X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


වැඩට ආ බාස්ලගෙන් වැඩියෙන් වැඩගන්න නිවුණ තේ දුන්නාට පාඩමක්

තේ පානය කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම සඳහා සිය නිවසේ වැඩට ආ පෙදරේරුවන්ට හා ගෝලයන්ට තේ නිවා පානය කිරීමට දුන් ගෙහිමි කාන්තාවක් පිළිබඳව දකුණේ ගමකින් වාර්තාවේ. සිය නිවෙස වටේ ආරක්ෂක තාප්පය බැඳීමට පෙදරේරුවන් දෙදෙනකුට හා ගෝලයන් දෙදෙනකුට බාරදෙනු ලැබිණි. උදේ දහයට හා සවස තුනට තේ සැපයූවේ මේ නිවසෙනි. වැඩට එන පෙදරේරුවන් දෙදෙනාට හා ගෝලයන් දෙදෙනාට සැමදාම ලැබෙන්නේ ඇල්වතුර ගානට නිවුන තේ කෝප්පයකි. දවසක් දෙකක් මේ අය ගෙහිමි කාන්තාවට මුවින් නොබැන තේ පානය කළේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි. මෙය ඉවසා බැරිම පෙදරේරුවන් හා ගෝලයන් ”අනේ නෝනා අපිට හැමදාම මේ නිවුණු තේ බොන්න බැහැ. අපි කඬේට ගිහිල්ලා තේ බොන්නම්” කී විට නෝනට නොදැනුවත්වම නෝනාගේ කටින් මෙයට හේතුව කියවුණා නොව පැන්නාය. ”මම ඔයගොල්ලන්ට තේ දෙන්නේ තේ නිවලා. එතකොට තේ බොන වෙලාව අඩුකරගෙන ඒ කාලයෙන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්” යයි ඇය කීවට ඔවුනට මේ පිළිබඳව රහස හෙළි විය. ඊට පසු හැමදාම උණු තේ ලැබුණ නමුත් තමන් ගොනාට අන්දන්න සැරසුණු නෝනාට හොඳ පාඩමක් උගන්වන්න  ඕනැ යයි සිතා ඔවුහු දවසේ පැයක් පැය භාගයක් වැඩ අත ගාමින් සිටියහ.



අදහස් (0)

වැඩට ආ බාස්ලගෙන් වැඩියෙන් වැඩගන්න නිවුණ තේ දුන්නාට පාඩමක්

ප්‍රභාත් Wednesday, 05 September 2012 07:05 PM

වැඩ ගන්නවා වගේම ඒ අයට හොදට සළකන්නත් ඕනෑ. (නි)

:       0       0

වෙනුර Monday, 10 September 2012 06:06 PM

දවස් දෙකක් බලන් හිටියේ ඇයි (දී)

:       0       0

මාටින් Monday, 10 September 2012 04:25 PM

ඇති ඔය කාන්තාව නිවිච්ච තේ දීලා බේරුනා...(ස)

:       0       0

සමන් Sunday, 09 September 2012 07:34 PM

ඒවා හොද වැඩ. (නි)

:       0       0

සංජු Saturday, 08 September 2012 09:45 AM

අපිත් ගෙවල් හැදුවේ ඔය ව‍ගේ මිනිස්සු එක්ක, කියලා වැඩක් නෑ‍‍...(ස)

:       0       0

ලලිතා Saturday, 08 September 2012 07:23 AM

තේබොන වෙලාව කියන්නේ වැඩ කරන අයට විවේකයක් ලැබෙන වේලාව! ඒවා නැතිකරන එක අමනුස්ස කමක්.(නු)

:       0       0

සුජීව Friday, 07 September 2012 06:35 PM

කන බොන දේට එහෙම කරන එක වැරදියි. (නි)

:       0       0

ශින Friday, 07 September 2012 02:42 PM

නියම කතාව නියම වැඩේ (දී)

