X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලොක්කිගෙ රතු ඉර බොක්කට වැදිලා


ඔක්කොම කුණු බේරුවල බොක්කටයි කියන කියමනට ප්‍රසිද්ධ නගරයක මෑතකාලයේ ගමේ සභිකයන් නොමැතිව ජනතාවට සේවය කරන පළාතේ රාජ්‍ය ආයතනයක පසුගිය දිනක අපූරු කාර්යයක් සිදුවී තිබිණ.


ප්‍රාදේශීය නියෝජිතයන් විසිරුන දා සිට මෙම ආයතන පාලනය කරන්නේ රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ලැබිය හැකි අයෙකි. තමන් මෙම ආයතනයේ ප්‍රධානියා වීම හේතුවෙන් නිල වාහනද නිලරියැදුරන්ද අනිකුත් පහසුකම්ද නොඅඩුව ලබාගනිමින් සේවක සේවිකාවන්ට නිරපරාදේ බැණ වදිමින් කොයි මොහොතෙත් ‘රතුකට්ට’ පන්නා ගන සිටින මේ ප්‍රධානියා තමන් සේවය කරන ආයතනයට අනුබද්ධව ඇති උප කාර්යාලවලට මහ මාර්ගයේ ගමන් කරමින් වෙනත් කටයුතුවලට යමින් එමින් මෙම කාර්යාලවලට හිටි හැටියේ කඩා පැන පරීක්ෂාකරමින් පිටස්තර මහජනතාව සිටීනම් ඔවුනට ඇසෙන සේ නොමැති වරදක් පෙන්වා සේවක සේවිකාවන්ට දොස්නගා වරින්වර පිටවයයි. 


නැවතත් දිනක කාර්යාල වේලාවට ප්‍රථම පැමිණ සේවකයන්ගේ වරදක් නොවූ බැවින් සේවකයින් කිහිප දෙනකුට පැමිණීමේ පොතෙහි රතුඉර ගසා උජාරුවෙන්  පිටව ගිය අතර ඊට දින කිහිපයකට පසුව නැවතත් රතුඉර ගැසීමේ අරමුණින් පැමිණ ඇති අතර එදා කාර්යාල සේවකයකු අපූරු වැඩක් කර තිබිණ. එනම් එදින කාර්යාල දිනයක්. මහජනයා නිරන්තර වැඩි වශයෙන් පැමිණෙන දිනයක් ද වන බැවින් රතු ඉර පැනගන එන රතු ඉර කාරියට එදින පොට වැරදුනේය. එනම් කිසියම් සේවකයකු කාර්යාල ඔරලෝසුවේ විනාඩි කිහිපයක් වෙනස් කර තමන් නොදන්නා මෙන් පාඩුවේ සිටියේය. හදිසියේ රතුඉර ගසා ප්‍රමාදවී සේවය වාර්තා කරන්නන්ට පාඩමක් උගන්වන්නම් සිතා ඒ වෙන විටත් සේවයට නොපැමිණි සියළු සේවක සේවිකාවන්ට හිතේ හැටියට රතු ඉර ගසා මදක් රැදී සිටියේ එකී සේවක සේවිකාවන්ට බැණ වැදී යන්නටය. කඩි මුඩියේ බොහෝ සේවක සේවිකාවන් පැමිණ තමන් රාජකාරියට පැමිණ අස්සන් කිරීමට බලද්දී රතු ඉර දැක ගත හැකිව මවිතය පළකරමින් ඒ ගැන විමසීය. 


“ඇයි මමයි රතු ඉර ගැහැව්වේ මොකද අද ඔක්කොම ප්‍රමාද කියා ඇසීය.” කලබල නොවූ සේවක සේවිකාවන් තමන් අත වූ ඔරලෝසුවල හෝරාව පරීක්ෂාකර බලා කාර්යාලයේ ඔරලෝසුව දිහා බලා කාරණය වටහා ගෙන රතු ඉර කාරියගෙන් ඔවුන් විමසා සිටියේ ඇයි මොකද අද ඉර පායා ඇත්තේ වෙනත් දිසාවකින්දැයි සැවොම එකවර ඇසීමෙන් තමන්ගේ වරද වටහාගත් ආයතනයට පැන රතු ඉර ගසන්නිය කාටත් නොකියා පිටව ගොස් ඇත්තේ වැරදි වෙලාවකට ප්‍රමාදය සලකුණු කර තිබීම හේතුවෙනි. එදින එසේ පිටවගිය ප්‍රධානියා කිසිම දවසක රතු ඉර ගැසීමට එම කාර්යාලවලට යළි පැමිණ නැත. 

