැපූ ලූනු කෑලි කිහිපයක් සහ බැදපු මිරිස් කරල් කිහිපයක් ලැබීම සාමාන්‍ය දෙයකි. නමුත් මෙම දිනවල ලූනු මිල ඉතා ඉහළ ගොස් තිබීම හේතුවෙන් වඩෙත් සමග ලූනු දීමට වඩ මුදලාලිට කිසිඳු හැකියාවක් නොතිබුණි. 


වඩයක මිල රුපියල් පහකි, දහයකි. ලූනු කිලෝවක මිල රුපියල් හාර සියයකි. රුපියල් පහක, දහයක වඩයක් සමග ලූනු පෙති කිහිපයක් දීම කිසිසේත් කළ නොහැකිය. 


පඬුවස්නුවර ප්‍රදේශයේ ඇති පුංචි පොළක වඩ ඇතුළු කෑම වර්ග විකුණන මුදලාලි කෙනෙක් විය. පොළ ආරම්භයේ සිටම වඩ මිලදී ගත් කිහිප දෙනෙකුම මුදලාලි අද ලූනු පෙති නැද්දැයි ඇසීය. 


ලූනු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා වඩ මුදලාලිට ලූනු පෙති සමග වඩ දීමට කිසිදු හැකියාවක් නොමැත. වඩ මිලදී ගත් බොහෝ දෙනෙකු ලූනු පෙති ද දමා දෙන්නැයි ඉල්ලීමෙන් වඩ මුදලාලිට යකා නැග්ගේය. ‘මම ලූනු නෙමෙයි වඩ විකුණන්නේ. කැමති නම් අරන් යනවලා නැත්තං වඩ ටික දාලා යනවලා’ යැයි මුදලාලි පාරිභෝගිකයකුට හයියෙන්ම පැවසීය. 


‘ඇයි දෙයියනේ මං ඉඩ කඩන් විකුණලා මුන්ට ලූනු කවන්න’ යැයි මුදලාලි බැන වැදුණේ පොළේ සිටි අන් අයට ද ඇසෙන පරිදි කෑ ගැසීමෙනි. 

 



අදහස් (1)

ලූනු ඉල්ලා වඬේ මුදලාලිට යකා නැගලා

Bamunuarachchi Thursday, 21 November 2019 01:41 PM

ඈ ඒ කොහෙද බොරැල්ල වඩයක් රු. 50, තවතුගොඩ උළුඳු වඩයක් රු.50 පරිප්පු වඩයක් රු. 30 යි.

:       2       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site