(බලන්ගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ සහ රාස්සගල - සම්පත් ප්‍රියනන්දන)
බළන්ගොඩ ප්‍රදේශයේ තරුණයකුගේ පුරුද්දක් වූයේ නගරයේ වෙළඳ සලකින් දිනපතාම ලොතරැයි ටිකට්පත් අටක් මිලදී ගැනීමය. ටිකට් පත් මිලදී ගැනීමෙන් අනතුරුව පසු දින වෙළඳ සලට පැමිණ දිනුම් ඇද්දැයි පරීක්ෂා කිරීම ඔහුගේ සිරිතකි.
ඇතැම් විට එම ටිකට්පත්වලට සුළු සුළු දිනුම් අවස්ථා තිබිණි. ඔහු ටිකට්පත් අටක් මිලදී ගත්ත ද දිනුම් ඇද්දැයි පරීක්ෂා කරන විට ඔහු අත ලොතරැයි පත් දහයක් දොළහක් තිබේ. මෙය වෙළඳ සල් හිමියාට ගැටලුවකි. ඔහු දිනක් තම හිතවතෙකුගේ වීඩියෝ කැමරාවක් ඉල්ලාගෙන තරුණයා ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන අවස්ථාවේ කැමරාව ඔහු දෙසට හරවා හොර රහසේ ක්‍රියාත්මක කළේය. ලොතරැයි ගැණුම්කරු වෙළඳ පොළෙන් පිටව ගිය පසු කැමරාවේ වීඩියෝ සටහන් පරීක්ෂා කර බැලුවේය.
කැමරාවේ සටහන්ව තිබුණේ තරුණයා මිලදී ගන්නා ටිකට්පත් අටට අමතරව හොර රහසේ තවත් ටිකට්පත් කිහිපයක් සාක්කුවට දමා ගන්නා අයුරුය. පසුදා තරුණයා වෙළඳ සලට පැමිණි පසු ඔහුට වීඩියෝව පෙන්නුවේය. තරුණයාට තරු විසිවිණි. මට සමාවෙන්න මුදලාලි. මම ආයෙ එහෙම හොරකම් කරන්නේ නැහැ. ඔහු බැගෑපත් විය. හරි කමක් නැහැ තරුණයෙකු නිසාත් සමාව ගත්ත නිසාත් මම පොලිසියට මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. හැබැයි මට වෙච්ච පාඩුව වෙනුවෙන් රුපියල් දසදහසක් ඕනි. කොච්චර ටිකට්පත් හොරකම් කළා ද කියලා මම දන්නෙත් නැහැනෙ.
මුදලාලි දැන් මගේ අතේ දසදහසක් නෑනෙ. හෙට කොහොම හරි ගෙනත් දෙන්නම් කියා වෙළඳ සලෙන් පිටව ගිය අතර පසු දින උදෑසනම මුදලාලිට අලුත්ම දහසේ කොළවලින් රුපියල් දසදහසක් ලබා දීමට තරුණයා කටයුතු කළේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාසනාව හොරෙන් උස්සලා අන්තිමේ දහදාහක් අතින් ගෙවලා