X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ලොක්කාගෙන් ලකුණු දාගන්න ගිහින් ගෝලයා නාගෙන ඇවිත්

ආයතන ප‍්‍රධානියාගේ වැඩි සැලකිල්ල ලබන අදහසින් වැඩිදුර නොවිමසා කි‍්‍රයා කිරීමෙන් කාගේත් හාස්‍යයට ලක්වූ වෙළෙඳ සේවකයකු පිළිබඳව පුවතක් සියනෑවේ නගරයකින් පසුගියදා වාර්තා විය.

මෙම නගරයේ පිහිටි ප‍්‍රධාන පෙළේ ආයතනයකි. මෙහි සේවා සැපයුම් දිස්ති‍්‍රක්කය පුරාම විහිදී පවතී. කාර්ය මණ්ඩලය මේ සඳහා ගමින් ගම යාම සිරිතකි. පෙරදා සවස ආයතන ප‍්‍රධානියා සේවකයකු අමැතීය. ”සිරිමල් හෙට බෝපිටි යන්න  ඕනෑ” ඔහු දැනුම් දුන්නේය. ගිරිඋල්ලේද ජාඇලද සේවකයා විමසූ විට ජාඇල බව ප‍්‍රධානියා කීය.

 පසුදා උදේ ප‍්‍රධානියා බෝපිටියට යැවිය යුතු ලිපි ලේඛන රැුසක්ද සූදානම් කරගෙන බලා සිටියේ සේවකයා එනතුරුය. නියමිත වේලාව පසුවිය. සේවකයා පැමිණියේ නෑ. මේ අතර සේවකයාගෙන් ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ආයේය.

”සර් මම බෝපිටි ආවා” ඔහු කීය.

මේ ලිපි ලේඛන අරගෙන යන්න තමුසේ කාර්යාලයට ආවේ  නැත්තේ ඇයි? ප‍්‍රශ්න කළ ප‍්‍රධානියා තමුසේ අද ඔහොමම ගෙදර යනවා. මම ඒ වැඬේ වෙන කෙනෙකු ලවා කරවා ගන්නම් යැයි කීයේ සිනහව නවතාගත නොහැකිවය.

 කෙසේ වෙතත් සේවකයා පස්වරුවේ කාර්යාලයට ආයේ ප‍්‍රධානියාගේ අණ ඉටුකළ බව කියමිනි. සර් මට කිව්වේ යන්න විතරයි. ඒ අනුම මම ගියා” යනුවෙන් සේවකයා කීවේය. මොහොතක් නිරුතතර වූ ප‍්‍රධානියා ඔහුගෙන් මෙසේ ඇසීය. මම කිව්වේ යන්න විතරයි. එන්න කීවේ නැහැ නේදැයි සේවකයාගෙන් පෙරළා ඇසීය. සේවකයාට කටඋත්තර නැතිවිය. දැන් ඔහුගේ මිතුරන් ඔහු දුටුවිට අසනුයේ ”සිරිමල් බෝපිටි ගියා වගේ” යනුවෙනි. නෑ බං මට කලින් කළුවා මාරපන ගිය බව දන්නේ නැද්දැයි සිරිමල් මිතුරන්නේ අසනුයේ මිතුරන් ”බයිට්”කරමිනි.
 



අදහස් (0)

ලොක්කාගෙන් ලකුණු දාගන්න ගිහින් ගෝලයා නාගෙන ඇවිත්

හංසිකා Monday, 07 April 2014 10:16 AM

රසවත් කතාවක්. ටිකක් හිනා වුණා. (ස)

:       0       0

අසංක Monday, 07 April 2014 10:36 AM

කළුවා මාරපන් ගියෙත් ඔහොමම තමයි. (ස)

:       0       0

තබිතා Monday, 07 April 2014 10:55 AM

කළුව මාරපන ගියා කියන කියමනින් අදහස් වන්නේ මේ වගේ සිදිදියක්මද ? දන්නා නැති නිසා අහන්නේ ? (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 07 April 2014 11:28 AM

යමක්, යම් දෙයක් හරි හැටි විස්තරාත්මකව අසා දැනගන්නේ නැතිව ක්‍රියා කිරීමේ ප්‍රතිපල. අග ,මුල නොදැන දුවනන් වාලේ දුවනවට හොඳ පාඩමක්. (ස)

:       0       0

සෙන්ජී Monday, 07 April 2014 11:31 AM

කළුවා මරපන් ගිය කතාව දන්නවා නම් මෙයා ලොක්කව අන්දලා. (ස)

:       0       0

ශාන්ති Monday, 07 April 2014 11:44 AM

එයා වැඩියෙන් ලකුණු ගන්ඩ ගිහින් නේද ?(දිල්)

:       0       0

සජී Monday, 07 April 2014 12:41 PM

අනේ පව් කොල්ලා. (ස)

:       0       0

සරත් Monday, 07 April 2014 03:07 PM

මල්ලි අපි නම් තාමත් ඔහොම තමා. ඉදල හිටලා ඔහොමත් වෙන්න ඕනෙනේ. (ස)

:       0       0

අබේසිංහ Monday, 07 April 2014 03:15 PM

රස්තියාදු ගහපු පුරුද්දක් ඇහෙම ඇති. (ස)

:       0       0

තුසිත බෝදරගම Monday, 07 April 2014 04:30 PM

ෂුවර් එකටම සිරිමල්ගේ පරණ ලව් එකක් බෝපිටියේ ඇති. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 07 April 2014 06:31 PM

ශාන්ති,මාරපන් ගිය කලුවාගේ නෑයෙක්වද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site