X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


වාට්ටුවේ සිටි ලෙඩා වැසිකිළියේ කරාම උස්සලා

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ග‍්‍රාමීය රෝහලකට ඇතුළත් වූ අයෙක් රාත‍්‍රි එහි සේවකයන්ට හා වාට්ටුවේ රෝගීන්ට නොදැනෙන ලෙස වාට්ටුවේ වැසිකිළිවල වටිනා ජල කරාම සොරාගෙන මල්ලක දමාගෙන සිටියදී සේවකයන්ගේ අතටම හසුවූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.

ඔහු කකුලේ තුවාලයකට නේවාසික ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලේ වාට්ටුවකට ඇතුළු වී සිට ඇත. මෙසේ වාට්ටුවේ සිටින අතරේ සියලූ දෙනා නින්දට ගිය පසු රාත‍්‍රි එහි වැසිකිළිවලට ගොස් ජල කරාම ගලවාගෙන මල්ලක දමා ගෙන තිබේ.

රෝහලේ සේවකයන් උදේ වැසිකිළිවල ජලකරාම නැති වී තිබෙනු දැක ඒ ගැන විමසිලිමත් වී සොයද්දී එදින ටිකට් කපා නිවසට යාමට සූදානම්ව සිටි රෝගී තරුණයෙක් ගැන සැක සිතී ඔහුගේ ගමන් මල්ල හොරෙන් පරීක්‍ෂා කර ඇත. නැති වූ ජලකරාම ඔහුගේ රෙදි අතරේ සඟවාගෙන තිබෙනු දැක සේවකයන් ”තමුසේ මරු මිනිහෙක්නේ? නොමිලේ දෙන බෙහෙත් ටිකත් අරන් වාට්ටුවටත් පාඩු කරලද යන්නේ. තමුසෙලට දෙන්න වෙනම දඬුවම් හදන්න  ඕනෑ” කියා පවසා රෝගියෙකු මුවාවෙන් ඇතුල් වූ සොරා අල්ලා පොලිසියට බාර දී තිබේ.

 



අදහස් (0)

වාට්ටුවේ සිටි ලෙඩා වැසිකිළියේ කරාම උස්සලා

මේනකා ලොකුපතිරණ Wednesday, 29 January 2014 01:12 AM

සංගම් ගහගන්න බලන්නේ නැතිව කතාවට අදාලව කොමන්ට් එකක් දාල නිහඩ ආශ්වාදයක් ලබමු. හැමෝම එකයි (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 February 2014 01:48 PM

---''නිදහස් සෞඛ්‍ය ''---හා නිදහස් ජල සම්පාදන උපකරණ.(නදී)

:       0       0

ලොකුගේ Saturday, 01 February 2014 05:19 AM

මෙතන සංගම් ගහන්න ඉඩ නොදීම ගැන එසැණට මගේ ප්‍රණාමය .(නදී)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 10:10 PM

නොමිලේ බෙහෙත් ටිකත් අරගෙන රෝහලේ වතුර කරාම ටිකත් හොරෙන් ගලවාගෙන යන කාලයක්. හැමෝම කියයි දිළිඳු කම එහෙමත් නැත්නම් නැතිබැරි කම කියල. (දී)

:       0       0

නිකී Thursday, 30 January 2014 10:21 PM

දැන් අමුතුම ලංකාවක් (අ)

:       0       0

චන්දි Thursday, 30 January 2014 05:58 PM

මං නම් කියන්නේ අත පය හතර හොදට තියෙන කෙනෙක් හොරකම් කරලා අහු උනොත්, දැඩි දඩුවම් දෙන්න ඕනේ නැත්නම් ආයේ ඔවැනි දේ කරන්න බැරි වෙන්න අත පය හතර කඩා දාන්න ඕනේ (අ)

:       0       0

බමුණු Thursday, 30 January 2014 06:46 AM

"ගෙදර ලමයි බඩගින්නෙද දන්නෙ කවුද." ඉතින් හලෝ බඩගින්නට කරාම කවලා හරියනවද? (නදී)

:       0       0

ශාන්ති Thursday, 30 January 2014 01:27 AM

පොඩි දෙයක් හොරකම් කලත් ලොකු දෙයක් හොරකම් කලත් හොරකම හොරකමම තමයි (දිල්)

:       0       0

මිස්බා Wednesday, 29 January 2014 10:31 PM

මේක මොකකක්ද .ඔයිට වඩා ලොකු හොරු ඉන්නේ ලොකු ලොකු තැන් වල .(අ)

:       0       0

තරිඳු Wednesday, 29 January 2014 04:19 PM

රුපිලක් හොරකම් කලත් රුපියල් කෝටියක් හොරකම් කලත් හොරකමට ලැබෙන්නේ එකම විපාකයම තමයි (අ)

:       0       0

නැනී Wednesday, 29 January 2014 12:17 PM

නිලූ ඔබ බොහෝ දුරට හරි. මට මේ සිදුවීම දුටුවම හරි කනගාටුවක් මගේ රට ගැන ඇති උනා. කරාමයක් හොරකම් කරන්නේ ප්‍රාඩෝ ගන්න නෙවෙයි. ඔය ප්‍රාඩෝ වල යන අය ගෙන්නපු කුඩු ගන්නත් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් සුළු හොරා මාට්ටු. මහා හොරු නිදැල්ලේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 29 January 2014 09:28 AM

