(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොලොම්පුරය බලා ගමන් ගත් බස් රියකි. ජැන්ඩියට ඇඳ පැළඳගත් තරුණ වියේ පසුවන පුද්ගලයකු බසයට නැගුනේ කොළඹින් සැතපුම් විස්සක් පමන දුර නගරයකදීය. මුව ආවරණ දෙකක් පැළඳ මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වැස්මක්ද පැළඳගෙන සිටියේ අද රටේ පවත්නා තත්ත්වයෙන් ආරක්ෂා වනු පිණිසය.
සීතලයට පළඳින තොප්පියකින්ද හිස වසා සිටි ඔහුගේ දෑස පමණක් පෙනෙන්නට තිබිණි. ඔහු වාඩිවුණේ තවකකු හා සිටි අසුනකය. ඊළඟ නැවතුමේදී ඉදිරි ආසනයේ සිටි මගියා බසයෙන් බසින්නට සැරසෙනු දුටු තරුණයා ඒ ආසනයට යාමට පියවර නැගීය.
ඒ අවස්ථාවේදී බසයට නැගුනු තරුණියකි. ඇය පා පුවරුවෙන් ඉහළට ආවා පමණි. බසය ගමන් කරන්නට වූයේය. එක්වරම ඇතිවූ ගැස්ම නිසා දෙදෙනාම එකිනෙකාට හැප්පුනේය. තරුණිය එම පුද්ගලයාට නෝක්කාඩු කීවාය.
අසුනක වාඩිවීමෙන් පසුවද ඇගේ කට නතර නොවිණි. බසයේ සෙසු මගීන් තරුණයා වරදක් නොකළ බව පැහැදිලිවම දුටු නිසා කිසිවෙකු ඇගේ සහායට ආයේද නැත.
තරුණිය පුපුරු ගසද්දී තරුණයා නිහඬව අසුනට බරවිය. ඔහු කිසිවෙකුට ඇමතුමක් ගනු දක්නට ලැබිණි. මේ සමගම තරුණියගේ දුරකතනයද හැඬවිණි. අනේ ඇත්තද අක්කේ, මම දැනගෙන හිටියේ නැහැනේ. මට අඳුනගන්න බැරිවුණා යී කී තරුණිය ඇමතුම අවසන් කරන්නට පෙරාතුමව නැගිට තරුණයා සිටි අසුන කරා ගමන් කළේ යුහුසුලුවය.
අනේ අයියේ මට සමාවෙන්න. මට අඳුරගන්න බැරිවුණා ඇය කීවාය. අනතුරුව දෙදෙනා කතා බහෙන් යුතුව ගමන යනු දක්නට ලැබිණි. තරුණියට උදව් කළ පුද්ගලයා ඇගේ ඥාති සොහොයුරියකගේ සැමියා බව පසුව කළ සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැටෙන්න යද්දී ඇල්ලුවාට දෝස්මුරයක් දමා සමාවත් අරන්