:       0       0

බසුර Friday, 07 September 2012 11:24 AM

අනේ මන්දා

:       0       0

සම්පත් Thursday, 06 September 2012 06:42 PM

බාසුන්නැහේ උනත් මනුශ්වයෙක්.. කන බොන දේට එහෙම කරන එක වැරදියි...!! තමන් යටතේ වැඩකරන සේවකයකටු හොදට සළකනවා නම් ඒ සේවකයොත් තමන් කරන වැඩේ ඉක්මනට මෙන්ම නිසියාකාරයෙන් කරනවා.. මෙතන කාන්තාව හරිම වැරදියි..!!(නු)

:       0       0

සරසි Thursday, 06 September 2012 03:31 PM

තේ නිවන්න,දැන් ඉන්න සමහර බාස්ලා ඇල්වතුරත් නිවලා බොන්නේ..(ස)

:       0       0

රණසිංහ Thursday, 06 September 2012 02:18 PM

ලංකාවේ බාස්ලනම් වැඩ අතගානවා .හොරට වැඩ කරනවා විතරක් නෙමෙයි වැලි, සිමෙන්ති නාස්ති කරනවා ..පාඩුව අයිතිකරුවන්‍‍ට නේද ?? (ස)

:       0       0

හරින් Thursday, 06 September 2012 09:19 AM

අතේ ඇගිලි පහම එක සමාන‍ නොවේ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 September 2012 03:37 AM

මෙහෙමත් විකාර! (නි)

:       0       0

රුවන් Wednesday, 05 September 2012 08:19 PM

මම බාස් උන්නැහේ නම් තේ එක ඔය ස්ත්‍රී පරාණෙගේ ඔළුවේ ගහල යනවා යන්න. මනුස්සකම නොදන්න කුහක, අධම කතක්. (නි)

:       0       0

චමින්ද Wednesday, 05 September 2012 07:54 PM

හැම බාස් කෙනෙක්ම එකයි. නිකන් කාලේ කනවා. (නි)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 05 September 2012 10:54 AM

උණූ හෝ නොවුණූ මොනවා දුන්නත් කොන්ත්‍රාත් දුන්නා නම් වැඩේ සතියෙන් ඉවරයි. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 05 September 2012 04:36 PM

දවස් පඩි ගෙවන්න එපා. කොන්ත්‍රාත් දෙන්න. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 September 2012 03:45 PM

අපිට මෙහෙම බාස්ලා හම්බ වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සේනානායක Wednesday, 05 September 2012 03:38 PM

බාස්ලා කොහොමත් මකබාස් වැඩ කරනවා තමයි...(ස)

:       0       0

ශාෆික් Wednesday, 05 September 2012 03:04 PM

මොහොමඩ් සහ තිලත් ඔබලා හරි‍‍...(ස)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 03:03 PM

අපිටත් පිස්සු වගේ මෙහෙම කතා ඇහෙද්දී (නි)

:       0       0

රිශාඩ් Wednesday, 05 September 2012 02:42 PM

වෙලාව ඉතුරුකර ගන්න ලැබුණේ නිවුණු තේ එක ටිකක් වෙලා අරන් උණු කරලා බිව්වනම් පහුවෙනිදට උණු උණු තේ ලැබෙයි...(ස)