අනේ මන්දා සුසන්ත කවදා හැදෙයිද කියලා. ඔයාල වගේ අයට නහය ලඟින් වතුර යනකන් තේරෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර තියන දේවල් දැන් දෙන්නකෝ ඔච්චර හිතට දුක නම්.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 29 January 2014 02:43 AM

විදුර, මෙවැනි වරදකට ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනානම්, මහා පරිමානෙන් රටේ සම්පත් ගසාකන ලොකු අයට මොකද්ද දෙන දඬුවම.(නදී)

:       0       0

විදුර Tuesday, 28 January 2014 09:55 AM

මෙහෙම මිනිස්සුන්ව නම් ඇත්තටම ජීවිතාන්තය තෙක්ම හිරේ දාන්න ඕනා. (නදී)

:       0       0

ලොකුගේ Wednesday, 29 January 2014 01:12 AM

ලෙඩාව කවුරුත් සැක කරන්නේ නැහැ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 29 January 2014 12:58 AM

හොරකම අනුමත කරනවා නෙමේ.ඔය ලොකු අය කරන හොරකන් කොටි ගනන් වලින් ඒවා හොයලා එදා වේල මේවගේ දෙයින් හොයන අයට සහනයක් දුනොත් නරකද.කරාමේ වීකුණලා ප්‍රාඩෝ ගන්න බැනේ.සමහර විට ඇත්ත කතාව දඩුවන් දෙන්න කියන අයගේ ඇස් වලට කදුලක් එක් කරන්න පුලුවන්.මොකද හැම දේකම දෙපැත්තක් තිබෙන නිසා. (දී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 28 January 2014 08:32 PM

සුසන්ත මහත්තයෝ ,ගෙදර ළමයි බඩගින්නේ කියලා රෝහලේ වාට්ටුවේ කරාම ගලවන් ගියාම හරියනවද ?''.(අ)

:       0       0

චන්දි Tuesday, 28 January 2014 05:43 PM

ප්‍රදීපා, ඔයා හරි, මට හිතුනෙත් ඒ ටිකම තමා.., මේවට කියන්න දේ හිතට එන්නේ නැහැ, ජම්මෙට වඩා ලොකුයිලු පුරුද්ද.(නදී)

:       0       0

සුසන්ත Tuesday, 28 January 2014 04:21 PM

කරපු වෑඩේ වැරදි තමයි. ලංකාවෙ ඉන්න හොරු දිහා බලපුවාම මේකා අහිංසකයෙක්. (නදී)

:       0       0

අසාද් Tuesday, 28 January 2014 03:58 PM

සංවර්ධනය මුවාවෙන් කරන සුපිරි හොරකම්වලටත් මේ වගේම ප්‍රචාරයක් දෙන්න.(නදී)

:       0       0

පද්මේ Tuesday, 28 January 2014 03:36 PM

ප්‍රදීපා, නියම ප්‍රතිචාරය. මටත් ඕකමයි කියවපු ගමන් හිතුනේ.(නදී)

:       0       0

සුසන්ත Tuesday, 28 January 2014 02:49 PM

ගෙදර ලමයි බඩගින්නෙද දන්නෙ කවුද. (නදී)

:       0       0

ප්‍රදීපා Tuesday, 28 January 2014 02:28 PM

මේ වගේ අවස්ථාවකට තමයි හොඳට ගැලපෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ " සොර දෙටුවෙක්, කස තැලුම් කක...දන්ගෙඩියට ගෙන යන ගමනේ....වදක බෙරේ දැක, සොරාගන්න එය කදිමයි ලොබ සිතුවාලු....කදිමයි ලොබ සිතුවාලු.....අනේ මෙහෙම තණ්හාවක්....අනේ මෙහෙම ආශාවක්.....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්......" (නදී)

:       0       0

ශාන්ති Tuesday, 28 January 2014 12:33 PM

මේ වගේ නොහොබිනා වැඩ නැවත නොකරන්න හොද දඩුවමක් දෙන්ඩ ඕනි නිකන් දෙන බෙහෙත් ටිකටත් පව් (දිල්)

:       0       0

සෙලිනා Tuesday, 28 January 2014 12:09 PM

මෙන්න අලුත්ම ජාතියේ හොරකම් කිරීමේ ක්‍රමයක්. හෙට අනිද්දා වන විට රට පුරා මේ ක්‍රමය ක්‍රියාත්මක වෙයි. දෙන්න තිබුනේ කැඩුම් බිදුම් වෙදෙක් ගාවට යන්න.(නදී)

:       0       0

ජනත Tuesday, 28 January 2014 10:49 AM

මෙහෙමත් මිනිස්සු . ලෝකේ අපේ රටේ විතරයි නොමිලේ බෙහෙත් ටික දෙන්නේ. ඒකත් අරගෙන කරන ජරා වැඩ තරනවට සමාවක් දෙන්නම එපා. ඉන්දියාවේ ඉගෙන ගන්නත් ලක්ෂ ගණන් සල්ලි ඕනේ බෙහෙත් වලටත් සල්ලි ඕනේ මේ අය ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site