(අලුත්ගම විශේෂ - තුසිත කුමාර ද සිල්වා)



අදහස් (0)

ලොක්කිගෙ රතු ඉර බොක්කට වැදිලා

අබය Saturday, 27 August 2016 12:17 AM

අපේ රජයේ සේවකයෝ හිතා ඉන්නේ රාජකාරියට කැමති වෙලාවක එන්න හැකිය කියායි. මහජන සේවකයන් හැටියට ඔවුන් කළ එම ක්‍රියාව සාධාරණ නොමැත. වැරැද්ද කළ සේවකයෝ තමන්ගේ ලොක්කාද රැවටිමට තැත්කිරීම රාජ්‍ය සේවය වැටී ඇති පහත්බව කියාපායි. (නි)

:       0       0

හේමන්ත Saturday, 27 August 2016 02:32 AM

අබය නිවැරැදි දේ පැහැදිලිවම කියා තිබෙනවා (නි)

:       0       0

යාපා Saturday, 27 August 2016 04:11 AM

මතක හිටින පාඩමක් උගන්වලා තියෙන්නේ (නි)

:       0       0

ටෙෂාන් Saturday, 27 August 2016 07:02 AM

මෙන්න මේ නිසා තමයි ඇඟිලි සලකුණු යන්ත්‍රයක් ගේන්න හැදුවේ, විරුද්ධ වුන එක ඇඟට හොඳ නෑ කියලා, නමුත් ඇත්ත හේතුව මේ වගේ මගෝඩි වැඩ කරන්න බැරි නිසා, මේ ළඟදි මම දැක්ක එක්තරා රාජ්‍ය ආයතනයක කට්ටිය ඇඟිල්ල ගහන්න පෝලිමේ ඉන්නවා. බල්ලදී ඇඟිලි සළකුන ගහන්න 5 වෙනකන් ඉන්නව කලින් ඇවිත්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 27 August 2016 12:51 PM

මගේ අම්මෝ මේ නෝනගේ මහත්තය කොහොම ඉන්නවද දන්නේ නැහැ ගෙදර ? (බ)

:       0       0

බමුණු Sunday, 28 August 2016 05:32 AM

මොනවා කියනවද අබය දින කීපය කට ප්‍රථම මම සේවයකළ නාරාහේන්පිට දෙපාර්තමේන්තුවේ කොළඹ අංශයට වුවමනාවකට ගියා එම අංශයේ සිටි ගැහැණු කට්ටිය කිසිම හිරිකිතයකින් තොරව සිනහවෙවී ඉන්ටෙර්නෙට් බලනවා. පිට කෙනෙක් මෙම ස්ථානයට පැමිණ සිටිනවා කියාවත් හැඟීමක් නැත. යම් නිලධාරියෙක් මොවුනට විරුද්දව ක්‍රීයා කළොත් ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා එ්වි ජනරාල් තුමාට මේගැන ක්‍රීයා කිරීමට බැරි තරමට දෙපාර්තමේන්තුව අරාජික වෙලා (බ)

:       0       0

අබේරත්න Sunday, 28 August 2016 06:16 AM

මම දැකල තියෙනවා ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල රජයේ ආයතන ,ආරෝග්‍යශාලා වැනි ස්ථාන වල සේවය ලබා ගන්නට එන ජනතාවගේ හිත සුව පිණිස රුපවාහිනී යන්ත්‍ර සවිකොට තිබෙනවා. ඒත් ලංකාවේ ගමන් බලපත්‍රය දීර්ඝ කිරීමට ගිය විට එම ආයතනයේ රුපවාහිනී යන්ත්‍ර හරවා තිබුනේ එහි වැඩ කරන සේවකයන් සඳහායි. ඔවුන් රුපවාහිනිය දිහා අවධානය යොමුකරගෙන සිටීම නිසා සේවාදායකයින් මහත් අපහසුවට පත්වී තිබුනා. මේ විහිලු වැඩ නවතා දමන්නට මොන ආණ්ඩුව ආවත් ලෙහෙසි වෙන්නේ නැහැ (බ)

:       0       0

රෝහිණී Sunday, 28 August 2016 06:44 AM

ඕවා එච්චර මහ ලොකු දේවල් නොවෙයි.ඔය ක්‍රම නැති කරන්න​. සියලුම දෙනාට පරිගණක ගත කාඩ් එකක් දුන්නාම ඉවරයි නේ. කාගෙවත් රැස් ඕනෙත් නැහැ,පරක්කුවෙලා එන්න ඕනෙත් නැහැ. මහා ලොකු වියදමක් යන ක්‍රමයක් නොවෙයි නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site