(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
ලොතරැයි වාසනාවක් පස්සේ ගිහින් අතේ තිබුණ මුදලත් නැති කර ගත්තු පුවතක් පසුගියදා දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
බොහෝ අගහිඟකම් මැද්දේ ජීවත්වෙන මෙම පවුලේ සාමාජිකයන් සියලූම දෙනා විවිධ රැකියාවල නිරත වුණේ ජීවත්වීමේ සටන ජයගන්නටයි. ඒත් එය එතරම් පහසු නොවුණේ ඔවුන්ට හැමදාම රැුකියාව නොතිබුණ නිසාත් ඒ නිසාම ආදායමක් නොලැබුන නිසාත් බවයි වාර්තා වුණේ.
මේ පවුලේ තරුණියක් ටිකක් දුරින් පිහිටි ඇඟලූම් කම්හලක සේවය කළ අතර ඇගේ නමින් තැපෑලෙන් ආ ලියුමක සඳහන් වී ඇත්තේ ලොතරැුයි දිනුමක් ඇදී ඇති බවත් එය ලබා ගැනීමට බදු ලෙස රුපියල් 10,000 ක් රැගෙන කොළඹට එන ලෙසයි.
එදිනම සියලූම වැඩ නවතා රැකියාවෙන් නිවාඩුවක් ගෙන ණයට මුදලූත් සොයාගෙන මව, පියා හා එම තරුණියත් සමඟ ත්‍රිරෝද රථයක් කුලියට ගෙන කොළඹ ගොස් එම ලිපියේ සඳහන් දුරකතන අංකයකට කතා කළත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා බොහෝ රස්තියාදු වී ගෙදර ඇවිත් තියෙන්නේ ලැබෙන මුදලක් බලාපොරොත්තුවෙන් ගොස් තවත් ලොකු මුදලක් ණය වීමෙන් බවයි වාර්තා වුණේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාසනාව හොයා ගිහින් මුදලත් නැතිවෙලා
රෙජි-සිඩ්නි Thursday, 16 July 2015 02:10 AM
අම්මයි තාත්තයි දුවයි ටිකක් මෝඩයි. ටිකක් හොයල බලල වැඩ කළා නම් ඔය වගේ දෙයක් සිදු වන්නේ නැහැනේ. අනික කොයි රටේද දිනුව ලොතරැයියට බදු ගෙවන්න කියන්නේ. ඔතනින් බේරුනා ඇති. (ස)
මලිත් Thursday, 16 July 2015 03:42 AM
රෙජි, ඔයා දන්නේ නැද්ද අපේ රටේ ලොතරැයියට බදු ගෙවන්න වෙනවා කියලා. ලක්ෂයක් අැදුනොත් හම්බවෙන්නේ ඊට අඩුවෙන්. 10% වගේ ගන්නවා බදු කියලා. (ස)
සංජය Thursday, 16 July 2015 04:39 AM
කොළඹ ගියේ අාය ත්‍රීවිල් එකකකින්? (බ)
ඉනෝකා Thursday, 16 July 2015 05:04 AM
අපි ඉන්න රටවළත් මෙවැනි ලිපි ඕනේ තරම් තැපෑලෙන් එවනවා.අපි නම් කෙලින්ම කුණු කුඩයට තමයි දාන්නේ. තවද දුරකථනයෙන් එන ඇමතුන් වල කෙළවරක් නැහැ. (ම)
සම්පත් Thursday, 16 July 2015 05:19 AM
අනේ මටත් මෙහෙම ලියුමක් එවන්නකො මම එන්නම් 10000ක් අරන් (බ)
සුබෝදිනි Thursday, 16 July 2015 05:29 AM
වතුරට වැටුන මිනිහා බලන්නේ,අතට අහුවෙන පිදුරු කෑල්ලකින් හරි ගොඩට එන්න.දරිද්‍රතාවයෙන් පෙළෙන මෙවැනි දුප්පත් මිනිසුන්ට මෙවැනි ලිපියක් ගැන සොයා බැලීමට තරම් නිනව්වක් නැති වෙන්නට ඇති.පව් අසරණයෝ . (ස)
සෙලන්සියුස් Thursday, 16 July 2015 05:37 AM
මෝඩ කම නේ. දුරකතනයෙන් කතා කරන්න තිබුනේ යන්න කලින්. (නදී)
පිටබැද්දර ජයා Thursday, 16 July 2015 05:39 AM
ගමන් වියදම් හැරුනම රු 10000 ඉතුරු කර ගත්ත එකත් මදැයි ?මට ලිපියක් ලැබුන ඉංගිරිසියෙන් ඩොලර් මිලියන ගානක අන්තිම කැමැත්ත මගේ නමට තියෙනවා කියල ග්‍රීසියෙන්. බලපු ගමන් ලිපිය අල්ලලා විසිකළා අපිට කවුද අනේ අන්තිම කැමති ලියන්න ඉන්නේ ? මේ වගේ මෝඩ වැඩ වලට අහු නොවී ඉන්න පුලුවන්නම් වාසි ගොඩයි (නදී)
සඳුන් Thursday, 16 July 2015 09:14 PM
රෙජි-සිඩ්නි, ලංකාවෙයි, ඕස්ට්‍රේලියාවෙයි ලොතරැයි දිනුම් වලට බදු නැහැ. ඇමරිකාවේ එහෙම බදු ගන්නවා. තවත් වෙනස් රටවල් ඇති. මිනිස්සු දැනුවත් කිරීම තමයි මේ සියලු ප්‍රශ්න වලට විසඳුම. (නි)
ටෙන්සිල් Friday, 17 July 2015 01:04 AM
හිඟන්නාගේ පාත්තරේටම තමයි හෙණහුරා වැටෙන්නෙත් (නි)
සුසීමා Saturday, 18 July 2015 09:46 AM
ඇත්තටම පිස්සු පවුලක් (නදී)
කිං කැකිල්ලේ Sunday, 19 July 2015 06:56 AM
බඩු තිබුණත් ඒ මුදල ලොතරැයියෙන් අඩු කරන්නේ (ම)