:       0       0

මොහොමඩ් - බේරුවල Wednesday, 05 September 2012 02:11 PM

මෙහි වෙලා තිබෙන්නේ කාලය, මුදල් හා ශ්‍රමය අපතේ හැරීම පමණක් නොව තමන්ට පවකුත් එකතුකර ගැනීමකි. වැඩේ භාරගන්න වේලාවෙහිම තේ පානය සදහා විනාඩි 10 ක් උදේ සවස අවශ්‍ය බවත් දිවා ආහාරය සදහා පැයක් අවශ්‍ය බවත් අයිතිකරුට පවසා සිටියහොත් ‍ගැටළුවක් මතුවන්නේ නැහ. මුලින් ගිවිස ගන්න ඕනෑයි කියන්නේ මේවා නොවෙන්න තමයි. කුමන රැකියාවක් වුවත් තමන්ගේ රැකියාව හරියට, පිළිවෙලකට, සාධාරණව කරන්න ඕනෑ. නැත්නම් එහි ලැබෙන මුදල්වල වටිනාකමට සරිලන ඵල අපට ලැබෙන්නේ නැහැ. එය එවැනි රැකියාවල නිරත වූ අය තමන්ගේ මුදල්වලට සිදුවූ දේ පිළිබද සොයා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 01:29 PM

තේ හින්දා‍‍ මේ කාලය අපතේ‍‍‍‍....(ස)

:       0       0

නවීන් Wednesday, 05 September 2012 01:19 PM

හොදම වැඩේ. (නි)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 01:21 PM

දැන් කාලේ බාස්ලා එක්ක වැඩකරන්න ගිහාම මිනිස්සුන්ට එපා වෙනවා....මා දකින්නේ මෙහෙම කරපු එක සාධාරණයි..(ස)

:       0       0

තරුෂ Wednesday, 05 September 2012 12:35 PM

දෙගොල්ලම වැරදි නෑ මේ විෂම චක්‍රය තුල අප සියල්ලන්ම සිරවෙලා හැල්මේ දුවනව මෙයට විසඳුම් සෙවීම හෝ ඉන් මිදිය යුතුය කියන හැඟීමක් හෝ කිසිවකුට නෑ ඌ මට ගහනව මට ඌට ගහනව වගේ අන්තිමට තමන්ටම ආ පිට වෙන බව කවුරුත් දන්නෑ (ස)

:       0       0

රාජා Wednesday, 05 September 2012 11:56 AM

මොලේ උඩ ඉදගන්න අය කරන වැඩ.(ස)

:       0       0

මේරි Wednesday, 05 September 2012 11:24 AM

තේ කෝප්පයටත් ලෝබ මිනිස්සු ඉන්න රටක් ,බාස් කර වැඩේනම් ගොඩක් හොඳයි‍‍‍...(ස)

:       0       0

බෙනට් Wednesday, 05 September 2012 11:30 AM

4 දෙනෙක් එකතු වෙලත් තාප්පේ බඳින්න කල්පයක් ගිහින් වගේ .... මට පෙන්නේ නෝනට හම්බුවෙලා තියෙන්නේ බාස්ල නෙමෙයි මකබාස්ල 4 දෙනෙක් වගේ ....රටේ සියලු දෙනාගේ කාර්යක්ෂමතාවයේ තරම තමයි මේ පෙන්නුම් කරන්නේ ...(ස)

:       0       0

තිලක් Wednesday, 05 September 2012 10:54 AM

කොහොමත් වැඩ අතගාමින් ඉන්න අය තමයි වැඩි. ඔය මිනිස්සුම වැඩ කරන හැටි බලන්න කොන්තාත් ක්‍රමයට දීල බලන්න ඕනේ. එතකොට තේ බොන්නෙත් නෑ. හිටගෙනම වතුර බෝතලේ කටට හලාගෙන වැඩ. අපේ මිනිස්සු ප්‍රොඩක්ටිවිටි කියන එක දන්නෙම නෑ. තමන් කාර්යක්ෂමව වැඩ කිරීමෙන් ගොඩ නගන්නේ තමන්ගේම රටේ නිෂ්පාදන පරිමාව කියල කම්කරුවෙක් තියා උගත් කියන රජයේ සේවකයෝවත් දන්නේ නෑ වගේ. මගේ ගාවට එන කම්කරුවා ප්‍රමාණවත් වැඩ ප්‍රමාණයක් නොකලොත් බංකොලොත් වෙන්නේ මම විතරද ? නෑ ඔහුත් බංකොලොත් වෙනවා රටත් බංකොලොත් වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site