(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගුණගරුක යහපත් පවුල් දිවියක් ගත කරන පරසිදු තරුණ ව්‍යාපාරිකයකුගේ සැඟවුණු ජීවිතය කොරෝනා වයිරස් නසන එන්නත ලබාගැනීමට ගිය අවස්ථාවේ පවුලේ හිතවත් වෛද්‍යවරයාගේ අතට අසුවූ පුවතක් අගනුවරට නුදුරු රෝහලකින් පසුගියදා අසන්නට ලැබිණි.
අසන්නට ලැබෙන ආකාරයට සිද්ධිය මෙසේය.
කොළොම්පුරයේ හිත හොඳ ව්‍යාපාරිකයෙකි. පවුල් ජීවිතය ද හොඳින් ගත කරන හෙයින් හිත මිත්‍රාදීන්ගේ කාගේත් ගෞරවයට පාත්‍රවූවෙකි. අධ්‍යාපනය ලැබූ පාසලට ලැදි නිසාම ආදිසිසුන් අතර ඉතාම ජනප්‍රිය සියලු යහළුවන්ගේ දුක සැප සොයා බලන සත්පුරුෂයෙකි. ඉහළ තලයේ නිලදරුවන් ද ඔහු හොඳින් හඳුනන අතර ඒ කාගේත් සහාය නොමඳව ලබා ගැනීමට හැකියාවක් ඔහුට තිබුණේය.
කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වත්ම එය වැළැක්වීමට එන්නත්කරණය ද ආරම්භ විය. ව්‍යාපාර කටයුතුවලට නිතර සමාජයේ ගැවසීමට සිදුවන නිසා හැකි ඉක්මණින් එන්නත් ලබාගත යුතු බව තේරුම් ගත් මෙම ව්‍යාපාරිකයා ආරක්ෂාකාරී හා ඉක්මන් ක්‍රමයක් කල්පනා කළේය. ඔහුගේ සිහියට ආවේ තමන්ට සිටින හොඳම යාළු ජීවකයා ගැනය. මේ කියන ජීවකයා ද යාළු රැලට පපුව වුවත් දෙන්න සූදානමින් සිටින්නෙකි. යාළු රැලට හොඳ සම්පතකි.
ඔහු පසුගිය දිනක යහළු ජීවකයා අමතා ඉල්ලීමක් කළේය. “මචං මට කොරෝනා එන්නත ගන්න ඕනෑ. උඹ මචං අපිට මහා සම්පතක්නේ. මටත් නෝනාටත් කොරෝනා එන්නත ගන්න ක්‍රමයක් හදා දීපන්.” යහළු ජීවකයාට කියා සිටියේය.
යහළුවා කළ ඉල්ලීම අහක දමන්නට බැරි නිසාම මේ ජීවකයා දිනයක් දන්වා උදේම පැමිණෙන ලෙසට ඉල්ලා සිටියේය.
ඒ අනුව මේ මිතුරු ව්‍යාපාරිකයා නෝනා සමග උදෙන්ම එන්නත ලබාගැනීමට එන බව දැන්වීය. යහළු ජීවකයා ද මිත්‍රයා එනතෙක් බලා සිටියේය. පවුලේ සියලු දෙනා දන්නා හඳුනන මෙම ජීවකයා ව්‍යාපාරික මිත්‍රයා දුටුවත් ඔහුගේ බිරිඳ දක්නට නොවූවාය.
මිත්‍රයා සමග සිටි කාන්තාව ඔහුගේ බිරිය නොවන බව වෛද්‍යවරයාට පෙනී ගියේය. “කෝ නෝනා ආවේ නැතිද?” ඔහු මිතුරාගෙන් ඇසීය. “උඹ කලබල වෙන්න එපා. මෙයාට වැක්සින් එක දීපන්කෝ.” ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නේය.
නිහඬවම මිතුරාගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටුකර පිටත් කර හැරියේ තව තවත් ප්‍රශ්න කළොත් ඔහු අමාරුවේ වැටෙන බව වෛද්‍යවරයාට හැඟී ගිය හෙයිනි.
දින දෙක තුනක් ගතවිය. නොදන්වාම මෙම ව්‍යාපාරිකයා වෛද්‍යවරයා හමුවීමට රෝහලට ආවේ විවාහක බිරිය සමගය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇයට ද එන්නත ලබාදී රහස එළිවෙන්නට ඉඩ නොදී දෙදෙනාම පිටත් කර යැව්වේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැක්සින් එකට නෝනා වෙනුවට වෙනත් නෝනා කෙනෙක් ගෙනත්